The title of the page
Kooman Sinhala Subtitle
Kooman Sinhala Subtitle
7.3
90

Kooman (2022) Sinhala Subtitles | “මැදියම් රැයේ රහස් සැරිය” | සිංහල උපසිරැසි සමඟ

(Kooman (2022) Sinhala Subtitles) (Kooman (2022) Sinhala Subtitle) (Kooman Sinhala Sub) (Kooman Sinhala Subtitle)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය.. ගොඩාක් අය පුන පුනා ඉලුලුව, අවසානයේ මටම කැරකිලා ආපු දවස් 5 කට වඩා වැඩි කාලයක් උපසිරැසි ගැන්වීමට වෙහෙස මහන්සි වූ තවත් සොඳුරු මලයාලම් චිත්‍රපටයක්… මෙච්චර කල් ගන්න හේතුව සමහර සබ් ඔස්තාර්ලා කියන ඉංග්‍රීසි සබක්වත් මේකට හරියාකාරව නෑ..😅 මොකද මේකෙ බාගෙට බාගයක් තියෙන්නෙ ගැමි වහර ඉතිං තනිකර අසාලීවීමක් තමයි දීලා තියෙන්නෙ. සම හරක් අය කියනවනේ Google Translate එකෙන් සබ් එක ට්‍රාන්ස්ලේට් කරලනේ සබ් එක හදන්නේ..ඕවා මහ ලොකු වැඩ නෙවෙයි කියලා..ඒවා කමක් නෑ.. ඒවා පැත්තකට දාමුකෝ.. අඩා ! මේකනම් ඇත්තට මාරම කතාවක්. පැය 2 විනාඩි 33 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් බකමූනෙක්ගෙ 🦉 කතාවක් තමයි මේක..

7.3/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් නළු Asif ali හා Hanna Reji Koshy ඇතුළු Renji Pancker , Jaffer Idukki , Babu Raj , Pauly valsan, Ramesh Thilak , Baiju , Abhiram හා Georgy maryan සෙසු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Drishyam චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Jeethu joseph විසින්.

කතාව ගැන කිව්වොත් අපේ ගිරි වැඩ කරන්නෙ කේරළේ නැදුම් පාර පොලිස් ස්ටේෂන් එකේ. මේක තමිල්නාඩුවෙයි කේරළෙයි පොඩි බෝඩරේකින් වෙන් වෙලා තියෙන්නෙ. ඒවා වැඩක් නෑ.. ගිරි කියන්නෙ ඇත්තටම දක්ෂ පොලිස් නිලධාරියෙක් හොරු අල්ලන පොලිස් නිලධාරියෙක්⁣ට ඕනිම දේ විදිහට මම නම් දකින්නෙ “ඉව” තමයි. ඒක මේ ගිරීට හොඳටම පිහිටලා තියෙනවා. තව දෙයක් තමයි “සැකය” ඒකක් ගිරීට හොඳටම පිහිටලා තියෙනවා. හැබැයි මේ ගිරීට තියෙන එකම අවුල තමයි මෙි දක්ෂතා දිහා බලාගෙන ඉන්න බැරිවුන් ගිරීට කරන විහිළු තහළු දාරාගෙන ඉන්න බැරි එක. කොතනත් එහෙමනි ඒක නම්, පොර ඒ දේවල් ඔක්කොම ගනන් ගන්නෙ පොරට කරන අභියෝගයක් විදිහට තමයි. කොහොමහරි හිනාමුසු මූණින් ගිරි ඒවට උත්තර දුන්නට හිතේ පලිගන්න වෛරෙකුත් නැතුවාම නෙවෙයි. ගිරීගෙ අම්මත් ගිරීට නිතරම කියන්නෙ කාසාඳයක් බැදගෙන ඔය රාජකාරිය පොඩ්ඩක් පැත්තකට කරලා තමන් ගැනත් හිතන්න කියලා තමයි. ගිරීට තව කදිම යාළුවෙකුත් සෙට් වෙනවා. දවස දවස ගෙවෙන කොට මේ දෙවල් කනපිට හැරවෙන එක තමයි වෙන්නෙ. ගිරිගෙ මේ හිතන පතන විදිහත් එක්ක ඉස්සරහට මොනවා වෙයිද..? හැමදේම අභියෝගයක් විදිහට භාරගන්න මනුස්සයෙක්ගෙ ජීවිතේ මොන වගේ වෙයිද..? ගිරීගේ මේ පොලිස් රස්සාව ගහලා යයිද ..? නැත්තම් SK මම කිව්ව කතාව කනපිටම පෙර⁣ළෙයිද…? 😈 ඒ ගැන දැන ගන්න නම් මේ බකමූනාගෙ 🦉 ආතල් කතාව අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

10 comments

  1. Thanks a lot for the Subtitles!

  2. Pattaaaaaaaaaaaaaa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. සුපිරි thank u

  5. රංගික සිනෙත් කාරියවසම්

    ස්තුතියිිි සහෝ.සුපිරියක් අරන් ආවට.ජය වේවා.

  6. Thanks lot “Kevin” Good Luck

  7. Pattama film eka supirima mysteryak. Meka aniwa balanna eka husmata kammliyak nathuwa balanna puluwan.

  8. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login