The title of the page
love 2021 sinhala sub
7.6
85

Love (2021) Sinhala Subtitles | ආදරය….. | සිංහල උපසිරැසි සමඟ

🌟  ගූගල් පරීශිලක දර්ශකය 86%
🌟  IMDB 7.6/10
🌟  Runing Time : 1h 32 min
☀️ Times Of India : 4/5
☀️ Thriler / Mystery

Cast :
• Rajisha Vijayan : දීප්තී
• Shine Tom Chacko : අනූප්

🙏 ආයුබෝවන් 🙏

(Love (2021) Sinhala Sub) 

මලයාලම් සිනමාවේ සෑම විටම නවෝත්පාදන හා තාක්‍ෂණය මුසු කරමින් තිර රචනය හා චිත්‍රපට නිපදවීම තුළින් දුෂ්කරතා ජයගෙන තියෙනවා කියන්න හොදම උදාහරණයක් දෙමින් මේ වසරේ පෙබරවාරි 19 වන දින නෙට්ෆ්ලික්ස් හරහා මුලින්ම නිකුත් කරපු තවත් සොදුරු මලයාලම් සිත්තමක් අරගෙනයි මං මේ වෙලාවේ www.cineru.lk වෙබ් අඩවියට ගොඩවෙන්නේ. Khalid Rahman ගේ අධ්‍යක්ෂණය යටතේ Shine Tom Chacko, Rajisha Vijayan, Gokulan යන මලයාලම් සුපිරි නළු නිළියන්ගෙන් හැඩ වූ තවත් අපූරු මලයාලම් මැජික් එකක් තමයි මේ. Drama, Thriller කැටගරිය යටතේ 1h 32min ඔබව අමන්දානන්දයෙන් මලයාලම් රහතුල ඔබව ඇද බැද තබමින් 7.6/10 ක imdb අගයට කරකැවුනු පට්ට ෆිලුමක්. imdb එක දැක්කම ඉතින් හිතාගන්න පුළුවන්නේ.. Unda (2019), Anuraga Karikkin Vellam (2016)., යන සුපිරි ඝණයේ මලයාලම් සිනමා අධ්‍යක්ෂණය කල Khalid Rahman ගේ තවත් එක් ජයග්‍රාහි සිනමා සිත්තමක් විදිහට මේ චිත්‍රපටය නම්කල හැකියි.

Anuraga Karikkin Vellam (2016) චිත්‍රපටයෙන් පසුව ඔහු අධ්‍යක්ෂණය කල තුන් වැනි චිත්‍රපටය මෙයයි. පලමු චිත්‍රපටයේ ප්‍රේමය පිළිබද ජනතාවට හොද සිනමා සිත්තමක අත්දැකීමක් ලබා දුන් මොහු සිය තෙවෙනි සිනමා සිත්තම සමග ප්‍රේමය සමග එහි අදුරු පැත්ත ගැන රසිකයන්ට යමක් ලබා දෙයි. Unda (2019), සිනමා සිත්තමෙන් පසු Shine Tom Chacko රහමන් සමග නැවත මේ සිනමා සිත්තම සමග එකතු වීමත්, චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Rajisha Vijayan රාජ්‍ය සම්මානයක් රාජ්‍ය සම්මානයක් පවා දිනා ගැනීම මෙහි විශේෂ අවස්ථාවක් වේ.

අමුතුම ආරම්භයකින් සහ නොහිතු අවසානයකින් මේ සිනාම වෘතාන්තය දිග හැරී ඇත..

Shine Tom Chacko සමගින් Rajisha Vijayan මෙලෙසින් මේ සිනමා සිත්තමේ රංගනයේ යෙදෙනුයේ අනුප් සහා දීප්ති යන යුවළකටයි. . දීප්ති තමා ගැබ්ගෙන ඇති බව වටහාගෙන අනූප් සමඟ එකතු වීමට උත්සාහ දරන කතාවේ වීර වරියයි. අනූප්ගේ පෙර වැරදි දීප්ති සිය නුවණින් අල්ලගෙන අනූප්ට සාක්ෂි ඇතිවම පෙන්වා අනූප්ගෙන් ඒ පිළබදව විමසනවා..

ඔබ විවාහ ආරවුලකට හසු වූ විට ඔබ කරන්නේ කුමක්ද?

කාලිඩ් රහ්මාන් විශේෂ කුතුහලය දනවන ත්‍රාසජනක සිදුවීමක් සම්බන්ධ කර ගනිමින් විවාහයක් තුළ වෛරයට හැරවිය හැකි ආදර යුවළක් තමන් මුහුණ දෙන විශ්වාසනීය ගැටලු මඟහරවා ගැනීමට උත්සාහ කරන ආකාරය ගැන කතා කරයි.
විවාහක පුද්ගලයෙකු ජීවිතයේ අන්තිම වශයෙන් එක් වරක් හෝ ඔවුන් සියල්ල අවසන් කරන්න සිතුවොත් එය අවසන් වන්නේ දික්කසාදයකින් හෝ මිනීමැරුමක්කින්ය. මේ කතාවේ අන්තර් ගත වෙන්නෙ

1. එවැනි තවත් මිනීමැරුමක් ද?
2. දික්කසාදයක් ද?

ඔයාලම මේ සිත්තම බලා රස විදලා ඒ ගැන තීරණය කරන්න..

සටහන : උදය සමන්

🙏ස්තූතියි🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

7 comments

  1. Sthuthi sahoo

  2. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි බන් 😍

  3. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    Ela macan ♥

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Priyashan Jayarathna
    Cineru Family Member

    බොහොම ස්තූතියි මචන් 💪🔥
    මෙයාගෙ ඒවනන් මිස් කරන්නෙ නෑ 😘

  6. Love Story 2021
    Cast – Chaithanya , Sai pallavi

    Cineru team , Oya film ekt subtitle dennako

  7. Love story 2021 Movie akata subtitle dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login