The title of the page
7.2
83

Mannan (1992) Sinhala Subtitles | මව් සෙනෙහස ..| සිංහල උපසිරැසි සමඟ

Mannan (1992) Sinhala Subtitles
මවගේ සෙනෙහස තරම් ලොවේ අන්වටිනා දෙයක් නොමැත . මවක් හා පුතෙක් අතර ඇත්තේ පැවසිය නොහැකි සෙනහෙසකි. ඔහු බිරිදගෙන් බලාපොරොත්තුවෙන්නේද ඒ මවගෙන් ලබුවාවූ සමාන සෙනහසකි . නමුත් මවගේ කිමට විවහා කරගන්නා ලේලිය යකින්නියක් කියා මවට දැනගන්න ලබුනොත් ?ඔන්න තවත් පරන ෆිලුමක් එක්ක මම ආවා.  මේ මන්නන් රජිනිකාන්ත්ගේ 1992 දී තිරගතවුවක් . මේක අපේ ඉන්දීවරීගේ විශේෂ ඉල්ලීමක් මතම සබ් කරපු එකක්. ඉතින් අපි එයාගෙන්ම මේ ෆිලුම ගැන අහල බලමු.
Remakes
Mannan (1992) Sinhala Subtitles

P. වාසු යනු සටන් ජවනිකා, විහිළු තහළු, ප්‍රේම කතා, පලිගැනීම්, දාමරිකත්වය ආදී සියලු ලක්ෂණයන් එකට එක් කරගනිමින් මසාලා ගණයේ වාණිජ චිත්‍රපටිය නිර්මාණය කිරීමෙහි ඉමහත් දක්ෂකමක් පෙන්වන අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ සෑම චිත්‍රපටියකම ඉහත සියලුම ගතිලක්ෂණ හෝ කිහිපයක් අඩංගු වීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයකි.  රජිණිකාන්ත් රඟපෑ චන්ද්‍රාමුඛී සහ කුසේලන් චිත්‍රපටිද P. වාසු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටි ද්විත්වයකි.

මන්නන් යනු P.වාසුගේ අධ්‍යක්ෂණයෙන් මාස්ටර් ඉලෛරාජාගේ සුමියුරු සංගීතයෙන් සහ රජිණිකාන්ත්, විජයශාන්ති සහ කුෂ්බු සමග දමිළ සිනමාවේ එක් අග්‍රගණ්‍ය විකට තරුවක් වන Goundamani චරිත නිරූපණය කරන 1992 වසරේ තිරගත වුනු තවත් එක් සාර්ථක චිත්‍රපටියකි. ⁣මෙය 1986 වසරේ තිරගත වුනු අතිසාර්ථක කන්නඩ චිත්‍රපටියක් වන Anuraga Aralithu චිත්‍රපටියේ දමිළ ප්‍රතිනිෂ්පාදනයයි.

මන්නන් චිත්‍රපටිය වෙනුවෙන් සංගීතය නිර්මාණය කරනු ලබන්නේ මාස්ටර් ඉලෛරාජා මාස්ටර් වන අතර එම සියලුම ගීත සඳහා ගී පද රචනා කර තිබෙන්නේ වන පද්ම ශ්‍රී වාලි නම් ප්‍රවීණ ගීපද රචකයා විසින්ය. K.J. යේසුදාස් මහතා විසින් ගායනා කරනු ලබන “Amma Endru” ගීතය මන්නන් චිත්‍රපටියේ ගීතයකි. එම ගීතයත් ඇතුළුව S.P. බාලසුබ්‍රමානියම් සහ S. ජානකී ඇතුලු ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ හඬින් ගීතවත් වන අගනා ගීත හයක් මෙහි අඩංගුව ඇත.

Mannan (1992) Sinhala Subtitles
චිත්‍රපටියේ කතාව කෙටියෙන්:
‘ශාන්තිදේවි යනු සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ එකම දරුවා. ඇය දැන් සිය පියාගේ ව්‍යාපාරයේ සියලු බර කරට ගනිමින් එය සාර්ථකව මෙහෙවනු ලබන්නවා. ඉතා දැඩි තැනැත්තියක් වන ශාන්තිදේවිගේ එම ගතිගුණ නිසාම වසරේ සාර්ථකම ව්‍යාපාරිකයා ලෙසටත් ඇය සම්මාන ලබනවා. ක්‍රිශ්ණන් කර්මාන්තශාලා කාර්මිකයෙක් ලෙස මුම්බායි නගරයේ රැකියාවක නිරත වන තරුණයෙක්. තම මව දැක බලාගැනීමට නිවසට පැමිණෙන ක්‍රිශ්ණන්ට ගුවන් තොටුපලේදි ශාන්තිදේවි අහම්බයකින් ශාන්තිදේවී මුණ ගැසෙනවා.’
එතැන් සිට කතාව චිත්‍රපටිය තුළින්ම නරඹන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු 🙏🙏🙏මෙය විශේෂයෙන්ම අභවප්‍රාප්ත S.P. බාලසුබ්‍රමානියම් මහතා වෙනුවෙන් සිනෙරූ උපසිරැසි අඩවියෙන් පිදෙන උපහාරයකි (S.P. බාලසුබ්‍රමානියම් මහතා විසින් ගයන ගීත තුනක් මෙහි අඩංගුවේ). එතුමාට ඔහු ඇදහූ ආගමට අනුව ලැබිය යුතු ඉහළම සැපය අත්වේවා 🙏🙏🙏
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

9 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේක සුපිරියක් අයියේ 🌻 ලොකු දෙයක් සබ් දීපු එක නම්. ඉන්දීවරී හේරත් දීපු තල්ලුවටත් 🌻

  2. me film eka dowload krpu website eka kiyannako

    • Peter Barthelot
      Cineru Family Member

      http://www.tvseriesandmovies.co එකට යන්න..ඔයා ලංකාවේ ඉදන් සයිට් එකට ලොග් වෙන කෙනෙක්නම් මේ සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

  3. me film eka download krpu website eka kiyannako

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි පීටර් අයිය 😊👊..
    ජය වේවා.!

  5. http://www.tvseriesandmovies.co එකට යන්න..ඔයා ලංකාවේ ඉදන් සයිට් එකට ලොග් වෙන කෙනෙක්නම් මේ සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

  6. thank you bn

  7. Udaya saman
    Cineru Family Member

    නියමයි ලොක්කා….දෙනකන් බලන් ඉදියෙ මේක…රජිනි බොස්ගෙ…..එලම…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login