The title of the page
Drishyam 2 (2021) Sinhala Subtitles
8.9
80
98

Drishyam 2 (2021) Sinhala Subtitles | අළු යට ගිණි.. | සිංහල උපසිරැසි සමඟ

(Drishyam 2 (2021) Sinhala Sub) දෘශ්‍යම් 2 කියන්නේ මොකද්ද, කවුද රඟපාන්නෙ, කවුද අධ්‍යක්ෂක, මොකද්ද කතාව කියලා විස්තර බහුතරයක් දන්නවා. මොකද මේ වෙද්දි නිකං පඳුරකට පයින් ඇනගෙන ගියත් දෘශ්‍යයම් 2 ගැන ලියවුනු කවි, නිසඳැස්, විචාර අනම් මනම් සීයකට වැඩියෙන් විසි වෙනවා. ඒක නිසා දෘශ්‍යයම් 2 මොකද්ද කියන එක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ, හැමෝම දන්නවා. නොදන්න කවුරුහරි ඉන්නවා නම් දෘශ්‍යයම් කියලා 2013 අවුරුද්දේ රිලීස් වුනු චිත්‍රපටියක් ඇති ඒක බලලා ඉන්න ඉස්සරලම. නෑ, අපි ඒ 2013 ආපු ෆිල්ම් එකට සිංහල සබ් කරලා නෑ. මොකද අපේ සබ් සයිට් එක 2019 අවුරුද්දේ පටන් ගත්තේ. හැබැයි වෙන සයිට් වල සිංහල සබ් තියනවා.

දෘශ්‍යම් 2 trailer එක බලපු කෙනෙක්ට සහ පොදුවේ සවුත් ඉන්දියන් සිනමාව ගැන අයිඩියා එකක් තියන කෙනෙක්ට අනිවාර්යයෙන්ම චිත්‍රපටිය ගැන ඒකෙ වෙන්නේ මොකද්ද කියන එක ගැන යම් දළ අදහසක් ඇති කරගන්න පුලුවන්. ඒ වගේම චිත්‍රපටියේ අවසානය ගැනත් trailer එක හරහා පැහැදිලිවම සිදුවීම් දෙකක් උපකල්පනය කරගන්න පුලුවන්. එක්කෝ ජෝජ් කුට්ටි පොලීසියට කොටු වෙනවා. නැත්තන් බේරෙනවා. පොලීසියට කොටු වෙනවා නම්,ඒ කියන්නේ නීතිය ඉස්සරහ පරාජය වෙනවා නම් නම් ආය චිත්‍රපටියේ දෙවනි කොටසක් කරන්නේ නෑ, එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නෑ. මොකද ඒක සාමාන්‍යයෙන් සමාජය තුළ සිදු වෙන සිදුවීමක්. කවුරුහරි ආත්මාරක්ෂාවට සිදුකරන යම් ක්‍රියාවක් නිසා පුද්ගලයෙක් මැරිලා ඒ මැරෙන පුද්ගලයා සහ එම ප්‍රදේශයේ පොලිස් කමිශනර්වරියගෙ පුතා වුනොත් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද කියලා හැමෝම දන්න නිසා ඒ සාමාන්‍යයෙන් වෙන දේ චිත්‍රපටියකුත් ගහලා අමුතුවෙන් පෙන්නන්න අවශ්‍යතාවයක් නෑ ඔන්න බලාගනිල්ලා කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම දෙවනි චිත්‍රපටිය තුළත් විය යුත්තේ නීතිය ඉදිරියේ වංගු නවලා වෙට්ටු දාලා ගිහිල්ලා නීතිය තමන් ඉදිරියේ පරාජය කරලා සචේතනිකව හෝ අචේතනිකව තමන් කරපු ක්‍රියාව යටපත් කරලා ගැළවෙන එක කියලා ට්‍රේලර් එක තුලින් තර්කානුකූලව උපකල්පනයක කරන්න පුලුවන්. මොකද ඒ ගැන හින්ට් එකක් trailer එක තුළම තියනවා, කල්පනාවෙන් බලන කෙනෙකුට අහු වෙලා ඇති ඒක.

