The title of the page
6.6
91

Maleficent: Mistress of Evil Sinhala Subtitles | දුශ්ඨත්වයේ ආර්‍යාව | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් ඔයාලට අරගෙන එන්නෙ හැමෝම මග බලාගෙන හිටපු සිනමාපටයක උපසිරසියක්.ඒ තමයි 2019 ඔක්තෝම්බර් 19 දින ලොව පුරා තිරගත කිරීම් අරඹූ Maleficent: Mistress of Evil 2019 කියන්නෙ.මේකෙ පළවෙනි චිත්‍රපටිය 2014 වසරෙදි තිරගත වෙන්නෙ හැමෝම අතරෙ ගොඩක්ම ජනප්‍රියත්වයට පත් වෙලා.මේකෙ පළවෙනි චිත්‍රපටියෙන් පස්සෙ මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ පළවෙනි චිත්‍රපටියෙ තවත් කොටසක් විදිහට.

Official Release Poster

Maleficent: Mistress of Evil 2019 කියලා කියන්නෙ ඇමරිකානු අඳුරු මනඃකල්පිත ත්‍රාසජනක සිනමාපටයක්. IMDb 7/10 අගයක් ගන්න මේක සමත් වෙලා තියෙනවා. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ Walt Desney Pictures ආයතනය. මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joachim Ronning. ඒ වගේම මේක රචනා කරලා තියෙන්නෙ Linda Woolvrton, Micah Fitzerman-Blue සහ Noah Harpster කියන අය. මේක Maleficent 2014 චිත්‍රපටයේ දෙවනි චිත්‍රපටිය විදිහට තමයි තිරගත වෙන්නෙ. Angelina Jolie නැවතත් ප්‍රධාන චරිතයම නිරූපණය කරනවා. Elle Fanning, Sam Riley, Imelda Staunton, Juno Temple සහ Lesley Manville යන පිරිස ඔවුන්ගේ පෙර චරිතම නැවත නිරූපණය කරනවා. Harris Dickinson පළමු චිත්‍රපටයෙන් Brenton Thwaites වෙනුවට Chiwetel Ejiofor, Ed Skrein සහ Michelle Pfeiffee නව චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා.

Official Characters Poster

 

පළවෙනි සිනමාපටය 2014 මැයි මාසයේදී තිරගත කිරීමෙන් පසුව Jolie ප්‍රකාශ කළේ තවත් සිනමාපටයක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. මේ අනූව ඊළඟ ජුනි මාසයේදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා. මෙයට 2016 අප්‍රේල් මාසයේදී අත්සන් තැබීය. Desney සමාගම වෙනුවෙන් Pirates Of The Caribbean, Dead Men Tell No Tales (2017) සිනමාපට අධ්‍යක්ෂණය කළ Ronning මෙමෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා 2017 ඔක්තෝම්බර් මාසයේදී බඳවා ගත්තා. 2018 මැයි මාසයේදී එංගලන්තයේ Pinewood Studio හී රූගත කිරීම් ඇරඹූ මෙය අගෝස්තු මාසය දක්වා පැවතුනි.Maleficent: Mistress of Evil 2019 ඔක්තෝම්බර් 19 වන දින එක්සත් ජනපදයේ තිරගත කිරීම අරඹා ලොව පුරා ඩොලර් මිලියන 490 කට වඩා මුදලක් උපයන්න සමත් වෙලා තියෙනවා. මේ සිනමාපටයට චිත්‍රපටයට විචාරකයින්ගෙන් විවේචන සහ ප්‍රශංසා රැසකුත් ලැබිලා තියෙනවා.තවත් වැදගත් දෙයක් ගැන කියන්න තියෙනවා.ඒ තමයි මේ චිත්‍රපටියෙ සඳහන් වෙන සත්ව විශේෂ සහ මල් විශේෂයන් ගැන.මොකද ඒවා ගැන කිව්වෙ නැත්තන් මේකෙ වෙන දේවල් ගැන ඒ තරම්ම තේරෙන්නෙ නැතිවෙයි.අන්න ඒක හින්දයි ඒ ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවෙ.

wallerbogs

වොලර්බෝග්ස්ලා කියලා කියන්නෙ මේ චිත්‍රපටියෙ ඉන්න පොඩි විශේෂ සත්වයෙක්.මෙයාලා ජීවත් වෙන්නෙ මුවර්ස්’වල. ඒ වගේම එයාලා ගොඩක්ම කැමති මඩ වගුරුවල වගේ සෙල්ලම් කරන්න තමයි.

 

Tomb Bloom

 

මේ මල යොදාගෙන ඉන්ද්‍රජාලික ජීවීන්ට එරෙහිව භාවිතා කරන්න පුළුවන් ආයුධයක් ලෙස රතු දූවිලි නිර්මාණය කරනවා. ඒවා සුරංගනාවන්ගෙ සොහොන්වල විතරක් වැඩෙන විශේෂ මල් වර්ගයක්. මේ මල ඉන්ද්‍රජාලික ගුණවලින් සහිත වෙනවා. ඒවා යකඩ එක්ක මිශ්‍ර උනාම මාරාන්තික දූවිලි ගොඩක් වගේ නිර්මාණය වෙනවා.ඒ වගේම මේවා සුරංගනාවන් විනාශ කරන්නත් යොදාගන්න පුළුවන්.එහෙනම් ඉතින් දැනගන්න ඕන ඔක්කොම කිව්වා කියලා හිතනවා.එහෙනම් ඉතින් උපසිරසිය අරගෙන මේ අපූරු සිනමාපටයත් බලලම ඉන්න පහළින් කමෙන්ට් එකක් දාගන යන්නත් අමතක කරන්න එපා.හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    BR copy ආවම සබ් එකට update එකක් දෙන්න 👊👊..
    ජය වේවා.!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    සුභ නව වසරක් වේවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. thank you රිටා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login