The title of the page
Kung Fu Panda 4 Sinhala Subtitle
Kung Fu Panda 4 Sinhala Subtitle
6.4
72
84

Kung Fu Panda 4 (2024) Sinhala Subtitles | “මකර රණශූරයා නැවතත්…” | සිංහල උපසිරැසි සමඟ

(Kung Fu Panda 4 (2024) Sinhala Subtitles) (Kung Fu Panda 4 (2024) Sinhala Subtitle) (Kung Fu Panda 4 (2024) Sinhala Sub) (Kung Fu Panda 4 Sinhala Subtitle) (Kung Fu Panda Sinhala Subtitle) (Kung Fu Panda 4 Sinhala Sub) (Kungfu Panda 4 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අද මම අරගෙන ආවේ ගොඩ දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු Kung Fu Panda 4 (2024) චිත්‍රපටය..ඉතින් කලින්ම කැම් පිටපතට උපසිරැසිය කරලා තියාගත්ත නිසා තමයි මේ විදියට ඉක්මනින්ම උපසිරැසි අරගෙන එන්න පුලුවන් වුණේ..

Kung Fu Panda 4 Movie Download And Details | by Idea That Work | Feb, 2024 | Medium

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mike Mitchell විසින්..Mike Mitchell කියන්නේ Alvin and the Chipmunks: Chipwrecked (2011), Trolls (2016) වගේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකව⁣රයෙක්..ඒ වගේම තිර පිටපත පුරුදු විදියටම Jonathan Aibel සහ Glenn Berger ගේ වුණත් මේ පාර Kung Fu Panda 4 චිත්‍රපටයේ තිර පිටපත නිර්මාණයට Darren Lemke අලුතින් එකතු වෙලා තියනවා..නිෂ්පාදනය සුපුරුදු පරිදි DreamWorks Animation ආයතනය විසින්ම සිදුකරලා තියනවා..ඉතින් ඇමරිකන් ඩොලර් මිලියන 85ක වියදමකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 376.8 ක අදායමක් ලබාගන්න සමත් වෙලා තියනවා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.4/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 72%ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 84%කුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

එහෙනම් අපි දැන් ෆිල්ම් එකේ අපට මුණගැහෙන ප්‍රධාන චරිත වගේම ඒ චරිත වලට හඬ දායකත්වය ලබාදෙන්නේ කවුද කියලා පොඩ්ඩක් බලමු..

Po (පෝ)

Jack Black voices Po in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

Kung Fu Panda චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වෙන පෝගේ චරිතයට සුපුරුදු පරිදිම හඬ දායකත්වය ලබාදෙන්නේ අපි කවුරුත් දන්න Jack Black විසින්….Jack Black ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..ඔයාලා කවුරුත් දන්න Jumanji චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් ෂෙලී ඕබරෝන්ගේ චරිතය රඟදක්වන්නෙත් Jack Black විසින්..

Zhen (ෂේන්)

Awkwafina voices Zhen the Fox in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

Zhen කියන චරිතයනම් Kung Fu Panda චිත්‍රපට මාලාවේ කලින් හම්බනොවුණු අලුත් චරිතයක්..ඉතින් මේ චරිතයට හඬ දායකත්වය ලබාදෙන්නේ මෑත කාලයේ නිකුත් වුණු Jumanji: The Next Level , Shang-Chi and the Legend of the Ten Rings වගේ චිත්‍රපට වල රංඟනයෙන් දායක වුණු අපි කවුරුත් දන්න Awkwafina විසින්..

Chameleon (කැමීලියන්)

Viola Davis voices Chameleon in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

Chameleon කියන්නේ Kung Fu Panda 4 චිත්‍රපටයේ එන ප්‍රධාන ප්‍රතිවීර චරිතය..ඉතින් මේ චරිතයත් Kung Fu Panda චිත්‍රපට මලාවට අලුත් චරිතයක්..ඒ වගේම චිත්‍රපටයේදී කැමීලියන්ගේ චරිතය වෙන්නේ නපුරු මායාකාරියක් චරිතයක්.ඉතින් මේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ Viola Davis විසින්..

Mr.Ping (මිස්ටර් පිංග්)

James Hong voices Mr. Ping in "Kung Fu Panda 4" (Universal/Dreamworks)

Mr.Ping කියන්නේ පෝව හදා වඩා ගත්ත එයාගේ පාත්ත තාත්තා..ඉතින් Mr.Ping ට හඬ දායකත්වය ලබා දෙන්නේ James Hong විසින්..

