The title of the page
Dune Part Two Sinhala Subtitles
Dune Part Two Sinhala Subtitles
8.8
93
95

Dune: Part Two (2024) Sinhala Subtitles | “හරිත පාරාදීසයක් කරා..” | සිංහල උපසිරැසි සමඟ

(Dune: Part Two (2024) Sinhala Subtitles) (Dune: Part Two (2024) Sinhala Subtitle) (Dune: Part Two (2024) Sinhala Sub) (Dune 2 Sinhala Subtitle) (Dune Part 2 Sinhala Subtitle) (Dune Sinhala Subtitle)

කොහොමද ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් උපසිරසියක් අරගෙන ඔයාලා ළඟට ආවා. ඇත්තටම මම හිතුවේ නෑ ෆිල්ම් එක මේ තරම් ඉක්මනට එළියට වැටෙයි කියලා. කොහොමහරි වෙලාවට සති අන්තය වුන නිසා මේක කරන්න වෙලාව මට ලැබුනා.

මේ අද අරගෙන එන්නේ ඔයාලා ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය මේ අවුරුද්දේ නිකුත් වුන සාඑථකම සහ විශිෂ්ටම නිර්මාණය කියලා කීවොත් මං වැරදී නෑ. ඒ තරමටම ඉහළ මට්ටමේ තියෙන නිර්මාණයක්. ඒ සිනෙමාව මාරයි. මියුසික් වෙනම ලෙවල් එකක්. හරි මේ තමයි Denis Villeneuveගේ Dune සිනමා විශ්වයේ දෙවනි දිගහැරුම. 2021 නිකුත්වුණ ෆිල්ම් එක ඔයාලා දැනටමත් බලලා ඇතිනේ.

හරි අපි මුලින්ම ලිපියට පටන්ගැන්මක් අරන් ඉමු.

1965 වසරේ ප්‍රකාශනයට පත් වුන Frank Herbert විසින් රචිත Dune නවකතාව තමයි මේ සිනමාලෝකය නිර්මාණයට පදනම් වෙන්නේ. Frank ලියපු මේ කතාව සාමාන්‍ය නවකතාවකට වඩා හුඟාක් දිග එකක් වුන නිසා මුලින්ම මේක ප්‍රකාශන සමාගම් වැඩි ප්‍රමාණයකින් ප්‍රතික්ෂේප වෙනවා.අවසානයේදී විද්‍යා ප්‍රබන්ධ නිකුත් කරන ආයතනයක් වෙන Analog නම් ප්‍රකාශන සමාගම යටතේ මේක එළි දැක්වෙනවා. ඒකත් සිද්ධවෙන්නේ පොත් 2 විදිහට මුද්‍රණය වෙලා. ඒ අර කිව්ව දිගු බව නිසාම. ඒ 1963 වසරේදී Dune World හා 1965 වසරේදී Prophet of Dune යනුවෙන්.කොහොමහරි මේ Dune නවකතාව ඇසුරෙන් චිත්‍රපටියක් නිර්මාණය වුන පලවෙනිම අවස්ථාව නෙවෙයි. මීට කලින් 1970දී Alejandro Jodorowsky අධ්‍යක්ෂකවරයාත් 1984 වසරේදී David Lynch අධ්‍යක්ෂකවරයාත් Dune නමින් සිනමාපටයක් නිර්මාණය කලත් ඒවා අසාර්ථක වුනා. John Harrison අතින් 2000දී Frank Herbert’s Dune ලෙසින් Sci-Fi Channel නාළිකාව කරහා රූපවාහිනී කතා මාලාවකුත් නිර්මාණය වුනා.

දැන් අපි Denis Villeneuveගේ Dune ගැන කතා කරමු.

මුලින්ම Dune 2021 කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. කතාවේ වැදගත්ම ග්‍රහලෝකය වන්නේ Arrakis ග්‍රහලෝකය. කාන්තාර සහිත ග්‍රහ ලෝකයක් වුනත් මුළු විශ්වයේම තිබෙන වටිනාම දේ Spice නිපදවෙන්නේ එහෙ. ඒක මුළු විශ්වයේම ක්‍රියාවලියට අත්‍යවශ්‍යම දෙයක්. ඒවගේම ග්‍රහලෝකයට ආවේනික ජනකොට්ඨාසය වෙන්නේ Fremenවරු. ඊට අමතරව කාන්තාරය පුරා සිටින වැලි පණුවන් දකින්න පුලුවන්. මේ Spice අස්වැන්න තමයි බලතුලනයේ මූලික සාධකය වෙන්නේ. ඉතින් මේ අරගලය පටන්ගන්නෙත් ඒක මූලික කරගෙනමයි.

