Avatar: Fire and Ash (2025) Sinhala Subtitles
Avatar: Fire and Ash (2025) Sinhala Subtitles
6.4
66
92

Avatar: Fire and Ash (2025) Sinhala Subtitles | “ ගිනිදැල් සහ අළු අතරින්.. ” | සිංහල උපසිරැසි සමඟ

(Avatar: Fire and Ash (2025) Sinhala Subtitles) (Avatar: Fire and Ash (2025) Sinhala Subtitle) (Avatar: Fire and Ash (2025) Sinhala Sub) (Avatar: Fire and Ash Sinhala Subtitles) (Avatar: Fire and Ash Sinhala Subtitle) (Avatar: Fire and Ash Sinhala Sub)

ආයුබෝවන් එහෙනම්.. මටත් විශේෂ වෙන ඔයාලා කැමැත්තෙන් රසවිඳියි කියලා හිතෙන Avatar: Fire and Ash චිත්‍රපටයත් අරගෙන තමා මම අද ආවේ..

එහෙනම් යමු ෆිල්ම් එක ගැන විස්තර දැනගන්න..

ලෝක සිනමා ඉතිහාසය උඩුයටිකුරු කළ සිනමා නිර්මාණයක් විදිහට ජේම්ස් කැමරන්ගේ  ‘Avatar’ චිත්‍රපට මාලාව හඳුන්වන්න පුළුවන්. පළමු චිත්‍රපට දෙකෙන්ම ලෝක සිනමා රසිකයින්ව මවිත කළ ඔහු, දැන් “Avatar: Fire and Ash” රසිකයන්හට රස විදීමට අවස්ථාව සලසා දී තිබෙනවා

අලුත් චිත්‍රපටය ගැන කතා කරන්න කලින්, අපි මේ දක්වා ආපු ගමන ගැන කෙටි මතක් කිරීමක් කරමු.

ලෝකයම හොල්ලපු ආරම්භය Avatar (2009)  මේ චිත්‍රපටය ලෝකයට 3D තාක්ෂණයේ නියම අත්දැකීම ලබා දුන්නා.

අවුරුදු 13ක දිගු විරාමයකට පස්සේ ජේම්ස් කැමරන් Avatar: The Way of Water (2022)  චිත්‍රපටය අරගෙන ආවා. මේකෙන්  Metkayina ගෝත්‍රය ගැන අපූරුවට පෙන්නුවා.

එතකොට Avatar සිනමා විශ්වයේ නවතම පෙරළිය තමයි Avatar: Fire and Ash කියන්නෙ.

අධ්‍යක්ෂණය: ජේම්ස් කැමරන්

වර්ගීකරණය: Epic Science Fiction/Action/Adventure 

Ratings: IMDb හි 7.4/10 ක් සහ Rotten Tomatoes හි 66% ක අගයක් ලබා ගත්තා.

දැන් අපි කතා කරමු හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න තුන්වැනි චිත්‍රපටය ගැන. Avatar: Fire and Ash  එහෙම නැත්නම් ඇවටර් 3 චිත්‍රපටය ලොව පුරා මහජන ප්‍රදර්ශනය සඳහා තිරගත වීම ආරම්භ වුණේ 2025 දෙසැම්බර් 19 වැනිදා සිටයි. මීට අමතරව, මෙහි ලෝක මංගල දර්ශනය (World Premiere) ඊට පෙර, එනම් 2025 දෙසැම්බර් 1 වෙනිදා ඇමරිකාවේ හොලිවුඩ් නුවර ඩොල්බි සිනමාහලේදී පැවැත්වුණා

පළවෙනි චිත්‍රපටයෙන් වනාන්තරයත් (Earth/Forest), දෙවැනි චිත්‍රපටයෙන් සාගරයත් (Water) ගවේෂණය කළ ජේම්ස් කැමරන්, මෙවර අවධානය යොමු කරන්නේ ගින්දර (Fire) කියන මූලද්‍රව්‍යයටයි.

