The title of the page
Kung Fury (2015) Sinhala Subtitle
Kung Fury (2015) Sinhala Subtitle
7
89

Kung Fury (2015) Sinhala Subtitles | “පරීක්ෂක කුංග් ෆියුරි” | සිංහල උපසිරැසි සමඟ

(Kung Fury (2015) Sinhala Subtitles) (Kung Fury Sinhala Subtitle)

ඔන්න එහෙනම් අද අරන් ඇවිල්ලා තියෙන්නෙ වැඩිය ප්‍රසිද්ධ නැති සුපිරිම කෙටි චිත්‍රපටියක්.🎬

ඉතින් මේ කෙටි චිත්‍රපටයේ නම තමයි “Kung Fury”. මේ කෙටි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2015 මැයි 22 වන දින. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Sandberg විසින්. මේ කෙටි චිත්‍රපටිය 8/10 IMDB අගයක් සහ ගූගල් පරිශීලකයන්ගෙන් 89% ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කෙටි චිත්‍රපටියේ ධාවන කාලය (RUN TIME) මිනිත්තු 31 ක් වන අතර මේ ගැන චිත්‍රපටිය Comedy/Sci-fi කාණ්ඩයට අයත් වෙනවා.

හරි අපි දැන් කතාව පැත්තට යමු…

1980 ගණන්වල මුල් භාගයේ දී, මියාමි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂක කුංග් ෆියුරි හා ඔහුගේ සහකරු ඩ්‍රැගන් කිසියම් පුද්ගලයෙක් ලුහුබදිනවා. ඉතින් එම වෙලාවේ කුංග් ෆියුරිට කිසියම් අහිමි වීමක් දරා ගන්න සිදු වෙනවා.

1985 දී අමුතු ආකාරයේ සිද්දියක් වෙනවා. ඒ තමයි ආකේඩ් යන්ත්‍රයකට පණ එනවා. ඔන්න මෙතන ඉදන් තමයි සෙල්ලම පටන් ගන්නේ. මේ කෙටි චිත්‍රපටියේ ප්‍රධාන හතුරා “කුංග් ෆියුරර්” එහෙම නැත්තන් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් කාලරාමුවට ඇතුල් වෙනවා. මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න ඔයාලට අනිවාර්යයෙන් කෙටි චිත්‍රපටිය නරඹන්න සිද්ධ වෙනවා.ඒ වගේම මේකෙ අවසන් භාගයේ අපි හොඳටම දන්න කෙනෙක්ගෙ Cameo එහෙකුත් දකින්න පුළුවන් වෙනවා.

තවත් සිංහල උපසිරැසියක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා…✍️✍️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

6 comments

  1. සබ් එකට ස්තුතියි❤️❤️😍

  2. පට්ට Film එක😍😍 සබ් එකට තෑන්ක්ස්❤️

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. film eka nedda

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තවීෂ සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login