The title of the page
7.8
93

Maara (2021) Sinhala Subtitles | එකම අරමුණක් | සිංහල උපසිරැසි සමඟ

(Maara (2021) Sinhala Subtitles) Maara (2021) ජනවාරි මස 08 වෙනිදා නිකුත් වූ දමිළ සිනමාපටයකි. මිනිත්තු 149 ක් පුරාවට දිව යමින් IMDb අගය 7.8/10 ක අගයක් ලබාගත් මෙම දමිළ චිත්‍රපටය නාට්‍යමය (Drama), සංගීතමය (Musical), ආදරකතා (Romance) යන කාණ්ඩයන්ට බෙදී යයි.

Maara (2021) මෙම දමිළ චිත්‍රපටය ධිලීප් කුමාර් (Dhilip Kumar) විසින් අධ්‍යක්ෂණය කෙරූවකි. මෙම චිත්‍රපටයේ ” Maara ” යන චරිතයට පණ පොවමින් සුපිරි නළු මාධවන් (Madhavan) විසින් රංගනයෙන් දායකත්වය දක්වන අතර ප්‍රධාන නිළිය වශයෙන් සුරූපි නිළි ශ්‍රද්ධා ස්‍රීනාත් (Shraddha Srinath) රංගන දායකත්වය දක්වයි. ඊට අමතරව ශිවාදා නායර් (Shivada Nair), අභිරාමී (Abhirami), මවුලි (Mouli), එම්.එස්.භාස්කර් (M.S.Bhaskar), කිශෝර් කුමාර් ජී (Kishore Kumar G.), අප්පුකුට්ටි (Appukutty), ආර්.එස්.සිවාජි (R.S.Sivaji), ගුරු සෝමසුන්දරම් (Guru Somasundaram), ඇලෙක්සැන්ඩර් බාබු (Alexander Babu), මාලා පාර්වතී (Maala Parvathi), සීමා (Seema), රාජේෂ් ශර්මා (Rajesh Sharma), පද්මාවතී රාඕ (Padmavathi Rao), අනන්ත් නග් (Anath Nag), පුණ්‍යා එලිසබත් (Punya Elizabeth), ගීවී (Geevee), සුර්ජිත් (Surjith), මිනෝන් (Minon), එරික් සචාරියා (Eric Zachariah), ජූනියර් බාලයියා (Junior Balaiya), විශ්ණු ගෝවින්දන් (Vishnu Govindan), නවීන් ජෝර්ජ් තෝමස් (Naveen George Thomas), මනි භාරතී (Mani bharathi), නක්ශස්ත්‍ර ප්‍රශාන්ත් (Nakshasthra paranth), ආරන්ද්‍යා ශ්‍රී (Aarandhya Shree) සහ ශිවාජි (Shivaji) යන නළු නිළි රැසකගේ දායකත්වය මෙම චිත්‍රපටය හිමි වෙනවා.

චිත්‍රපටය ගැන කෙටියෙන්

පාර්වතී එහෙමත් නැත්නම් පාරූ, ඉතින් මේ පාරූට පුංචි කාලෙදි අහන්න ලැබෙනවා කතන්දරක් මඟදි හමුවෙන මේරි නැන්දගෙන්. ඒ කතාවෙ කියවෙන්නේ තමන්ගෙ එකම අරමුණක් වෙනුවෙන් දිගටම චාරිකාවක යෙදෙන සොල්දාවෙක් ගැන. ඉතින් කාලය පහුවීමත් එක්කම පාරූ තරුණියක අවදියේදි ඇයට විවාහ වෙන්න කියලා ඇයගේ මවගේ බල කිරීමත් එක්ක ඒකට අකමැති වෙන පාරූ බොරු හේතුවක් හදාගෙන ටිකක් දුර පළාතකට යනවා, වෙන ගමක නවතින්න බලන් පාරූ ට, දකින්න ලැබෙනවා ගොඩනැගිලිවල ඇඳලා තියෙන ලොකු චිත්‍රයක්. ඉතින් මේ චිත්‍රයේ ඇඳලා තියෙන්නේ පොඩි කාලෙදි පාරූට අහන්න ලැබුණු කතන්දරය. මේ චිත්‍රය දකින පාරූ මේක ඇඳපු කෙනාව හොයන්න ගන්නවා. මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ “මාරා” විසින්. නොදැනුවත්වම හරි පාරූ නවතින්නෙත් මේ මාරාගෙ ගෙදර. ඒත් මේ මාරාව මැයට මුණ ගැහෙන්නේ නැහැ. ඒත් මේ පාරූ එයාගේ සෙවීම නතර කරන්නෙත් නැහැ. මේ පාරූ මොන විදිහෙන් හරි මාරාව මුණ ගැහෙන්න හදන හැම පාරම ඒක මඟ ඇරෙනවා. මේ පාරූට මාරාව හොයාගන්න ලැබෙයිද?

මේ කතාවේ ඔයිට වඩා යමක් මම කියන්න යන්නේ නැහැ. ලස්සන තේමාවක් එක්ක පට බැඳුණු මේ චිත්‍රපටය ලස්සන සතුටු කඳුළකින් අවසන් වෙනවා. ඉතින් මේ කතාව බලන්න, CINERU.lk වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරයෙන් ඉල්ලනවා!

හැමෝටම සුභ දවසක්!! ජය වේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් ඛාන් (රුකා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් ඛාන් (රුකා)

January 17, 2021


2
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🙂❤️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login