The title of the page
92

Kluen CheeWit (2017) S01E03 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit 2017 Sinhala Subtitles) (Kluen CheeWit (2017) S01E03 Sinhala Subtitles)

මතක ඇතිනේ කට්ටියට කලින් Episode එකේදි සිට්ටා ගේ අය තිට් ට හොඳටම ගහනවා. ඉතින් අද මං අරගෙන ආපු තුන්වෙනිEpisode එක පටන්ගන්නේ අන්න එතන ඉදන්…. තිට් ව කවුදෝ කට්ටියක් පාරේ වැටිලා ඉද්දි ඉස්පිරිතාලෙට අරන් ගිහින්… මේක දැනගන්න වඩී ආන්ටි ඉල්ලනවා තිට් ගෙන් ජීරාවට් ගේ නඩුවෙන් අයින් වෙන්න කියලා…. ඒ නිසාම නඩුවත් ඔන්න ඉතින් වැහිලා යනවා… නඩුව වැහිලා ගියත් තිට් නම් ලේසියෙන් වැඩේ අතාරින පාටක් නෑ…

එතකොට ඔයාලාට ජේන් ව මතක ඇති නේ…. ජේන් කියන්නෙත් ඔන්න නීතිඥවරියක්… ජේන් ට තිට්වත් මුණගැහෙනවා ඒ නිසාම… හැබැයි ඉතින් යන යන තැන මරාල දාගන්න කෙනෙක් තමයි ජේන් නම්…

මේ කොටසෙදි තවත් මරු සිදුවීම් ටිකකුත් ඔයාලාට බලාගන්න ලැබෙයි. ජීරාවට් ව ස්ටේජ් එකේදි ඉදිරිපත් කිරීමක් කර කර ඉද්දි දෙනේදාහක් ඉස්සරහා ඇදගෙන වැටිලා කකුලත් එක්ක උලක්කු වෙනවා. ඒ මදිවට කුළියට ගත්තු නිළියකගෙන් හොඳ කම්මුල් පාරවල් ටිකකුත් කන්න ලැබෙනවා…. ඒකේ පිටිපස්සෙ ඉතින් ඉන්නේ කවුද කියලා කියන්න ඕනේ නෑ නේ…. ඔව්… ඔව්… ඔයාලා හිතන් ඉන්න කෙනා හරි…

ඒ විතරක් නෙමෙයි… ඔයාලාට මතක ඇති නේ කලින් Episodeඑකේදි ජී ආදරය කරන තව චරිතයක් හම්බවුණා…. ආරි මාස්ටර්…. ආරි මාස්ටර් ගේ ගෙදර තියෙන්නෙත් වඩී ආන්ටිලාගේ ගෙවල් කිට්ටුව කියලා මතක ඇතිනේ… ඒ නිසා ඉතින් ජී එහෙ යන යන හැම වෙලාවකම තිට් ඉන්නෙත් එහේ… ඉතින් හිතාගන්න පුලුවන්නේ… කොහොම වලි දාගයි ද කියලා දෙන්නා… මේ Episode එකේත් වලි නම් යනවා…

ඔය විදියට තමයි ඉතින් Kluen Cheewit තුන්වන කොටස ගලාගෙන යන්නේ…

එහෙනම් මේ කොටසත් බලලා ඔයාලාගේ අදහස් දන්වන්න… ඒ වගේම ඉක්මනින්ම හතරවන කොටසින් හම්බවෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login