The title of the page
Love and Monsters 2020 Sinhala Sub
Love and Monsters 2020 Sinhala Sub
7.1
90
93

Love and Monsters (2020) Sinhala Subtitles | ආදරය සොයා රාක්ෂයින් මැදින් | සිංහල උපසිරැසි සමඟ

(Love and Monsters (2020) Sinhala Sub) මේ ලෝකෙ ඉන්න සත්තු ඔක්කොම වගේ විකෘතිකයො වෙලා, කූඹියෝ, කැරපොත්තො, පත්තෑයො වගේ පුංචි සත්තු පවා ගොඩක් ලොකු වෙලා මිනිස් සංහතියම කන්න පටන්ගත්තොත් කොහොමට හිටියිද? 😲

ඔන්න ඔය විදිහෙ සිදුවීමක් වෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්න. මම කලින් කිව්වා වගේම Love and Monsters චිත්‍රපටියට උපසිරැසි අරගෙන ආවා. මේක ගොඩක් අය ඉල්ලලා තිබුණු උපසිරැසියක්. පොරොන්දු වුණු විදිහටම අරගෙන ආවා.

මේ චිත්‍රපටියෙ සිදුවීම වෙන්නෙ “අගතා 616” කියන ග්‍රාහකය කෙලින්ම පෘථිවිය පැත්තට එනවා. ඒත් ඉතින් මිනිස්සුන්ගෙ තියෙන දියුණුව නිසා මේ ග්‍රාහකය පෘථිවියට කඩා වැටෙන්න නොදී විනාශ කරලා දානවා. ඊට පස්සෙ මිනිස්සු හිතාගන්නවා මේ කරදරේ ඉවරයි කියලා, ඒත් ඊට පස්සෙ තමයි කරදරේ පටන්ගන්නෙ. ඒ විනාශය නිසා ඒ ග්‍රාහකයෙ තිබුණු රසායනික සංයෝගයක් පෘථිවියට ඇදහැල්ල පටන්ගත්තා. මේ රසායනික සංයෝගය නිසා පෘථිවියේ තිබුණු හැමදෙයක්ම වගේ ගොඩක් වෙනස් වුණා. විකෘති වුණා කිව්වත් හරි, ගොඩක්ම මේක බලපෑවෙ සත්තුන්ට. ඉතින් ඒ සිදුවීම නිසා මිනිස්සුන්ට පොළොව මතුපිට ජීවත්වෙන්න බැරිවෙනවා, ඒ නිසා මිනිස්සුන්ට පොළොව යට බංකර් හදාගෙන ජීවත්වෙන්න වුණා, ඒවා හඳුන්වන්නෙ “ජනපද” නමින්. මේ විදිහට ජනපද විශාලා ප්‍රමාණයක් බිහිවුණා, ලෝකෙ වටේම.

මේ ජනපදවල ඉන්දැද්දි මිනිස්සුන්ට නොයෙක් කරදරවලට මූණ දෙන්න සිද්ධවෙනවා. ඒ අතරෙ ඉන්නවා “ජෝල්” නැත්තන් “ජොයෙල්”. මෙයාගෙ ජනපදයෙ තනිකඩයෙකුට ඉන්නෙ මෙයා විතරයි. තනිකඩයෙක් කිව්වට මෙයාගෙ ගෑණු ළමයා වෙනත් ජනපදයකයි ඉන්නෙ. කලින් ගෑණු ළමයා කිව්වොත් තමයි හරි. මෙයා මේ ජනපදයෙන් එළියට ඇවිත් එයා ආදරේ කරපු ගෑණු ළමයව හොයාගෙන යන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ. ඒ ගමන යන අතරෙදි භයානක සිදුවීම් වගේම සුන්දර සිදුවීම්වලයත් ජොයෙල්ට මූණ දෙන්න සිද්ධ වෙනවා.

චිත්‍රපටියෙ Main Poster එක තමයි පහළින් තියෙන්නෙ 👇👇

Love and Monsters Sinhala Sub
Love and Monsters Sinhala Sub

ජොයෙල් මේ ගමන යන අතරමගදි අපූරු සතුන් සහ භයානක සතුන් කීපදෙනෙක්ම ජොයෙල්ට මුණගැහෙනවා.