එතකොට චිත්‍රපටිය තුළ තියෙන්නේ ජෝජ්කුට්ටි තමන්ගේ පවුල බේරගන්න ගහන මාස්ටර් ප්ලෑන් එක ගැන. එතකොට මෝහන්ලාල් ගැන බැලුවොත් අනිවාර්යයෙන්ම චිත්‍රපටියේ තරුව මෝහන්ලාල්. ඒකෙ කතා දෙකක් නෑ. ඒ වගේම එක්තරා පිරිසක් ඉන්නවා එයාලා හිතාගෙන ඉන්නේ ඩිරෙක්ටර් කෙනෙක් ස්ක්‍රිප්ට් එකක් අරගෙන කවුරුහරි ටොප් ස්ටාර් කෙනෙක් ලඟට ගියාම ඒ ස්ක්‍රිප්ට් එක අරගෙන තමන්ගේ මෝඩ රසිකයින්ව චූන් කරන්න අවශ්‍ය විදියට ඒක කපලා කොටලා වෙනස් කරලා කක්කා ගොඩක් කරන නළුවෝ තමයි හෙන පොරවල් කියලා. අන්න ඒ අය අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. මොකද එයාලගෙ නළුවො මෝහන්ලාල් වගේ දැවැන්ත පෞර්ෂයක් ඉස්සරහ ගන්ධබ්බයෝ, තාම ඉපදෙන්න තැනක් හොය හොය පාවෙලා යන අය. ඩි⁣රෙක්ටර් කෙනෙක් ඉස්සරහ නළුවෙක් පොඩ්ඩක් නිහතමානී වෙලා තමන්ගේ ඔලුව ටිකක් පාත් කලාම ඒකෙන් චිත්‍රපටියට වගේම නළුවටත් මොනතරම් ලොකු ආලෝකයක් ලැබෙනවද කියන්න හොඳ උදාහරණයක් දෘශ්‍යයම් 2 එකේ මෝහන්ලාල්. චිත්‍රපටි තුන්සිය පනහකට වඩා රඟපාලා තියන මිනිහෙක්. කොහොම නටන්න බැරිද? ෆිල්ම් එක බලපු අය දැනටත් දන්නවා මෝහන්ලාල්ගෙ රඟපෑම ගැන. පිරුණු කළේ දිය නොසැලේ කියන්නේ අන්න ඒකයි. දෘශ්‍යයම් පළවෙනි ෆිල්ම් එකෙන් දැකපු රංගනය ඒ විදියටම එක දශමයක් අඩු නැතිව ඊටක් වඩා swag එකකින් මේකේ දකින්න පුලුවන්. ඒ වගේම අනිත් ⁣සපෝටින් කැරැක්ටර්ස් කරන සියලුම නළු නිළියන් තමන් කරන්න ඕන දේ හරියටම අවබෝධයෙන් කරලා තියන නිසා චිත්‍රපටියේ රඟපෑම පැත්තෙන් මෙය 100% සාර්ථකයි.

චිත්‍රපටිය තුළින් අරගන්න පුලුවන් වැදගත්ම දේ තමයි කරුණාකරල අම්මලා තාත්තලා තමන්ගේ පුතාලව හදාගන්න. ඒක නොකර මේවා බලාගෙන ඉඳලා අනෙ අප්පේ කියලා හූල්ලලා කම්මුලේ අත තියාගෙන දුක් වෙලා වැඩක් නෑ. චිත්‍රපටි දෙක තුළ තියන සම්පූර්ණ ප්‍රශ්නයට හේතුව එක නොහොබිනා පුතෙක් තමන්ගේ අම්මගෙ පවර්ස් වලින් මත් වෙලා කරපු ⁣නොසන්ඩාල වැඩක්. ඒක නිසා තමන්ගේ දරුවන්ට එයාලගෙ ලිමිට්ස් ගැන පැහැදිලිවම කියා දෙන්න. ඒක අනිත් මිනිස්සුන්ගේ ජීවත වලට පහසුවක් වගේම සහනයක් වෙයි.

දිගු නිහැඬියාවකට පස්සෙ තමයි ආයෙත් මලයාලමකින් මේ හම්බවුනේ.. අවසාන වශයෙන් ලිපියට යමක් එකතු කරන්න හිතුවා.. ලයින්ස් ගාන වැඩි නිසා උපසිරැසිය ලබා දෙන්න ටිකක් ප්‍රමාද උනත් වැඩේ කොහොමහරි හොඳ මට්ටමින් ඉවර කර ගන්න පුලුවන් උනා. ආයෙත් ඉඩක් ලැබුනු වෙලාවක හොඳ චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැසි අරගෙන එන්නම් කියන ගමන් මම නවතින්නම්..

ඔබට ජය !…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

9 comments

  1. Shehan
    Cineru Family Member

    එනකල් ඉවසන් හිටියේ සිනෙරු සබ❤️❤️❤️

  2. udaya saman
    Cineru Family Member

    හම්මෝ ඇති යාන්තම්..ආව වෙලාවෙම ඩවුන් කරලා තියන් හිටියේ ඔබතුමාගේ උපසිරසිය විතරයි අඩුවට තිබ්බේ. බොහොම තුති උපසිරසියට.

  3. Supun Sadeepa
    Cineru Family Member

    බොහෝම ස්තූතියි 😍

  4. දෙනකම් හිටියේ පසියා..තෑන්ක්ස් ආ..

  5. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මේක ගැන කියන්න දෙයක් නෑ බං පසිඳුවෝ. උදය සමන් කිව්වා වගේ සබ එනකන් හිටියේ. බොහෝම ස්තූතියි. මේ ෆිල්ම් එක බලන්නේ නැති කෙනෙක් හිටියොත් ඒක ලොකු අඩුවක් වෙයි ෆිල්ම් ජීවිතේදී. ස්තූතියි, ස්තූතියි ස්තූතියි පුතේ

  6. ඇත්තටම මන් පට්ටම බයයී මේ ෆිල්ම් එක බලන්න… මුල් එක බලනකොට. මට ඇඩෙන්ම ආවා…ඒ ප්‍රේශර් එකට…😥😥😥 ඒත් මේකත් නොබලා බෑ… තෑන්ක්ස් සබ් එකට…❤️❤️

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  8. බොහෝම ස්තූතියි 😍

  9. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි මචෝ 😍🔥
    😍🔥
    සබ දානකල් බලාගෙන හිටියෙ 😋

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login