The title of the page
Krack 2021 Sinhala Subtitle
7.5
96

Krack (2021) Sinhala Subtitles | ආවේගශීලි පොලිස් නිළධාරියා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් ආදරණීය සිනමා රසික ඔබ සැමට.ඔන්න මම ආයෙම ආවා මේ අවුරුද්දේ ආව නියම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසිත් අරගෙන.
ඉතින් මට අද විශේෂ දවසක්.මොකද මම මේ අරගෙන එන්නෙ මගේ 150 වැනි සිංහල උපසිරැසි ගැන්වීම නිසා.ඉතින් මේ වැඩේ පටන ගද්දි හීනෙකින්වත් හිතුවෙ නෑ මෙච්චර දිගු ගමනක් එන්න පුළුවන් වෙයි කියල.මේ හැමදේටම හේතුව මට උපසිරැසි කරන්න ඉඩ ලබා දුන් සමිත් රමේශ් අයිය සහ ඇඩ්මින් මඩුල්ලේ හා මගේ ආදරණීය උපසිරැසි සහෝදර සහෝදරියො ටික වගේම සිනමා රසික ඔය හමෝම.ඔයාලගෙ කමෙන්ට් එකකින් මට ලැබුන හයිය තමා මෙච්චර දුරක් එන්න ඉඩ සැලැස්සුවේ.
ඉතින් උපසිරැසි කරන්න ගත්ත මුල්කාලෙ නොයෙකුත් බාධක ආව වගේම මං ටිකක් මන්දගාමී විදියට තමයි වැඩේ කරගෙන ගියේ.නමුත් පහුගිය වසරෙ උපසිරැසි 50 සම්පූර්ණ කල දවසෙ ඉදන් වසරක් ගත වෙන්නත් කලින් මං 150ත් සම්පූර්ණ කරල.ඒක  ගැනත් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.

තෙලිඟු ප්‍රධාන කොටගනිමින්, ටැමිල් , හින්දි , මලයාලම් , කන්නඩ , ඉංග්‍රීසි , චයිනිස් , කොරියන් , මැලේසියන් , ස්පැනිශ් වගේ විවිධ භාෂාවල උපසිරැසි ගණනාවක් මගේ මේ 150 තුල ඇතුලත්.ඉතින් තව ඉස්සරහටත් ඔයාලට මේ වගේ උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනව.ඔයාලගෙ අදහස් තමයි ඒකට ඕන කරන්නෙ.හරි එහෙනම් මට මෙතෙක් ගමනට උදව් කරපු හැමෝටම ස්තූතියි කරල මං එන්නම් ෆිල්ම් එක පැත්තට.

තෙලිඟු සිනමාවේ ” මාස් මහරාජා “ විදියට හඳුන්වන රවී තේජගෙ අලුත්ම Action | Thriller  චිත්‍රපටය තමයි මේ ” KRACK “ .කට්ටියට මතක ඇති මෙයාගෙ ගිය අවුරුද්දේ ආව Disco Raja චිත්‍රපටියත් මම උපසිරැසි ගන්වල අරගෙන ආවා.නමුත් ඒ චිත්‍රපටියට වඩා මේ පාර හොඳ දියුනුවක් ලබාගන්න රවී තේජා සමත් වෙලා තියෙනව.ඒ ආදායම හා අනිත් හැම අතින්ම මේ ෆිල්ම් එක Disco Raja ෆිල්ම් එක අභිබවා යෑමෙන්.

(Krack (2021) Sinhala Subtitle)

ඉතින් KRACK ගැන වැඩි දුරටත් කතා කරනකොට Covid තත්වයත් එක්ක ෆිල්ම් ගොඩක් OTT මාධ්‍ය හරහා නිකුත් කලත් මේක තියටර් හරහා නිකුත් කරන බව කල් තියාම කියල තිබුනා.ඒ විදියට සිනමාශාල නැවත විවෘත වීමත් එක්ක Solo Brathuke So Better චිත්‍රපටයෙන් පස්සෙ ජනවාරි 9 වෙනිදා KRACK සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ කලා.ඉතින් අති සාර්ථකත්ව සිනමාශාලා තුල තිරගත වුන KRACK බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 55.2 ක ආදායමක් උපයාගන්න සමත් වුනා.ඒ චිත්‍රපටය වෙනුවෙන් වැය කර තිබූ ඉන්දියානු රුපියල් කෝටි 16.5 ට සාර්තක පිලිතුරක් සපයමින්.


ඒ වගේම පහුගිය ජනවාරි 29 වෙනිදා Aha Video හරහා ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වීමට තිබුනත් ඔවුන් මෙහි සාර්ථකත්ව නිසාම එය පෙබරවාරි 05 දක්වා කල්දැම්මා.ඒ අනුව මෙවර ඉන්දියාවේ සංක්‍රාන්ති උත්සවයට සමගාමිව තිරගත වුන RED සහ Alludu Adhur චිත්‍රපට අභිඹවා යමින් සංක්‍රාන්ති ජයග්‍රාහකයා වෙන්න වරම් ලබාගත්තෙත් KRACK චිත්‍රපටය තමා.