විශේෂම අය තමයි “සැන්න්ඩ්ගොබ්ලර්” කියලා කියන්නෙ. මේ අය ගැන ලොකු පැහැදිලි කිරීමක් නම් හොයාගන්න ලැබුණෙ නෑ. සැන්ඩ්ගොබ්ලර් කගෙත් ක එක වර්ග ඉන්නවා. ඒ අතරෙන් ඔය පහළ පොටෝ එකේ ඉන්න අය තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නන්නෙ. මේ සැන්ඩ්ගොබ්ලර් සත්තුන්ගෙ රැජිනවත් මෙයාට මුණගැහෙනවා. එතනදි නම් හෙනම ජංජාලයක් තමයි වෙන්නෙ.

මේ සතා ගැන විතරයි පැහැදිලි කරේ, මොකද මේ සතා ගැන වැඩි විස්තරයක් ෆිල්ම් එකෙන් නොදෙන නිසා. තවත් එපා කරපු සත්තු ගොඩක් ජොයෙල්ට හම්බවෙනවා.

මේ චිත්‍රපටිය ගොඩක්ම විශේෂ වෙන්න එක හේතුවක් තමයි Dylan O’Brien කියන Manz Runner චිත්‍රපට මාළාව හරහා ජනප්‍රියත්වයට පත්වුණ රංගන ශිල්පියා මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය නිරූපණය කරන එක. ඒ වගේම Jessica Henwick එහෙමත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. Survival චිත්‍රපටිපටි බලන්න කැමති ඈයොට නම් මේක සුපිරිම චිත්‍රපටියක් වෙනවා ආයෙ දෙකක් නෑ. ඒ වගේම මේක Fantasy ඝණයටත් ගන්න පුළුවන්. IMDb 7.1 ක අගයකුත් Rotten Tomatoes හී 90% ක අගයකුත් මේ චිත්‍රපටිය හිමිකරගෙන තියෙනවා 😍🔥 ඒ වගේම 93% ක ගූගල් පරිශීලකයින්ගෙ කැමැත්තත් හිමිකරගන්න සමත්වෙනවා. Adventure/ Apocalyptic and Post-pocalyptic fiction ඝණයට තමයි මේ චිත්‍රපටිය අයිති වෙන්නෙ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Michael Matthews කියන චිත්‍රපටි අධ්‍යක්ෂවරයා.

කාලෙකට පස්සෙ ආතල් එකේ බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්. සිනෙරූ උපසිරැසි අඩවියට පිවිසෙන සැමට ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා. පැයයි විනාඩි 49 ක් පුරාවට දිවෙන අපූරු සිනමා සළරුවක්. මේ චිත්‍රපටියෙන් අපිට අපූරූ කියමනකුත් දැනගන්න ලැබෙනවා. ඒක තමයි…

             “අපේ සහජ බුද්ධිය වර්ධනය වෙන්නෙ අපෙන් සිද්ධවෙන අත්වැරදීම් වලින්”

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. උපසිරැසි ෆයිල් එක අරන් නිකම්ම යන්නෙ නැතුව පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමදාමත් කියනවා වගේ ඔයාලා දාන කමෙන්ට් එක විතරයි අපිට තවත් උපසිරැසියක් කරන්න හයියක් ගේන්නෙ.

                                               ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL /HDRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

10 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    ලිපිය සුපිරියට ලියල තියනව ❤..
    ජය වේවා.!

  2. G.W.Deshan Adithya

    තැන්ක්ස් සෝමෙ අයියා සබ් එකට
    පට්ට Adventure ෆිල්ම් එකක් 😘🥰

  3. නිරෝෂ්

    ස්තුතියි සොමේෂ් සහෝ.ජයවේවා!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. ස්තුතියි Brother සබ් එකට, මචං පුලුවන්නම් The Tenet එකේ හොද Copy එකක් Released උන ගමන් Sub එක කරන්න,Thanks Bro…

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සොමේයෝ, සුපිරියක්. දැන්ම බලනෝ 🌻🌻

  7. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks Ela niyamai

  8. Shalinda Kaveesha
    Cineru_users

    thanks kollo

  9. Thanks bokka 👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login