The title of the page
sinhala sub love aaj kal 2020
sinhala sub love aaj kal 2020

Love Aaj Kal (2020) Sinhala Subtitles |තවත් ආදර කතාවක්|සිංහල උපසිරැසි සමග|(18+)

සනසන්න මගෙ හිත…
හිමි නොවන රූ සපුව..
පතමි මතු දිනක..
හමු වන්න අපි දෙදෙන…
හීනයකි ඔබ මට…
කිසි දිනක හමු නොවන…
මට අහිමි ආදරය…
දුන්නා ද වෙන එකුට..
හිතින් පෙම් බැන්දාට…
හිමි නැත මට ඔබව…
ඒ දුක කිසි දිනෙක…
නොලැබේවා ආත්මයක…
ඔබ නැවත නොඑන බව දැන…
ඔබ එන තුරු බලා සිටින…
මේ යාචක සිතට ….
ඉඩ නැතිද ඔබ ගාව….
දුක් නොවනු කිසි දාක…
ඔබට පෙම් බැන්ද මම…

ආදරය කැස්සයි හංගන්න බැහැ කියනවා නේ..හරි හරි දැන් කියන්න එපා කැස්ස හංගන්න පුළුවන් කියලා .ආදරය කියන්නේ ලස්සන හීනයක් ලස්සන හීනයක් නිකන්ම එන්නේ නැහැ නේ භයානක දේවල් එක්ක පිරුණු දෙයක් තමයි ආදරය.ආදරය ඇති වෙන්නේ කොහොමද? එක එක අයට එක එක විදිහට නේ.පාසල් ප්‍රේමය තමයි ගොඩක් ලස්සනම නේ.මොකද හැම ආදරණිය කතාවකම ඉන්නවානේ හතුරෙක් ගොඩක් වෙලාවට පාසල් ප්‍රේමයේ හතුරා වෙන්නේ විදුහල්ප්‍රති නේ (හොදම යාලුවා ඇරෙන්න). සමහර අය ආදරයට ලොකු තේරුම් දෙනවා ,ඒවා ගැන අපි මෙතන කියන්න ඕනේ නැහැ.(love aaj kal 2020 sinhala sub)

ඉතින් සමහර අය ආදරය කරලා විදවනවා සමහර අය කරන ගමන් විදවනවා,සමහර අය කරන්න ගිහින් විදවනවා.ඉතින් මේකත් ලස්සන ආදර කතාවක් මේ කොල්ලා සැහෙන වෙනස් .සෝයි තමයි කෙල්ල ටිකක් අමුතු විදිහට ජීවිතය විදින කෙනක් ඇයි එහෙම කියන්නේ කියලා ෆිල්ම් එක බලලාම අදහසක් ගන්න.වීර් කියන්නේ අපි වගේ අහිංසක කොල්ලෙක් .ඉතින් මේ කොල්ලා මේ කෙල්ලට සැහෙන තදින් ආදරය කරනවා.කෙල්ල තමයි මේ කොල්ලට එක අනිත් ඔක්කොම දෙක.ඉතින් කෙල්ලගේ ජිවිත රටාව වෙනස් නිසා මේ කොල්ලා සැහෙන කට්ටක් කනවා. හැබැයි කොල්ලා සැහෙන වැදගත් කොල්ලෙක් එහෙම කියන්නත් හේතුවක් තියෙනවා , මේක ලස්සන ආදර කතාවක්(sinhala sub love aaj kal 2020)

භාෂාව නම් හින්දි IMDB අගය 5.6 අගයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ආදර කතාවක් වගේම පවුලේ ඔක්කොම එක්ක නම් බලන්න යන්න එපා ප්‍රදාන නලු නිළියන් විදියට Kartik Aaryan,Sara Ali Khan,Arushi Sharma,Randeep Hooda, මේ අය තමයි ඉන්නේ,ආදර කතා හොයන අය මේක බලන්න වටිනා ෆිල්ම් එකක්  එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.!

nadun

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් නදුන් මදුරංග සොයුරාට සහ සිතුම් සංජන සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

10 comments

  1. malinda wijesena

    බොහොම ස්තුති ඔබ දෙපලට

  2. Ftt bro

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි 😊😊

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ…ආදරෙයි

  5. සබට තෑන්ක්ස් සහෝල..😍

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. තෑන්ක්ස් සහෝල.. 😍

  8. Arawinda Sunimal

    thanks sub ekata oba depalata jaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login