The title of the page
6.5
90

Majnu (2016) Sinhala Subtitles | මතකයන්ගෙන් මිදී යලිත් අරඹමු ආදරය | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් කියල පිලිගන්නවා තෙලිඟු සිනමාවට ආදරය කරන රසිකයන් හැම දෙනාවම.ඔන්න ගොඩ දෙනෙක් කාලෙක ඉල්ලීම් කරපු තවත් අපූරු තෙලිඟු සලරුවකට උපසිරැසියක් අරගෙන ආවේ කට්ටිය හම්බෙන්න.ඉතින් ඇත්තටම ලොකු මහන්සියක් වෙලා මේ ඉල්ලීමත් ඉශ්ට කලේ අන්තර්ජාලයේ කිසිදු භාශාවක උපසිරැසියක් නොතිබුණ නිසා අසාලිවීමක් තමයි කරන්න වුනේ..

හරි එහෙනම් අපි යමු චිත්‍රපටිය පැත්තට..2016 වර්ශයේ සැප්තැම්බර් 23 තිරගත කිරීම ආරම්භ කල මේ සලරුවට imdb දර්ශකය තුල 6.5 ක අගයකුත් Google භාවිතා කරන්නන්ගේ 87% ක මනාපයකුත් හිමිවී තිබෙනවා.Virinchi Varma ගේ අධ්‍යක්ෂණයක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 27 ක box office අදායමක්ද ලබා ගන්නට සමත්කම් දක්වල තියෙනවා.

ප්‍රධාන නලු නිලියන් ගැන කතා කලොත්..නිතර තෙලිඟු සිනමාවේ අපේ ඇහැ ගැටෙන නලු නිලියන් රැසක් දකින්න පුලුවන් ..ප්‍රධාන නලුවා ලෙසින් එක් වන්නේ මෙම වසරේ Jersey තෙලිඟු සිනමා පටයෙන් ඉමහත් සාර්ථකත්වයක් ලබා ගත් තෙලිඟු සිනමාවේ මගේ වීරයා 😍 Natural star🌟  ලෙසින් නම් දරා සිටින “Nani” විසින්..

Nani ගෙ රංගනය ගැන තවත් අටුවාටිකා මොකටද ? මේ සලරුවෙත්  එසේමයි..

ප්‍රධාන නිලිය ලෙසින් සුරූපී Anu EmmanuelPriya Sri ද එක් වනවා..ඉතින් අනූ ගැනනම් හැමෝම දන්නවනේ..අනිත් කෙනානම් නිතර තෙලිඟු සිනමාවේ දකින කෙනෙක් නෙමේ..ඒ වගේම Raj Tharun ද සීමිත කොටසක් සඳහා රංගනයෙන් එක් වනවා.දැන් හැරෙමු කතාව පැත්තට

ඔයාව දැකපු දවස මම ආයි ඉපදුනු දවස.. මොකද කියනවනම් එදා ඉදන් මට මාවම අලුත් විදියට දැනුනා…
කලින් මට තිබුනේ සාර්ථක කෙනෙක් වෙලා ඉහලට එන හීනයක්..
ඒත් දැන් ඔයා එක්ක කතා කර කර ඔයාගෙ අත අල්ලගෙන ඇවිදින්න තිබ්බනම් ඇති කියලා හිතෙනවා…

ආදරයට පුලුවන් අපේ සිතුම් , පැතුම් හසුරවන්න..අපේ ජීවිතේට අලුත් අරුතක් ගේන්න..අපේ ජීවිතේට අලුත්ම පිබිදීමක් ලබා දෙන්න..ඒත් ඒ ආදරයටම පුලුවන් නොයෙක් අයුරින් රිදවන්නත් ..ඔබත් මමත් දකින ලෝකය ඒකයි..ඒකට හැඩගැහෙන එක..ආදරය හැඩගස්ව ගන්න එකයි වෙන්න ඕනි…

ආදිත්‍යා ..ඉංජිනේරින් ඉගෙන ගෙන වැඩ කරන්නේ සහය අධ්‍යක්ෂක වරයෙක් විදියට.ඉතින් මෙයාට යාලුවගෙ මාර්ගයෙන් සුමාව හම්බෙනවා ..සුමා කියන්නේ ආදරය කරන්න අකමැති වුනත් ආදර කතා අහන්න කැමති කෙනෙක්..ඒක තුරුම්පුව කරන් ආදිත්‍යාගෙ උත්සහය එයාව ආදරේක පටලෝගන්න එක..ඉතින් මේ ආදිත්‍යාට ඇත්තටම පරන ආදර කතාවක් තියෙනවා ..ඒක සුමාට කියන්න ගන්නවා……….