 කතාවේ පසුබිම සහ අලුත් මිනිස්සු.. මේ දක්වා චිත්‍රපට දෙකෙන්ම අපි දැක්කේ නාවි වරුන් කියන්නේ සොබාදහමට ආදරය කරන, සාමකාමී සහ මනුෂ්‍යයන්ගේ ආක්‍රමණවලින් බැටකන පිරිසක් විදිහටයි. හැබැයි “Avatar: Fire and Ash” චිත්‍රපටයෙන් මේ කතාව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා. මෙහිදී ගිනිකඳු සහ අළු ආශ්‍රිතව ජීවත් වන “Ash People” නමැති අලුත් නාවි ගෝත්‍රයක් හඳුන්වා දෙනවා. එයාලා සාමකාමී අය නෙවෙයි; නාවිවරුන්ගේ තියෙන රෞද්‍ර, ප්‍රචණ්ඩ සහ අඳුරු පැතිකඩ මේ ගෝත්‍රය හරහා බලාගන්න පුළුවන්. ඒ වගේම මෙවර මනුෂ්‍යයන්ට වඩා, නාවි ගෝත්‍ර අතර තියෙන ගැටුම් ඉස්මතු වනු ඇති බවට විචාරකයින් මත පළ කරනවා.

ජේක් සලී සහ නෙයිටිරි විදිහට සුපුරුදු පරිදි Sam Worthington සහ Zoe Saldaña රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව මේ අලුත් ‘Ash People’ ගෝත්‍රයේ නායිකාවගේ චරිතයට Game of Thrones හි රඟපෑ Oona Chaplin (සුප්‍රසිද්ධ චාලි චැප්ලින්ගේ මිනිබිරිය) එක් වී තිබෙනවා. මේකත් ජේම්ස් කැමරන් පවසන ආකාරයට, ඔහු මේ දක්වා නාවිවරුන්ගේ හොඳ පැත්ත පමණක් පෙන්වූ නිසා, දැන් ඔවුන්ගේ නරක පැත්තත් ප්‍රේක්ෂකයින්ට පෙන්වීමට කාලය පැමිණ තිබෙනවා. තාක්ෂණික අතින් බැලුවත්, ගිනිකඳු, ගින්දර සහ ඒ ආශ්‍රිත පරිසරයන් නිර්මාණය කිරීමට මෙවර අති නවීන CGI තාක්ෂණය භාවිත කර තිබෙනවා.

2026 පෙබරවාරි අග වන විට Avatar: Fire and Ash (ඇවටර් 3) චිත්‍රපටයේ ලොව පුරා සමස්ත ආදායම  ඇමරිකානු ඩොලර් මිලියන 1475ක් පමණ වෙනවා.

එහි ආදායම ප්‍රධාන වශයෙන්  බෙදිලා යන්නෙ මෙහෙම

ඇමරිකානු දේශීය ආදායම : ඩොලර් මිලියන 400 යි.

අනෙකුත් රටවලින් ලැබුණු ආදායම : ඩොලර් බිලියන 1.07 යි.

මේ ආදායමත් සමඟ එය 2025 වසරේ ලොව තෙවනුවට වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවට පත්වෙලා තියෙනවා.

කොහොම වුණත්, මේ චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් වැය වී තිබෙනවා. ඒ වගේම පළමු සහ දෙවන ඇවටර් චිත්‍රපටවල දැවැන්ත ආදායම් වාර්තාවලට (ඩොලර් බිලියන 2.9 සහ 2.3) සාපේක්ෂව බැලුවොත්, තුන්වැනි චිත්‍රපටයේ ආදායම යම් මට්ටමක අඩුවීමක් විදිහටයි සිනමා විචාරකයින් පෙන්වා දෙන්නේ.

