The title of the page
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
7.8
93

Love Story (2021) Sinhala Subtitles | ” දිවි ඇති තුරා නුඹ සමඟයි ” | සිංහල උපසිරැසි සමඟ

(Love Story (2021) Sinhala Subtitles) (Love Story (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

බොහො දෙනෙක් කාලයක් තිස්සෙ ආසාවෙන් බලා උන්නු ආදරණීය තෙලිඟු සිනමා පටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ උනේ.

Love Story | ආදර කතාව

2020 වර්ශයේ තිරගත වෙන්න තිබුනු චිත්‍රපටයක්.අවාසනාවන්ත විදියට කොරෝන උවදුර නිසා නිතර කල් දමන්න සිද්ද වුනා මේ චිත්‍රපටය.මාත් ඉතින් නිවේදනය ගිය දවසෙ ඉදන්ම බලන්න ආසාවෙන් උන්නු චිත්‍රපටයක්.අවසානෙ පහුගිය සැප්තැම්බර් 24 වෙනිදා සිනමාශාලාවලට නිකුත් කෙරුනා.ඒ වගේම හොඳා සාර්තකව ගිය චිත්‍රපටයක් තමයි මේ Love Story.රේටින් බැලුවමත් හොද මට්ටමක තියේ කියලා පේනවනේ.ඒ විතරක් නෙමෙයි ඉන්දියානු රුපියල් කෝටි 20 ක් වියදම් කරල නිෂ්පාදනය කරපු චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඉන්දියානු රුපියල් කෝටි 61.66  ක් ලබාගන්න සමත් වුනා.

ඉතින් හැමෝටම මතකයි 2017 සායි පල්ලවී සහ වරුන් තෙජ් දෙන්න රගපාපු Fidaa  චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුනා.ඒක අධ්‍යක්ෂණය කල Shekar Kammula මහත්තයගෙම අධ්‍යක්ෂණයක් තමයි මේ චිත්‍රපටයත්.රංගනයෙන් එක් වෙන්නේ තෙලිඟු සිනමාවේ තවත් අපූරු නලුවෙක් වන Naga Chaitanya සමඟින් දකුනු ඉන්දියාවේ නර්තන රැජිණ Sai Pallavi විසින්.ඉතින් සායි පල්ලවීට අපේ ලංකාවෙත් ඇත්තටම හොද ෆෑන් බේස් එකක් තියෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේත් සහ ඇය රංගනයෙන් එක් වන සෑම චිත්‍රපටයකම වගේ සාර්තකත්වයට ඇය විශාල පිටුවහලක් වෙනවා.

ඉතින් තවත් විශේෂ සිදුවීමක් උනේ චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින් ආව “Saranga Dariya” ගීතය.ඒ දකුනු ඉන්දියාවෙ Lyrical Video එකක් ලබාගත් වැඩිම යූටියුබ් විව්ස් ගානෙ වාර්තාවට Saranga Dariya Lyrical Video එක පත්වීම.ඒ අල්ලුගේ AlaVaikunthapuramulo හි ” Butta Bomma ” ගීතයද අභිබවා යමින් යූටියුබ් හි විව්ස් මිලියන 300 ලබා ගනිමින්.සායි පල්ලවීගේ දඟකාර නර්තනය වගේම Mangli ගේ ආකර්ෂණීය හඬත් එය මේ තැනට ගෙනාවා කිව්වොත් නිවැරැදියි.

හරි එහෙනම් මම පොඩ්ඩක් කතාව ගැන මතක් කරන්නම්.

රේවන්ත් කියන්නෙ හයිද්‍රාබාද් වල සුම්බා සෙන්ටර් එකක් කරගෙන යන කොල්ලෙක්.ඉතින් මෙයා උත්සහ කරන්නෙ බැංකු ණයක් අරගෙන ටිකක් ලොකුවට මේක කරගෙන යන්න.ඔය අතරෙ ඊට අල්ලපු ගෙදරට මෞනිකා කියල කෙල්ලෙක් එනවා.ඒ එන්නේ රස්සාවක් කරන්න ඉන්ටව් එකකට යන්න.ඉතින් එයා ගමේ යමක් කමක් තියෙන කෙනෙක් රේවන්ත් වගේ නෙමේ.නමුත් මෙයා සමහර දේවල් වලට හරිම බයයි.බයයි කියන්නෙ ආතතිය වැඩිකමට කලාන්තෙ පවා දානව නිතරම.ඉතින් මෙයා මේ ගෙදර ඉන්නෙ එයාගෙ යාලුව එක්ක.එයා රේවන්ත්ගෙ සුම්බා සෙන්ටර් එකට යන කෙනෙක්.

දැන් රේවන්ත්ට ඕන කරල තියෙන්නෙ මෞනිකාවටත් සුම්බා සෙන්ටර් එකට ගන්න.මොකද එයා ගොඩක් සල්ලි ප්‍රශ්න එක්ක ඉන්න නිසා.

බලන්නකො ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම..
ඉතින් කියන්න ඕන මේක නිකම්ම නිකං ආදර කතාවකුත් නෙමෙයි.සමාජේ ගොඩක් දේවලුත් ඈදගෙන නිර්මාණය කරපු අපූරු කතාවක්.