Dune World (Film, 2021) — CinéSérie | thecanyonlodge.com

Arrakisහි පාලනය අත්පත් කරගෙන ඉඳපු Harkonnen ඉතා සැඩ පරුෂ පාලනයකින් ග්‍රහලෝකයේ Fremenවරුන් ඝාතනය කරමින් තමාගේ ආදායම වැඩිකරගන්නවා. මේ අතර යටි අරමුණක් ඇතුව අධිරාජ්‍යයා Caladanහි පාලක Leto Atreidesට Arrakis ග්‍රහලෝකයේ පාලනය තමා යටතට ගන්න නියෝග කරනවා. මේ නියෝගයත් එක්ක ආධිපදවරයා ඇතුළු පවුල Arrakis වෙත යනවා. ඒත් ඒ ඔහුට විරුද්ධව සිද්ධවෙන කුමන්ත්‍රණයක් කියලා ඔහුට තේරෙනකොට හැමදේම සිද්ධවෙලා ඉවරයි. Harkonnen සමඟ එක්වුණ අධිරාජ්‍යාගේ හමුදාව ඔවුන් හැමෝමව සමූල ඝාතනය කරනවා. ඒත් Leto Atreides ගේ පුත්‍රයා සහ කතා නායකයා Paul සහ මව ජීවිත බේරාගෙන ඉන් පිටවෙන්නේ Fremenවරුන්ගේ උදව් බලාපොරොත්තුවෙන්. සටන් පරීක්ෂණයකින් පස්සේ Fremenවරුන්ගේ කණ්ඩයමට එකතුවෙන්න ඔවුන්ට පුලුවන් වුනා.

එතනින් පළමු කොටස නිමවුණා. එතැන් සිට සිද්ධවුණ කතාව Dune: Part Two හරහා ප්‍රේක්ෂකයා ළඟට ගෙනල්ලා තියෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 190ක දැවැන්ත නිෂ්පාදන පිරිවැයකින් යුතුව Dune : Part Two චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඒ හොලිවුඩයේ නමි දැරූ ජනප්‍රිය සහ සමිමානනීය නළු නිළියන් රැසක් එක්ක. Timothée Chalamet, Zendaya, Rebecca Ferguson, Josh Brolin, Austin Butler, Florence Pugh, Dave Bautista, Christopher Walken, Léa Seydoux, Souheila Yacoub, Stellan Skarsgård, Charlotte Rampling, Javier Bardem ප්‍රධාන තැනක් ගන්නවා.සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ලොව සුප්‍රකට සමිමානනීය සංගීත අධ්‍යක්ෂක Hans Zimmer. චිත්‍රපටයේ සියළු රූගත කිරීමි හංගේරියාවෙි, අබුඩාබි, ජෝර්දානය දර්ශනතලවල සිදුකරලා තියෙනවා.මූලිකව පළමු කොටස මතක් කරලා මේ විදිහට 2වෙනි චිත්‍රපටියේ වටපිටාවේ තොරතුරු ටිකත් කීවාම ඇති කියලා හිතෙනවා. මොකද කතාව කියලා වැඩක් නෑ මොකද මේක බලලම ඉන්න ඕන නිර්මණයක් නිසා. අනිවාරෙන් බලන්න කියලා තමා ඉල්ලන්නේ.

Dune: Part Two Is Officially Delayed To March 2024

එහෙනම් ෆිල්ම් එක රසවිදින්න. අමතක නොකර කමෙන්ට් එකක් දාලාම යන්න.

අලුත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු.

…උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

7 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Bisandu shavinda
    Cineru_users

    mega file eka na update karanawada

    Thank you.

  3. Thanks for the Sub

  4. සුපිරියක් තමයි බස්සලා තියෙන්නේ 💙
    තෑන්ක්ස් මචෝ 🔥

  5. Thanks for Sub….

  6. Thnx bro.Great job.Good luck.

  7. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login