The title of the page
Hawkeye Sinhala Subtitles
Hawkeye Sinhala Subtitles
8.9
88
97

Hawkeye (2021) S01E01 Sinhala Subtitles | “කිසිදා ඔබේ වීරයන් හමුනොවන්න..!!” | සිංහල උපසිරැසි සමඟ

(Hawkeye (2021) S01E01 Sinhala Subtitles) (Hawkeye 2021 S01 Sinhala Subtitles)

ඔයාලා හැමෝටම සුබ දවසක්!

Hawkeye (2021) කියන්නෙ Jonathan Igla විසින් Disney+ නාලිකාවේ streaming කිරීම සඳහා නිර්මාණය කරපු Marvel Studios ලගේ අලුත්ම TV Series එක​. මේකට පාදක වෙලා තියෙන්නෙ Marvel Comics වල එන Clint Barton / Hawkeye චරිතය සහ Kate Bishop / Hawkeye චරිතයයි. මේක Marvel Studios ලා විසින් නිෂ්පාදනය කරන මාවල් සිනමා විශ්වයේ (MCU), පස්වෙනි TV Series එක විදිහටයි නිර්මාණය වෙන්නෙ. Avengers: Endgame (2019) Film එකේ සිදුවීම්වලින් පස්සෙ සිදුවුණු කතාවක් තමයි මේ TV Series එක පුරාවට අපිට දැකගැනීමට ලැබෙන්නෙ. Igla මේකෙ ප්‍රධාන තිර​ රචකයා විදිහට ක්‍රියා කරන අතර Rhys Thomas අධ්‍යක්ෂක කණ්ඩායම මෙහෙයවනු ලබනවා. Film Series එකේදි වගේම Jeremy Renner මේකෙදිත් Clint Barton ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. MCU එකේ අලුත්ම චරිතය Kate Bishop ගේ චරිතයට Hailee Steinfeld රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Vera Farmiga, Fra Fee, Tony Dalton, Zahn McClarnon, Brian d’Arcy James, සහ Alaqua Cox යන අයත් නළු නිළි කැලට​ එකතු වෙනවා.

Marvel Studios ලා Disney+ නාලිකාව වෙනුවෙන් Hawkeye ව පාදක කරගෙන Mini Series එක නිෂ්පාදනය කරන්න පටන් ගන්නෙ 2019 අප්‍රේල්වල. Renner වත් හවුල් කරගෙන ඒ ජූලි මාසයේම Series එක ඔවුන් නිල වශයෙන් ප්‍රචාරය කරනවා. Igla සැප්තැම්බර්වලදි සම්බන්ධ වෙනවා. ඒ වෙනකොට Steinfeld නිල නොලත් විදිහට Kate Bishop ගේ චරිතයට එකතු කරගෙන තිබුණා. Thomas සහ Bert & Bertie, 2020 ජූලිවලදි අධ්‍යක්ෂකවරුන් විදිහට සම්බන්ධ වෙනවා. රූගත කිරීම් New York වලදි ආරම්භ වෙන්නෙත් ඒ දෙසැම්බර්වලමයි. Steinfeld සහ අමතර නළු නිළියන්ව ස්ථීර කරගෙන 2021 අප්‍රේල්වලදි සියළුම නිෂ්පාදන කටයුතු අවසන් වෙනවා. මීට අමතරව, Atlanta වලදි​ සහ Georgia වලදි අමතර රූගත කිරීම් සිදු කර තිබෙනවා.

Matt Fraction ගේ Hawkeye comic වල එන​ කතාව මේ Series එකේ කතාවට ලොකු දායකත්වයක් වෙලා තියෙනවා. Hawkeye වල පළවෙනි කොටස් දෙක 2021 නොවැම්බර් මාසයේ 24 විකාශය වුණා. මේ Series එක කොටස් 06 කින් සමන්විතයි. මේක MCU එකේ 04 වෙනි Phase එකට අයිතියි.

කතා සාරාංශය

තානෝස්ගේ Snap එකෙන් ඇතිවුණු Blip එකෙන් පස්සෙ තමයි මේ කතාවට ප්‍රවේශය ගන්නෙ. Clint Barton, Ronin කියන​ අන්වර්ථ නාමය ආවේශ කරගෙන​, නිව් යෝක් නගරයේ ඔහුගේ අතීතයේ ස​තුරන් හඹායමින් ඉන්නවා. ඔහුගේ උදව්වට Kate Bishop නම් තරුණ දුනු ශිල්පිනියත් සහයට එනවා. කොහොම හරි, නත්තල් නිවාඩුවට කළින් පවුලේ අය ළඟට යන්න ඕන නිසා Barton, Bishop එක්ක එකතු වෙලා ස​තුරන් එක්ක ගණුදෙනු කරනවා.