එහෙනම් සිංහල උපසිරැසි අරගෙන , සින්දු ටික යවන්නෙ නැතුව ඒවත් රසවිඳින ගමන් චිත්‍රපටය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.ඔක්කොම සින්දු වලටත් එක්කම උපසිරැසි දාල තියෙන්නේ.එහෙනම් ආයෙම උපසිරැසියකින් හම්බෙනකම් පතන්නම් හැමෝටම ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

24 comments

  1. නියමයි මදුශාන් මල්ලි තෑන්ක්ස් සබට.. ෆිල්ම් එක ඇවිල්ලා පැය තුනක් ගියෙ නෑ ❤️❤️❤️❤️

  2. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි මදුවෝ තැනක් සබට😍😍💪

  3. නියමයි මදුවා..❤

  4. Sandeepa malshan
    Cineru Family Member

    අමෝ අමෝ මදුවා අයියා 😅👌 මෙන්න කෙල්ලෙක් අපිට හාලුත් ඤැහ්

  5. Shan Shenow
    Cineru Family Member

    සබට තෑන්ක්ස් 😍❤️

  6. Thnx bro.. Flight (2021) Hindi ekatath puluwannam dennako bro

  7. Thanks sub ekata, Rashmi rocket hindi film ekata sub dennako plzzz

  8. Thanks (Madushan Priyankara)

  9. thanks sub ekata digata ma karagena yamu

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  12. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට

  13. Nilakshi Ekanayake

    බොහොම ස්තූති සබ් එකට.. බලාගෙන හිටියේ ෆිල්ම් එක දෙනකම්..👍

  14. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. ෆිල්ම් එක ඇවිල්ලා පැය 3කට කලින් කොහොමද මචන් සබ් හදන්නේ??(ඔයාලගෙම කෙනෙක් කියන්නේ)
    ගූගල් ට්‍රාන්ස්ලේට් නේද??

    • ෆිල්ම් එක එන්න දවස් ගාණකට කලින් මහන්සිවෙලා කැම් කොපියට ටයිම් ලයින් ගහලා අසා ලියලා තමයි ෆිල්ම් එක ඇවිත් පැයෙන් දෙකෙන් ඔරිජිනල් කොපියට සින්ක් කරලා සබ් එක දෙන්නේ..ඒක කරන්න පුලුවන් මේ වගේ භෂාව දන්න කීපදෙනෙක්ට විතරයි..සමහර ෆිල්ම් ආව ගමන් දෙන්නයි අනිත් ඒවා ආව ගමන් නොදෙන්නයි හේතුව ඒක…ඔය වගේ සම හරක් තමයි හිතන් ඉන්නේ ට්‍රාන්ස්ලේට් එකක් දෙන්නේ කියලා😂..කමෙන්ට් එක දාන්න කලින් සබ් එක අරන් බලලම හිටියනම් ගොඩක් හොඳයි..😂🖐

  16. Thxxx brooooo

  17. Hashen chathuranga

    සුපිරියක් සහෝ ❤️🥰

  18. එතකොට ඩූන් ෆිල්ම් එකේ ට්‍රාන්ස්ලේට් එකක් හදල නෙවෙයි, ඉංග්‍රීසි උපසිරැසියම සිංහලට හරවල කියලද ඔයා කියන්නේ?
    ට්‍රාන්ස්ලේට් එක එහෙන් මෙහෙන් ටිකක් හදලනෙ තියෙන්නෙ ඒකෙ.

    • ඉස්සරවෙලා කමෙන්ට් එකේ කියලා තියන දේ හරියට තේරුම් ගත්තනම් හරි..ඩූන් එකට සබ් දුන්නේ ෆිල්ම් එක ඇවිත් දවසකටත් වැඩිය ගිහින්…E Sub එන ෆිල්ම් වලට මොකටද ටයිම් ලයින් ගහගෙන දුක් විඳින්නේ..කොහොමත් E Sub එකක උදව්වෙන් සබක් කරත් පැය තුනට දෙන්න බෑ..😁 එහෙම දෙනවනම් නිකන් ට්‍රාන්ස්ලේට් තමයි..හැම ලයින් එකක්ම ආපහු හදලා තමයි ඒ දුන්නත් දෙන්නේ..ඒකටත් දවසක්වත් යනවා අඩුම..අනික ටැමිල්,තෙලිඟු ෆිල්ම් වලට E Sub එනකන් බලන් ඉන්නෑ..ඒ භාෂා පුලුවන් කීපදෙනෙක් සයිට් එකේ ඉන්නවා..එයාලා කැමරා කොපියක් රිලීස් වුණාම සබ් එක ගහනවා ටයිම් ලයින් හදලා අසා ලිවීමක් විදියට..එහෙම කරන ඒවා තමයි ඇවිත් පැය කීපෙකින් ඔරිජිනල් එකට සින්ක් කරලා දෙන්නේ..හැම එකම E Sub ආවම ඒකෙන් හදලා දෙනවා කියලා හිතන් ඉන්න එපා..❤ E sub එකක් නැතුව ගහන සබ් වල තමයි කාලරාමු සැකසීම,පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම කියලා දාලා තියෙන්නේ..E Sub එකක උදව්වෙන් කරන සබ් වල දාලා තියෙන්නේ පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම කියලා..😊

  19. G.v.duminda Jayanath

    filuma gaththa… sub ekata thanks machaaah… ubala handa thama ithin film ekak therun aran balanne

  20. බොහොම ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම 😍😘

  21. බොහෝම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login