The title of the page
Mavka The Forest Song (2023) Sinhala Subtitles
Mavka The Forest Song (2023) Sinhala Subtitles
6.8
82
93

Mavka The Forest Song (2023) Sinhala Subtitles | වනාන්තරයේ ගීතය | සිංහල උපසිරැසි සමඟ

(Mavka The Forest Song (2023) Sinhala Subtitles) (Mavka The Forest Song (2023) Sinhala Sub)

Original title: Mavka – The Forest Song
Year: 2023
Genre: Animation, Fantasy, Romance, Adventure, Comedy, Family-friendly
Running time: 90 min.
Country: Ukraine
Languages: Ukrainian, English
Director: Aleksandra Ruban, Oleh Malamuzh
Screenwriter: Yaroslav Voytseshek, Jeffrey Hylton
Music: Maksym Berezhnyak, DakhaBrakha, Dario Vero
Producer: 3Beep, Animagrad Animation Studio, FILM.UA Group, Ukrainian State Film Agency, United States Agency for International Development. Distributor: FILM.UA Distribution, Feelgood Entertainment, Kinomania, Shout! Factory, Universal Pictures Content Group

ඔන්න මම ආයෙත් ආවා තවත් ලස්සන Animation එකක් එක්ක. ඔක්කොටම කලින් කියන්න ඕන මේක යුක්‍රේනියානු Animation Movie එකක්. මේ කතාව ගෙතිලා තියෙන්නේ පරණ යුක්‍රේනියානු වනාන්තරයක් වටේට. මේ කැලෑවේ ජීවත් වෙන අමුතු අමුතු ජීවීන්, වනාන්තර ඈත්ම, මැජික් ශක්තීන් එක්ක බැඳුනු ලස්සන මිත්‍යා කතාවක් එක්ක තමයි කතාව ගලාගෙන යන්නෙ. කතාවෙ එන ප්‍රධාන චරිතය, මව්කා කියන්නෙත් වනාන්තරයේ ආත්මයක්. මිනිස්සුන්ගේ තණ්හාව වගේම ද්‍රෝහිකම හින්දා මේ කැලෑ ජීවීන් ජීවත් වෙන්නෙ මිනිස්සුන්ගෙන් වෙන්වෙලා. මිනිස්සු හිතන්නේ කැලෑවේ ඉන්නෙ රාක්ශයෝ කියලා. ඒ වුණාට දවසක් අසනීපයකින් මැරෙන්න යන තමන්ගේ මමා, ලියෝ, බේරගන්න ලූකස් කියන සංගීතකාරයව, කතාවේ දුශ්ට චරිතෙ, කයිලිනාගේ මෙහෙයවීමෙන් කැලේට යනවා. කතාව පුරාවට කයිලිනාට ඕන කරන්නේ, කැලෑව එක්ක බැඳුණු මිත්‍යාවේ මැජික් එක්ක, එයාගේ යටි අරමුණක් සම්පූර්ණ කරගන්න. ඒත් මව්කා ලූකස්ගේ සංගීත හැකියාව අගය කරනවා වගේම එයාලා අනිත් ඕනම ප්‍රධාන චරිත දෙකක් වගේම ආදරෙන් බැඳෙනවා. මොනා වුනත්, කයිලිනාගේ වනාන්තරය විනාශ කිරීමේ සැලසුම් එක්ක එයා ගම්වැසියන්ව උසිගන්වලා කැලේ ජීවීන්ට විරුද්ධව සටනක් ඇති කරනවා. සටනෙදි මොකද වෙන්නේ කියලා වගේම ලූකස්ටයි මව්කාටයි එකතු වෙන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගන්නකෝ.. 

තව ෆිල්ම් එකකින් ආයෙත් හමුවෙනකම් පරිස්සමින් ඉන්න!

මම නෙත්සඳූ🌙❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්සඳූ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්සඳූ

July 13, 2023


8
Total Subtitles

3 comments

  1. thanks ………………..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නෙත්සඳූ සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login