Avengers: Endgame (2019) Film එකේදි දකින්න ලැබුණු Clint ගේ Ronin කියන චරිතය පිළිබඳව තවදුරටත් සොයාබැලීමක් තමයි මේ Series එක පුරාවටම දකින්න ලැබෙන්නෙ. Renner කියන විදිහට Kate Bishop ව මුණ ගැහෙන එකෙන් Barton ගේ ජීවිතේට “ප්‍රශ්න ලෝකයක්” ඇති කරවනවා. මොකද​, Kate Bishop ඔහුට​ ඇබ්බැහිවීම ගැන Barton ට තේරුම්ගන්න බැහැ.

Hailee Steinfeld රඟපාන Kate Bishop ගේ චරිතය අවුරුදු 22 ක් වයස Hawkeye Fan කෙනෙක්. Barton ඇයව ඔහුගේ ගෝලයා විදිහට අරගෙන ඔහුගෙන් පස්සෙ Hawkeye කෙනෙක් වෙන්න ඇයව පුහුණු කරවනවා. ඇය Barton ගේ අවධානය ගන්නෙ Ronin ගේ නම ආරූඬ කරගෙන ජරමර කරන්න යන එකෙන්. Steinfeld විස්තර කරන විදිහට Bishop කියන්නෙ “බුද්ධිමත් වගේම කපටි” වීර චරිතයක්. ඇයගේ ශාරීරික හැකියාවල් අහස උසයි. Renner ට අනුව නම් ඇය “අමුතු විදිහේ කරදරකාර​, ඒවගේම ප්‍රිය උපදවන සුළු” චරිතයක්. Steinfeld ට මේ කතා මාලාව වෙනුවෙන් දුනු ශිල්පය හදාරන්න වුණා. මොකද​, Kate Bishop කියන්නෙ තනිවම දුනු ශිල්පය ඉගෙන ගනිපු කෙනෙක් නිසා.

Black Widow (2021) Film එකේ Natasha Romanoff ගේ සහෝදරිය වන Yelena Belova ගේ චරිතයත් මේ කතා මාලාවෙදි නැවත පැමිණෙනවා. Black Widow (2021) Film එකේ End Credit Scene එකේ පෙන්නපු විදිහට ඇය ඇයගේ සහෝදරියගේ මරණය සම්බන්ධයෙන් පළි ගැනීමට Barton පසුපස එනවා.

එහෙනම්, අද ඉඳලා විකාශය ආරම්භ කරපු Hawkeye (2021) රස විඳිමු.

ඊළඟ එපියෙන් මුණගැහෙමු…

(Hawkeye Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

16 comments

  1. බොහොම ස්තූතියි උපසිරැසියට…❤️👌

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. patta aaaaaaaa supiri aaaaaa

  4. ඔයගොල්ලොන්ගෙ google drive එකෙ ep2 එකත් තියනව එකෙ sub ඩන්න පුලුවන්ද plz

    • ඒකත් දෙන්නම් ඉක්මනට..රිලීස් වුණ එපිසෝඩ් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න තමයි ලින්ක් දාලා තියෙන්නෙ..

  5. thanks sub එකට. ඊලග එපිසෝඩ් එකටත් ඉක්මනට ගේමු

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. thq bn godak pin asawen inne sub eka enakal balagena

  8. Thank you sub ekata.elaga episode ekath ikmanata one.

  9. Anith episode eke sub ekath adama dennako

  10. ඊලග එකෙත් සබ් එක අදම ඕනෙ😍

  11. අඩෝ තැන්ක්‍යූ මචෝ. ආදරෙයි ඈ. අනිත් එකත් පුලුවන් ඉක්ම්නට දෙන්න.💖💖💖💖💖💖

  12. ep2 එකෙ sub ඩන්න පුලුවන්ද plz

  13. thanks bro sub ekata digtma one

  14. Waddak thama macho uba. 🙏 thanks
    ❤❤❤

  15. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login