Maadan Kodai Vizha (2025) Sinhala Subtitles
Maadan Kodai Vizha (2025) Sinhala Subtitles
8.6

Maadan Kodai Vizha (2025) Sinhala Subtitles | “ මාඩන් දෙවියන්ගේ අඩවිය සහ ගමේ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ

(Maadan Kodai Vizha (2025) Sinhala Subtitles) (Maadan Kodai Vizha (2025) Sinhala Subtitle) (Maadan Kodai Vizha (2025) Sinhala Sub)

කතාව පටන් ගන්නේ තමිල්නාඩුවේ වේලප්පන්කුලම් කියලා බොහොම පිටිසර ගමකින්. මේ ගමේ ආරක්ෂක දෙවියන් විදියට සලකන්නේ “සුඩලයි මාඩන්” දෙවියන්ව. ගමේ අය විශ්වාස කරන විදියට, අවුරුද්දකට සැරයක් දෙන බිලි පූජාව සහ උත්සවය තිබ්බේ නැත්නම් මුළු ගමම විනාශ වෙනවා.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙවෙයි. මීට අවුරුදු 12කට කලින් මේ උත්සවය අස්සේ වෙච්ච ලොකු රණ්ඩුවක් නිසා මිනීමැරුමක් සිද්ධ වෙලා, පොලීසියෙන් මැදිහත් වෙලා මේ පූජාව තහනම් කරනවා. ගමේ බලපුළුවන්කාරයෝ දෙපැත්තක් මේ පූජාවේ අයිතිය ඉල්ලගෙන මරාගන්නවා.

අපේ කතා නායකයා, ඒ කියන්නේ මේ ගමේ ඉන්න තරුණ කොල්ලෙක් වෙන “මාරි”, රස්සාව කරන්නේ ටවුමේ. එයාට ආරංචි වෙනවා එයාගේ අම්මා අසනීපෙන් කියලා. ගමට එන මාරිට දැනගන්න ලැබෙන්නේ අම්මාගේ අසනීපේ හොඳ වෙන්න නම්, නතර කරලා තියෙන “මාඩන් පූජාව” ආයෙත් පවත්වන්න ඕන කියලා අම්මා බාරයක් වෙලා තියෙන බව.

ඉතින් මාරි තීරණය කරනවා කොහොමහරි මේ අවුරුද්දේ උත්සවය පවත්වනවා කියලා. හැබැයි ගමේ ඉන්න දුෂ්ට ගම්පති මේකට ඉඩ දෙන්නේ නෑ. එයාට ඕන පරණ කෝන්තරයක් පිරිමහගන්න. මාරි නීතියෙන් අවසර ගන්න ගියොත් ගම්පති ගේම් ගහනවා. ගමේ මිනිස්සුන්ව එකතු කරන්න ගියොත් කුල ප්‍රශ්න අදිනවා.

මේ ඔක්කොම අස්සේ මාරි ගම්පතිගේ කෙල්ලට හිතින් ලව් කරනවා. මේක දැනගත්තම ප්‍රශ්න තවත් වැඩි වෙනවා.

ෆිල්ම් එකේ ලොකුම ගැම්ම එන්නේ අන්තිම ටිකේ. පූජාව පවත්වන්න ලෑස්ති වුණු රෑ, ගම්පතිගේ මැරයෝ කඩා පනිනවා. එතනින් එහාට යන්නේ සාමාන්‍ය මිනාමැරුම් සීන් එකක් නෙවෙයි. මාඩන් දෙවියන්ගේ ආවේශය එක්ක යන ලේ හෙලවෙන, ඇඟ හිරිවැටෙන ක්ලයිමැක්ස් එකක්.

ගමේ දේශපාලනය, පරණ පලිගැනීම් සහ දෙවියන් ඉදිරියේ ඇත්ත හෙළිවෙන හැටි බලාගන්න ආස අයට සුපිරිම කතාවක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිම්හානි චතුරිකා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිම්හානි චතුරිකා

November 20, 2025


19
Total Subtitles

3 comments

  1. බොහෝම ස්තූථියි සිස් උපසිරැසියට

  2. senaka pushpakumara

    Godak sthuthi obat sub ekt..

  3. Godak sthuthi obat sub ekt..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login