The title of the page

Manu (2018) Sinhala Subtitles | ආදරය සදාකාලිකයි ! | සිංහල උපසිරැසි සමග |

Manu 2018 ආදරය සදාකලකයි..
“ජීවිතය හා මරණයට එහා ගිය ප්‍රේමය සදා කාලිකයි”
ආදරය, එක එක්කෙනා එක එක විදිහට විඳිනවා, සමහරු විඳවනවා, ඒ අතරේ ආදරෙයි කියල කියන්නෙවත් නැතුව වෙන්වෙලා යන අයත් ගොඩක් ඉන්නවා, මෙහෙම කිවුවම හිතන්න එපා මේකත් සාමාන්‍ය ආදර කතාවක්මයි කියල, මේක වෙනස් කතාවක්, ඇත්තටම යථාර්ථයද කියල හිතන්න අමාරු කතාවක්, අමුතු කතාවක්, ආදරය, පළිගැනීම සියල්ලම එකට කැටිවුන කතාවක්..
imdb අගයේ 8.1 විදිහට සටහන් වුන Drama/Mystery ගණයට අයත්වෙන සිනමාපටයකට උපසිරසක් අරගෙන ආව, පැය තුනක් පුරා දිවෙන සිනාපටයක් වුනත් සාමාන්‍යය එකකට වඩා බෝහෝම අඩුවෙන් දෙබස් යොදාගෙන හැඟීම් ප්‍රකාශණයට මුල් තැන ලබාදුන්න සිනමාපටයකටයක්, ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Raja Goutham, නිතර දකින්න ලැබෙන කෙනෙක් නම් නෙවෙයි,
Chandini Chowdary ප්‍රදාන නිලිය ලෙස සිනමාපටය හැඩගන්වල තියනවා,

කතාව ගැනත් පොඩ්ඩක් කියමු.. මානු කියන්නෙ කලාව තමන්ගේ ජීවිතයම කරගත් තරුණයෙක්, නීලා පොඩි කාලෙදිම අම්මාගෙ අහිමිවීමත් හොස්‍ටල් එකක හැදී වැඩීමත් නිසා තනිකමින් ජීවිතය ගෙනියන තාත්තාට ගොඩක් ආදරය කරන කෙනෙක්, කතාව පටන්ගන්නෙ මානු නීල හමුවීමෙන්, වරදවා වටහාගැනීමක් නිසා නීලා බීම එකෙන් මානුට ගහල යන්න යනවා, එතනින් ඒ සිද්දිය නිමාවෙද්දි වෙනත් දිනයක මානුට බාර් එකේදි දියමන්තියක් තියාගෙන ඉන්න මනුස්සයෙක් හමුවෙනවා, දියමන්තිය සොරාගන්න එන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මානු ඔහුට උපකාර කරනවා,එතනින් පටන්ගන්නා සිද්දි දාමයක් ඔස්සෙ කතාව ගලා යනවා, ඉතින් Mystery ගණයට කැමති කෙනෙක් නම් සිනමාපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් සමුගන්නම්… පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

6 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Godak sthuthi sahooo sub ekata ….

  3. Thanks sub bigatama denna aluth film walata

  4. ගොඩක් පිං සහෝ..
    ජය වේවා…

  5. සබට තුති සහෝ..😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login