(Krack (2021) Sinhala Sub)
KRACK චිත්‍රපටයෙ අධ්‍යක්ශණය සිදුකලේ Gopichand Malineni විසින් වන අතර නිෂ්පාදනය දායකත්වය ලැබුනේ B. Madhu ගෙන්.ඒ වගේම S. Thaman ගේ මිහිරි සංගීත ස්වර ගලපල තමා මෙහි සංගීත කටයුතු නිමවුනේ.
චිත්‍රපටයෙ ප්‍රධාන රංගන දායකත්වය Ravi Teja සමඟින් සුරූපී නිලි Shrushti Haasan සිදු කරන අතර අති දක්ෂ දමිල නලු Samuthirakani හා නිලි Varalaxmi ත් මෙහි රංගනයෙන් දායක වෙනවා.
හරි එහෙනම් ෆිල්ම් එක බලන්න ලොකු කුතුහලයක් තියාගෙන බොහෝ දෙනෙක් බලා ඉන්න නිසා මං මේකෙ කතාව නොකිය ඉන්නම්.ඒ වෙනුවට මං පොඩි දෙයක් මෙහෙම කියන්නම්…

 

අපේ ජීවිතේ වෙන දේවල්…………..
මේ නවග්‍රහ බලපෑම් වගේ දේවල් වලින්…………..
ඒ වගේ නොයෙකුත් ආකාරයේ බලපෑම් වලින්…….
සිද්ද වෙනව කියල අපි විශ්වාස කරනවා……..
ඒත් සමහර අපි ගනන් නොගන්න……….
පුංචි දේවල් වලිනුත් අපේ ජීවිත කතාවම……..
අනිත් පැත්ත පෙරළන්න පුළුවන් විදියෙ……..
දේවල් වෙන්න පුළුවන්…….
හැමදේම ගැන හොඳ අවධානෙන් ඉන්න කෙනාට……..
පුළුවන් වෙයි මේ වෙන දේවල් වල වෙනසක් කරන්න…….

(Krack (2021) Sinhala Subtitles)

එහෙනම් මේ තෙලිඟු චිත්‍රපටයත් බලන්න කියල ආරාධනා කරන ගමන් 150 වැනි උපසිරැසියෙන් මෙහෙම සමුගන්නවා.පුළුවන් තරම් කාලයක් ඔයාලට උපසිරැසි අරගෙන එන්නම් දිගටම රැදෙන්න අපේ සිංහල උපසිරැසිකරණයේ නවමු රැල්ල වෙන සිනෙරූ උපසිරැසි අඩවිය එක්ක..

ඔබට ජය …!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

37 comments

  1. Shehan
    Cineru Family Member

    සබ එනකල් බලන් හිටියේ….❤️

    තෑන්ක්ස් මුදූ අයියේ…❤️💜️❤️

  2. THARUKA NIROSHAN
    Cineru Family Member

    150 වන උපසිරසට සුභ පැතුම් මල්ලී

  3. Congratulations 150 th subtitle bro…

  4. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    150 ට සුබ පැතුම් අයියෙ 😊✌

  5. Udaya saman
    Cineru Family Member

    තෙලිගු සිනමා සිංහල උපසිරසි කරනයේ දැවැන්තයාගේ 150 වැනි උපසිරසි නිර්මාණයට සුබ පැතුම්.මටත් ආඩම්බරයි ඉතින් එකම දිස්ත්‍රික්කයේ කෙනෙක් නිසා..ඉදිරියේදිත් මේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පුාර්ථනා කරනවා…තෙලිගු ඉතින් අසා ලිවීම් කරන්න ඉන්න අතලෙසේසක්ගෙන් කෙනෙක්නෙ….

  6. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. maara speed wada (Madushan Priyankara)

  7. thanks……..

  8. Gaming with 3idiot's

    Congratulations 150 subtitle saho…

  9. සුභ පැතුම් මදුවා..

  10. supiri mcn go ahead

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. සුභ පැතුම් ❤️

  13. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    බොහොම ස්තූතියි මදුවා සබ් එකට 🙂❤…
    ජය වේවා.! 👊👊👊

  14. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ 150ට සුබ පැතුම් 200ත් ගහමු ඉක්මනටම

  15. Sandeepa Malshan
    Cineru Family Member

    සුපිරියක්✌️ ඒ වගේම සුභ පැතුම් අයියේ❤

  16. Priyashan Jayarathna
    Cineru Family Member

    150 වෙනි උපසිරැසියට සුබපැතුම් 💛💫
    200 ත් ගහමු 💪💥

  17. කෝ ඩවුන්ලෝඩ් ලින්ක් එක නෑනේ වීඩියෝ එකේ

    • samitha
      Cineru Family Member

      දාලා තියෙන්නේ සහෝ මේ සයිට් එකෙමන් ගන්න පුළුවන්

  18. 🅼🅰🅻🅸🆃🅷 🆂🅰🅽🅳🅴🅴🅿🅰

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි 🖤
    150 වෙනි උපසිරැසියට සුභ පැතුම්😘
    ඉක්මණින් 200ත් ගහම😍

  19. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අඩේ 150ට පට්ට සුභ පැතුම් මධුවෝ. තෙලිඟු නම් මදුවා තමයි ඉතින්. සයිට් එකේ ඉන්න අංක එකේ සුපිරියා තමයි මේ. සොරි වෙන්ඩ ඕනේ ලේට් උනාට ඈ!

  20. kavindu nethruwan

    original video ekada thiyenne?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login