ඔතනින් තමා මේ කතාවට ප්‍රවේශය ලැබෙන්නේ..නොකියපු දේවල් ගොඩයි..ඔක්කොම දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා..ඉතින් තවත් අපූරු තෙලිඟු ආදර අන්දරයක පහස විද ගන්න ඇරයුම් කරමින් මම යන්නම් තවත් උපසිරැසියක් හමුවන පොරොන්දුවත් එක්ක…
අසාලිවීමක් මගින් නිර්මාණය කරපු උපසිරැසියක් නිසා අඩුපාඩු ඇත්නම් සොරි වෙන්න..

ඉතින් තව දෙයක් ..තව තවත් මේ වගේ උපසිරැසි කරන්න හයියක් වෙන්න ඔයාලගේ අදහසත් පහලින් සටහන් කරන්න කියල ආදරයෙන් මතක් කරනවා..
අපේ උපසිරැසි අංශයෙන් තවත් ගොඩක් දේවල් ඉදිරියට ඔයාලට දායාද වේවි..අපේ කොල්ලොටික දිරි ගන්වන්න..හැමවෙලේම වචනෙන් හරි එයාලට ධෛර්යයක් වෙන්න.

ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

22 comments

  1. මයිකි

    සුපිරි ආ තැන්ක්ස් බං මහන්සි වෙලා සබ කොටලා අපිට ෆිල්ම් බලන එක ලෙසි කරනවට. එල , සුබ පතනවා සයිට් එකත් ගොඩ යන්න දවසක

  2. Kittu Unnadu Jagratha. Puluwan nam mekatath sub diyan godak kal sub denakan balan hitiya thanks

  3. Janda Pai Kapiraju.nanige me film akatath sub ne diyanko mcn mekata thanks

  4. එලම මදු අයියා..😍💪
    සබ් එකට ෆට්ටම තැන්ක්ස්…😍😘..
    මොකද කියනව නම් මාත් සබ් එක කරන්න කියල රික්වෙස්ට් කරපු අයගෙන් කෙනෙක්..
    ඔන්න ඒනම් දැන් ෆිලුම බැලුවහැකි..😎

  5. Me film eke sub eka mn dan sathiyakata vithara kalin hama sub dena ekakama hewwa. Uba nam dewiyek bn thanks. Subata macho.

  6. Thanks for sub bro….godak mahansiwela thitenawa……( abbayitho ammayi2016) movie ekata sub damu bro. Please…….

    • මදුශාන් ප්‍රියංකර
      Cineru Family Member

      Oya film ek hoyaganna ne saho.api film ganna puluwan ayat kiyala thiyenne ..film ek set unoth aniwa karala dennm..

  7. krishan Nishalya

    හෙනම කාලයක් නොබලා හාඩ් එකේ නානිගෙ ෆොල්ඩර් එකේ ඉතුරු වුන ෆිල්ම් එකක් මේක…

    මේ මේවගේ ඒවා හොය හොයා සබ් දෙන එකට බොහොම ස්තූතී

    Good Luck Bro ❤😊🤘

  8. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    එල. දෙනකල් බලන් හිටියේ. අනිව දෙයි කියල විස්වාසයක් තිබුනා. ස්තුතියි සහෝ..

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  10. Tharindu lakshan

    Thanx broo….niyamai

  11. Asanka Weerasinghe
    Cineru Family Member

    elama elama maduwa

  12. ස්තූතියි සහෝ උපසිරැසියට

  13. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  14. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤
    නානිගේ අනිත් සබ් නැති ෆිල්ම් වලටත් සබ් එකත් ඕනේ👍………ජය වේවා…………!

  15. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤
    නානිගේ අනිත් සබ් නැති ෆිල්ම් වලටත් සබ් එකත් ඕනේ ………ජය වේවා…………!

  16. Kriahna gaadi veera prema gadha movie ekatath sub ekak dennako.plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login