The title of the page
Manaroopa (2019) Sinhala Subtitles

Manaroopa (2019) Sinhala Subtitles | උම්මත්තකයින්ගේ සෙල්ලම | සිංහල උපසිරැසි සමග |

ඔන්න මේ පාර තරමක් වෙනස් කන්නඩ චිත්‍රපටයකට sinhala sub එක අරගෙන තමා මම ආවේ… හරියටම කීවොත් සයිකෝ චිත්‍රපටයක් අරගෙන..

මේ චිත්‍රපටය 2019 අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපටයක්..මේකේ අධ්‍යක්ෂණය දිහාවට හැරුනම Kiran Hedge තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. IMDB දර්ශකයේ 7.2/10 ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස DILEEP KUMAR/ANUSHA ROA/NISHA/ARYAN/SHIVA PRASAD රංඟන දායකත්වය දීලා තියෙනවා.. එතකොට මේ චිත්‍රපටය crime/Psychological thriller/family/adventure ගනයට තමා වැටිලා ති⁣යෙන්නේ….

මේකේ වෙන දේ ගැන මම ටිකක් විස්තර කරන්නම්.. යාළුවන් 5 දෙනෙක් කැලෑවක සංචාරය සඳහා යනවා.. එහිදී ඔවුන් රාත්‍රියේ නිදාගෙන ඇහැරෙන විට ඔවුන්ගෙන් සාමාජිකයින් දෙදෙනෙක් අතුරුදහන්.. ඒ වගේම ඔවුන්ගේ ටෙන්ට්, සපත්තු, ෆෝන්, බෑග් හැමදේම අතුරුදහන්… මොකක්ද වුනේ කියලා කිසිවකුත් දන්නේ නෑ. ඊට හේතුව කලින් දවසේ ඔවුන්ට වෙලෙන්දෙක් අරක්කු වගයක් ලබාදෙනවා අඩු මුදලකට.. හරියටම කීවොත් නිකන් රා වගේ.. ඒක බීලා ඔවුන් විකාර වෙනවා.. එතන තමා මොවුන්ට වරදින තැන..

 

කවුද මොවුන්ගේ මිතුරන් පැහැර ගත්තේ.. කුමක්ද කැලෑව තුල ඇත්තටම සිදුවෙන්නේ… ඔවුන්ට නිවරැදි

මාර්ගය සොයාගැනීමට හැකි වේවිද… ඉතුරු තිදෙනා කිනම් අභියෝග වලට මුහුණ දේවිද..

බලන්නම වෙනවා යාලුවනේ මොකද වෙන්නේ කියලා… මම කලින්ම කීවා මේක සයිකෝ FILM එකක් කියලා.. බලන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  2. මයිකි

    Thanks bro

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login