Love Through a Prism (2026) S01 Sinhala Subtitles
Love Through a Prism (2026) S01 Sinhala Subtitles
7.9

Love Through a Prism (2026) S01 Sinhala Subtitles | “ ආදර සිත්තම ” | සිංහල උපසිරැසි සමඟ

 ඔයා Boys over flowers බලලා තියනවද? ඔව් ඔව්, අවුරුදු 12කට විතර කළින් ලංකාව හොල්ලපු අර K-Drama එක තමයි. එහෙනම් ඔයා දැනටමත් දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි ඒක පදනම් කරගෙන තියෙන්නේ 1992 වසරේ නිකුත් වුනු Japanese Manga Series එකක් කියලා. 😌

ඔන්න ඉතින් ඒ ඔරිජිනල් Manga Series එක ලියපු කෙනා Yoko Kamio අලුත් ඇනිමේ එකක් හදනවා Netflix එක්ක එකතු වෙලා.
මේකෙ නම තමයි LOVE THROUGH A PRISM. ස්ට්‍රීම් වෙන්න පටන් ගත්තේ 2026 ජනවාරි 15.

ඔයා මේක බලන්න හිතන් ඉන්නවා නම් කියන්න තියෙන්නෙ මේක Boys Over Flowers වගේම තමයි. එකම වෙනස මේ අලුත් ඇනිමේ එක දුවන්නේ 20වැනි සියවසේ මුල් කාලේ. ඒ වගේම මුලින් ආතල් එකේ ගිහිල්ලා කලබලයක් නැතිව හිමින් සැරේ සීරියස් වෙන කතාවක්.

ඒ වගේම මේක නිර්මාණය කරන්නේ Attack On Titan, Spy X Family ඇතුළු ලෝක ප්‍රසිද්ධ වැඩ බර ගාණක් කරපු Wit Studio එකෙන්.
ඉතින් බලන්න හොඳ writer කෙනෙක්, හොඳ studio එකක් එක්ක එකතුවෙලා කරලා තියන මේ වැඩේ කොහොමද කියලා.

පෞද්ගලිකව මම ලොකුවට ඇනිමේ බලන කෙනෙක් නෙවෙයි. 🥲 මං මෙච්චර කල් බලලා තියෙන ඇනිමේ නිර්මාණ ගාන අතේ ඇඟිලි ගානටත් වඩා අඩුයි මං හිතන්නේ. ඒත් කොහොමහරි මං හිතනවා මේක මගේ All Time Favorite එකක් වෙයි කියලා. මොකද, හුඟ කාලෙකට පස්සේ තමයි මේ වගේ සරල තේමාවක් දුවන සීරීස් එකක් බලන්න සෙට් වුනේ. මේකෙ ලොකු plot twist අරවා මේවා නෑ, තේරුම් ගන්න අමාරු සිද්ධි ගැලපීම් නෑ. මුල ඉඳන් අගට පාඩුවේ බලාගෙන යන්න තියෙන්නේ.

එහෙනම් ඉතින් මේක බලන්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

One comment

  1. ඔක්කොම එකට දුන්නට Thank You සහෝ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login