The title of the page
6
79

K-13 (2019) Sinhala Subtitles | අභිරහස් මිනිමැරුම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඒමනම් මම අද ගෙනාවේ අපේ කට්ටිය මේ දවස්වල බලන්න කැමතිම කැටගරියක් වන ත්‍රාසජනක චිත්‍රපටයක් වන K-13. ඒ කියන්නේ මහල් නිවාසයේ 20 වන මහලේ කේ-13 නිවාසයේ සිදුවන සිද්දියක් මුල්කරගෙන නිර්මාණය වු මේ චිත්‍රපටය දමිළ, මානසික, අභිරහස් , ත්‍රාසජනක , ඝණයට අයත්වේ. මෙය 2019 මැයි 03 වන දින තිරයට පැමිණි අතර 6.2 IMDb අගයක් දිනා ගැනීමට සමත් වී ඇත. ඒ වගේම 80% ක ගූගල් බාවිතාකරන්නන්ගේ කැමත්තද දිනාගෙන ඇත. මෙය පැයක් හා විනාඩි 43 ක දාවන කාලයක් හිමිවේ.

මෙය භරත් නීලකන්ඩන් විසින් රචනාකර අධ්‍යක්ෂණය කර ඇත. මෙය මොහුගේ මංගල සාර්ථක චිත්‍රපටයක් වීමට තරම් ඔහු වාසනාවන්ත වී ඇත. මෙහි රංගනයෙන් දායක වී ඇත්තේ දමිළ සිනමාවට මවුනගුරු, දිමෝති කොලනි වැනි විවිධත්වයෙන් යුක්ත වු සිනමාවන් දී ඇති අරුල්නිදි වේ. මොහුගේ සහයට කන්නඩ අසහය නිළි, යූ ටර්න් මගින් අප අතර ප්‍රසිද්ධ වු ඇය වික්‍රම් වේදා මගින් ඉදිරියට ඇවිත් නේර්කොන්ඩ පාර්වයි මගින් සැමගේ හද තුල ලැගුම් ගත් ඇය ජර්සි හා රස්තම්වලද දායකත්වය ලබා දුන් ශ්‍රද්ධා ශ්‍රිනාත් මෙහි රංගනයෙන් සහය වී ඇත.

සංගීතය, මේ ෆිලුමේ සංගීතය ගැනනම් කතා නොකරම බැරිතරම් , දෙබස් නොමැති අවස්ථාවන්හි සංගීතය තුලින් හැගීම් ඇවිස්සු ඔහු Sam C. S. නම් වේ. මෙහි ඇති අවසන් ගීතය ” ඔරුසායන්ගාලම්” ගීතයද ඔහුවිසින්ම ගායනා කරන ලද්දකී. මේ වසරේ පමණක් අයෝක්‍යා හා 100 ඇතුලු ෆිල්ම් 11 ක සංගීතය සැපයීමට අවස්ථාවක් ලැබී ඇත. හොදම පසුබිම් සංගීතය සදහා වික්‍රම් වේදා වෙනුවෙන් සම්මානයන් කිහීපයක්ම ලගා ගන්නා ලදි.

ඔන්න දැන් එහේමනම් අපි ෆිලුම ගැන බලමු. දමිළ සිනමාව වෙනස් මාර්ගයන් ඔස්සේ ගමන් කරන ගමන්ම දක්ෂ නලු නිලියන් මෙන්ම අධ්‍යක්ෂකවරුන්ද බිහිවෙන්න අරන් තියෙනවා. එයට මේ ෆිලුමද සාක්ෂියක්. කුතුහලය ත්‍රාසයට ප්‍රිය කරන සිනමා රසිකයන්ටනම් මෙය හොද ෆිලුමක් වනවා සිකුරුයි.

සිනමා ලෝකයේ වසර දහයක් සහය අධ්‍යක්ෂකවරයෙක් විදියට සිටින මදිඅලගන් (අරුල්නිදි) තමන්ගේ කියල කතාවකට අධ්‍යක්ෂණය කරන ෆිලුම දින දහයක රූගත කිරීම් අතරමග කඩාවැටීමෙන් ආතතියට පත්වී සිටින ඔහුට , දින දෙකක් තුල අලුත් ත්‍රාසජනක කුතුහලයෙන් පිරි කතාවක් සමග එන ලෙස ඔහුගේ නිෂ්පාදකයා කියන අතර. ඔහුට කතාවක් ලියාගැනීමට නොහැකිව ආතතියට පත්වීම. ඒ අතරේ ලේඛිකාකක් වන මලර්විලි ( ශ්‍රද්ධා ) ඇයගේ පලවෙනි කතාව ඇයගේම මිතුරියගේ ජීවිත කතාව ලියන්නට ගොස් අකරතැබ්බයකට පත්වී එයින් මිදීමට නොහැකිව ආතතියට පත්වී සිටීම. මොවුන් දෙදෙනාම කලාවට දඩිව ආදරය කරන ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට හැකි දෙදෙනක් වීම. දැඩි පීඩනය මැද මේ දෙදෙනාගේ හමුවීම අහම්බයක් ද ? සැලසුමක් ද?. ඔවුන් යන K-13 මහල් නිවාසයේ සිදුවන මලර්විලි ගේ මරණය, මිනිමැරුමක්ද ? සියදිවි හානිකරගැනීමක්ද ? . මෙයින් මදිඅලගන්ගේ සිහිනය කුමක් වේවිද ? . ඔන්න ඔය ප්‍රශ්න ටිකට උත්තර ලැබෙනකොටම. අපි හිතන්නෙවත් නැති දෙයක් සිද්ද වෙනවා. මොකක්ද ඒ ? බලන්න මේ ෆිලුම. අනිවාර්යයෙන් එක දිගටම එක හුස්මටම බලන්න පුලුවන් එකක් වෙනවා.

එහෙමනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

6 comments

  1. Elaaa thnz…

  2. Thanx aiye 😍😍😍💖💖💖

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Mard Ko Dard Nahin Hota (2018)

  4. thanks your server,good job,good luck & god bless .. !

  5. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Niyamayi ayiye

  6. ගොඩක් පිං සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login