The title of the page
Maniyarayile Ashokan 2020 Sinhala Sub
Maniyarayile Ashokan 2020 Sinhala Sub
7.5
73

Maniyarayile Ashokan (2020) Sinhala Subtitles |අශෝකන්| සිංහල උපසිරැසි සමඟ

(Maniyarayile Ashokan (2020) Sinhala Sub) ඔන්න ඉතිං ටික දවසක නිවාඩුකට පස්සෙ ආයෙත් සුපුරුදු පරිදි අදත් ආවේ ලස්සන මලයාලම් සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙනයි………2020 අගෝස්තු මස 31 වන දින Netflix හරහා ඔරිජිනල් පිටපත් නිකුත් උන මේ සිනමාපටය romantic/comedy/drama යන කැටගරි වලට අයත් වෙනවා…..

Shamzu Zayba විසින් අධ්‍යක්ෂනය කරන මෙය දුල්කාර් සල්මාන්ගේ Wayfarer films සමාගම මගින් නිෂ්පාදනය කර ඇත…..ඒ වගේම මෙහි ඇති එක් විශේෂත්වයක් තමා Wayfarer Films සමාගම මගින් නිෂ්පාදනය කරන පලමු චිත්‍රපටය මෙය වීම…..මලයාලම් බසින් හඩ ගැන්වෙන මෙම සිනමා සිත්තම සදහා IMDB මීටරය තුල 6.5/10 අගයක්ද ගූගල් පරිශීලක මනාප 84% ක්ද ලැබී ඇත……මෙහි ප්‍රධාන නලුවා ලෙස Jacob Gregory විසින් රංගනයෙන් එකතු වෙන අතර ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් එකතු වෙන්නෙ අපි හැමෝම ගොඩක් ආදරේ කරන Anupama Parameswaran විසිනි……

Directed by -: Shamzu Zayba
Produced by -: Dulquer Salmaan/Jacob Gregory
Screenplay by -: Vineeth Krishnan
Story by :- Magesh Boji
Starring -: Jacob Gregory /Anupama Parameswaran
Music by -:Sreehari K. Nair
Cinematography -:Sajad Kakku
Edited by -: Appu N. Bhattathiri
Production company :- Wayfarer Films
Distributed by -:Netflix
Release date -: 31 August 2020 (India)
Country -: India
Language -: Malayalam

ඉතිං මේ චිත්‍රපටයත් පැවතී යන කොරෝනා වසංගතය නිසා සිනමා ශාලා වල නැතුව Netflix මාධ්‍ය හරහා ලොව පුරා විකාශනය උනා……..

කතාව ගැන පොඩ්ඩක් බැලුවොත් මෙහෙමයි…………
තරුණ වියේ අග්ගිස්සටම ඇවිත් ඉන්න රජයේ ලිපිකරුවකු වෙන අශෝකන්ට පෙලවහක් කරලා දෙන්න එයාගේ දෙමාපියන් ගත්ත මහන්සිය හේදිලා ගිය වෙලාවක තමා තාමත් අධ්‍යාපනය හදාරන තරුණියක් වෙන ශ්‍යාමා තමන් ගැන කැමැත්තකින් ඉන්න වග අශෝකන්ට තම මිතුරන් හරහා දැනගන්න ලැබෙන්නේ , හැබැයි මේ මංගල්‍යයට මූලික කටයුතු කරන ජෝතීර්වේදීන් කියන්නේ අශෝකන්ගේ පලවෙනි බිරිඳ අකල් මරණයකට ගොදුරු වෙනවා කියලා , ඊටපස්සේ මේ කසාදය උනාද නැද්ද කියලා බලන්න නම් අනිවාර්යයෙන් ම චිත්‍රපටිය බලන්නම වෙනවා……………

ඉතිං තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි ❤️✋🙏

සටහන -: අශේන් මදුරංග (චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Udaya saman
    Cineru Family Member

    හම්මේ බොහොම තුති මලේ.දෙනකන්ම බලන් හිටියේ මෙික…මලයාලම් පිස්සුවට තවත් එකක්.බැලිල්ලක් තමා.

  3. Sub ekata thanks

  4. මං ආසම කැල්ලක් ඉන්නේ තැන්ක්ස් සබ් එකට

  5. thanks machan

  6. Thanks machan okkotama kalin sub aka karala dunnata apita..budu saranai ubata…❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login