 හැමෝම වගේ එකඟ වෙන ප්‍රධාන කාරණය තමයි මේ චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග (Visual Effects / CGI) සහ ක්‍රියාදාම දර්ශන  අතිවිශිෂ්ටයි කියන එක. අලුත් ‘Ash People’ ගෝත්‍රය සහ ගිනිකඳු ආශ්‍රිත පරිසරය ජේම්ස් කැමරන් ඉතාමත් තාත්විකව නිර්මාණය කරලා තියෙනවා. මේක සිනමා ශාලාවකදී දකින්න ලැබෙන අතිදැවැන්ත ත්‍රිමාණ (3D) අත්දැකීමක් විදිහට ඉහළින්ම අගය කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් විචාරකයින් පෙන්වා දෙන ප්‍රධානම දුර්වලතාවය තමයි කතාවේ නැවුම් බවක් නැතිකම. අලුත් ගෝත්‍රයක් හඳුන්වා දුන්නත්, කතාවේ ගලායාම සහ ගැටුම් කලින් චිත්‍රපට දෙකේම දැකපු දේවල්ම නැවත වෙනස් විදිහකට සිදුවෙනවා වගේ (Repetitive narrative) දැනෙන බව ඔවුන් පවසනවා. පැය 3කුත් විනාඩි 15ක ධාවන කාලය නිසා සමහරුන්ට මේක තරමක් වෙහෙසකර අත්දැකීමක් වෙලත් තියෙනවා.

කෙටියෙන්ම කිව්වොත්, පවුලේ බැඳීම්, සොබාදහමේ සුන්දරත්වය එක්කම අඳුරු සහ යුධකාමී නාවි ගෝත්‍රයක ගැටුමක් මේ අලුත් චිත්‍රපටයෙන් අපිට අත්විඳින්න පුළුවන් වේවි.

එහෙනම් ෆිල්ම් එක බලලම ඉමු..

සටහන : උචිනි පෙරේරා

විශේෂ ස්තූතිය ධනුෂ්ක විරාජ්ට..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


1016
Total Subtitles

13 comments

  1. Dileeka sewwandi

    congratulations akke, niyamai

  2. Buddhika laKMal

    1000වෙනි උපසිරැසියට සුබ පැතුම් සිස්….
    1000වෙනි කඩයිම පහුකරපු ලංකාවේ පළවෙනි උපසිරැසිකරු ඔයාවෙන්න ඇතිකියලා මං හිතනවා…….
    විනෝදාංශයක් විදිහට උපසිරැසි 1000ක් වෙනුවෙන් ඔයාගේ කාලය වැයකරලා අපිට බලන්න කොරියන් සිරිස් මූවිස්වලට සබ් ගෙනාවට බෝම ස්තූතියි සිස්……. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    කරන කියන සියලුම කටයුතු සාර්තකම වේවා……
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූථියි……..

  3. Hemantha De Silva

    හෘදයාංගම සුභ පැතුම් උචිනි…
    මේ වගේ කඩ ඉමක් කියන්නේ, සුපිරිම තමයි.
    මොනව වුණත්, අපි වෙනුවෙන් මේ කඩඉම පසු කරන්න ඔබ දරපු වෙහෙස, වියදම වගේම ඔබ කැප කරපු කාලය ගැන ගෞරවනීය ස්තුතිය.
    ස්තුතියි සිනෙරු.

  4. 1000 වෙනි උපසිරැසියට අපගේ උණුසුම් සුභ පැතුම්…!!! ❤️❤️❤️❤️❤️ ගැම්මක් තමයි… ජය වේවා…!!!

  5. Sameera Bandara
    Cineru_users

    1000න් 900ක් වත් බලලා ඇති සුපිරි කඩඉමට උනුසුම් සුබපැතුම්

  6. Era Boy
    Cineru Family Member

    1000ට සුබ පැතුම් අක්කේ!

  7. 1000 වැනි උපසිරසි කඩයිමට සුබපැතුම්…

  8. Book and bloom
    Cineru_users

    1000 සුබ පැතුම්……

  9. Webrip copy eka upload karannoooo….

  10. Nuwan Madushan
    Cineru_users

    Thnks Bro

  11. Thank you so much…….

  12. Thank u sis

  13. තිළිණ

    Congratulations..bluray update one..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login