Mexicali (2026) Sinhala Subtitles
Mexicali (2026) Sinhala Subtitles
5.6

Mexicali (2026) Sinhala Subtitles | “ සටන්කාමියා ” | සිංහල උපසිරැසි සමඟ

(Mexicali (2026) Sinhala Subtitles) (Mexicali (2026) Sinhala Subtitle) (Mexicali (2026) Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම ❤️

අද අපි අරගෙන ආවේ ඇඟ කිළිපොලා යන ක්‍රියාදාම චිත්‍රපටිවලට ආදරේ කරන අයට නම් මගහරින්නම බැරි සුපිරි වැඩක්. බලන්න මේ නම මීට කලින් ඇහිලා තියෙනවද කියලා.. 👊🔥

“Mexicali” කියන්නේ මේ 2026 වසරේ තිරගත වුණු, සැබෑ සටන් කලාවන් සහ තාත්වික ක්‍රියාදාමයන්ගෙන් පිරුණු අළුත්ම චිත්‍රපටිය. Luke LaFontaine ගේ අධ්‍යක්ෂණයෙන් සහ Jesse V. Johnson ගේ තිර රචනයෙන් හැඩවුණු මේ චිත්‍රපටිය, අපිට 90 දශකයේ තිබුණු ඒ ජව සම්පන්න සටන් සිනමාවේ අත්දැකීම ආයෙමත් මතක් කරලා දෙනවා. විනාඩි 100කට ආසන්න කාලයක් පුරා ඇසිපිය නොහෙළා බලන්න පුළුවන් මට්ටමේ වැඩක් තමයි මේක..

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Bren Foster. එයාගේ රංගනය වගේම සටන් ජවනිකා ගැන නම් නොකියාම බැහැ. සරලවම කිව්වොත් මේකේ තියෙන සමහර සටන් ජවනිකා ජනප්‍රිය සටන් නළු බෲස් ලීගේ චිත්‍රපටවල තිබුණු ඒ තාත්වික ගතියට ගොඩක් සමානයි. මුෂ්ටි ප්‍රහාර, කඩු සටන් වගේම ගිනි අවි සටන්වලිනුත් මේක අඩුවක් නැතිව පිරිලා තියෙනවා. 🗡️🔫

කතාව මෙහෙමයි..
ජෝ කියන්නේ හිටපු දක්ෂ සටන්කරුවෙක් . එයා දැන් තමන්ගේ සටන් ජීවිතයට සමුදීලා මෙක්සිකෝවේ තියෙන තමන්ගේ සහකාරිය වන එස්ට්‍රෙල්ලාගේ ගොවිපළේ සාමකාමීව වැඩ කරගෙන ඉන්නවා. හැබැයි එතන වැඩ කරන අයට උදව් කරන්න මුදල් හොයාගන්න ඕන නිසා, ජෝට ආයෙමත් හොර රහසේ කෙරෙන “Underground” සටන් ලෝකයට බහින්න සිද්ධ වෙනවා.

ඔය අතරෙදි තමයි Chavez ගේ කල්ලියෙන් ජෝටයි එයාගේ පිරිසටයි මාරාන්තික ප්‍රහාරයක් එල්ල වෙන්නේ. තමන්ගේ ආදරණීයයන්ව බේරගන්න නම් ජෝට ආයෙමත් තමන් අතහැරපු සටන්කාමියා වෙන්නම වෙනවා..

ජෝට තමන්ගේ ගොවිපළ සහ ආදරණීයයන්ව බේරගන්න පුළුවන් වෙයිද?,Chavez ගේ කල්ලියත් එක්ක කරන මේ සටන කෙළවර වෙන්නේ කොහොමද?

මේ හැමදේටම උත්තර දැනගන්න නම් මේ සුපිරි සිනමා නිර්මාණය බලන්නම වෙනවා. තාත්වික සටන් කලාවට වගේම හදවතට දැනෙන කතාවකට ආදරේ කරන අයට මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. 🔥

ජය වේවා! 🥰❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත් ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත් ඩිල්ෂාන්

January 17, 2025


31
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login