Mr.Li (මිස්ටර් ලී)

Bryan Cranston voices Li in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

Mr.Li කියන්නේ පෝගේ ඇත්තම තාත්තා..ඉතින් Mr.Li ගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ Bryan Cranston විසින්..

Master Shifu (මාස්ටර් ෂීෆු)

Dustin Hoffman voices Master Shifu in "Kung Fu Panda 4" (Universal/DreamWorks)

පෝගේ ගුරුවරයා වෙන මාස්ටර් ෂීෆුගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ Dustin Hoffman විසින්…

ඊට අමතරව Ke Huy Quan, Lori Tan Chinn, Ronny Chieng, Ian McShane විසින් සෙසු චරිත වලට හඬදායකත්වය ලබා දීලා තියනවා..

හරි එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරිලා බලමු..

ඉතින් Kung Fu Panda 4 චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ අපේ පෝගේ ප්‍රධාන හතුරෙක් වුණු ටයි ලොන්ගේ නැවත පැමිණිමත් එක්ක..ඉතින් මේ ටයි ලොන්ග් මෙහෙම ආපහු ආව එක මුලු සාමයේ නිම්නයටම පුදුමයක්..මොකද මේ වෙද්දි ටයි ලොන්ග් පෝ අතින් පරාජයට පත්වෙලා ආත්ම රාජධානියේ තමයි ඉතින්..ඉතින් එහෙම හිටිය ටයි⁣ ලොන්ග් ආපහු ආව එක හැමෝටම පුදුමයක්..ඉතින් මේ අතර මකර රණශූරයා වුණ පෝට සිද්ධ වෙනවා මකර රණශූරයට අනුප්‍රාප්තිකයෙක් හොයාගන්න..ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි සාමයේ නිම්නයේ ඊළඟ අධ්‍යාත්මික නායකයා විදියට පෝට කුංග් ෆු කලාවේ ඉහළම තනතුරට යන්න වෙන නිසා..ඉතින් මේ වැඩේට පෝගේනම් කිසිම කැමැත්තක් නෑ..පෝට ඕන වෙන්නේ මකර රණශූරයා විදියට මේ ටයි ලොන්ගේ ප්‍රශ්නේ විසඳන්න..ඉතින් මේ නිසා පෝ මේ ප්‍රශ්නය විසඳන්න සාමයේ නිම්නයෙන් පිටත් වෙනවා..ඉතින්,

  • පෝට ටයි ලොන්ග්ව හොයාගන්න පුලුවන් වුණාද?
  • ඇත්තටම මේ ඇවිත් ඉන්නේ ටයි ලොන්ග්මද?
  • පෝ ඊළඟ මකර රණශූරයා විදියට අනුප්‍රාප්තිකයෙක් හොයාගත්තද?

මේ ප්‍රශ්න හැම එකකටම උත්තර හොයාගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…ඒ වගේම මේ චිත්‍රපටය හාස්‍යජනක පැත්තට බර නිසා වගේම ඉංග්‍රීසි භාෂාව තුළත් නිරන්තරයෙන් භාවිත වන ඉඟි වැකි වැනි දේවල් සමහර තැන් වල තියනවා..ඉතික් ඒවත් මට පුලුවන් උපරිමයෙන් පරිවර්තනය කරලා තියනවා…

Kung Fu Panda 4 character posters released - GadgetMatch

එහෙනම් හැමෝටම වයස් භේදයකින් තොරව ආසාවෙන් නරඹපු චිත්‍රපට මාලාවක අලුත්ම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් අදට මම සමුගන්නවා..ඒ වගේම ඔයලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..

තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු..හැමෝටම,

බුදු සරණයි..!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

12 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. හම්මෝ..මේක එනකන් හරි ආසාවෙන් බලන් හිටියේ..ස්තුතියි !

  3. Kavindu Nethmina
    Cineru_users

    Subtitle Ekata Godak Thanks Bro..Ikmanatama Sub eka dunna..Thawath supiri film ekaka sub ekak denna kollo ❤️❤️

  4. සුපිරියක් තමයි බස්සලා තියෙන්නේ 💖
    තෑන්ක්ස් මචන් 🔥

  5. Thanks for the sub!

  6. Sub ekata thanks👍

  7. Thnx bro.Great job.Good luck.

  8. thanks …………………….

  9. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  10. සුබ නවවසරක් වෙවා ..💐sub එකට 🙏 ස්තුති…ජයම වෙවා ..❤️

  11. It’s good

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login