The title of the page

Khamoshi (2019) Sinhala Subtitles | උන්මත්තකයා | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවේ Thiller / Horror කාණ්ඩයට අයත් වෙන අපූරු හින්දි සලරුවක්.මේක තිරගතවෙන්නේ 2019 ජුනි 14 වෙනිදා. මේක IMDb දර්ශකයේ 4.5/10 වගේම 75% ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chakri Toleti , නිශ්පාදනය කරන්නේ Vashu Bhagnani විසින්. Thamannah , Prabhu Deva වගේ සුපිරි සෙට් එකක් තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ…

මේ කතාව ගෙතිලා තියෙන්නේ කන් ඇහෙන්නෙ නැති කෙල්ලෙක් වටා…සුරුපී තමන්නා තමයි චරිතය නිරූපණය කරන්නේ…මේකේ ඉන්න අපේ ප්‍රභූ (ඒ කියන්නේ කතාවේ දේව් කියන චරිතය) මානසික ආබාධයකින් පෙලෙන කෙනෙක් වගෙයි හැසිරෙන්නේ…මෙයාගේ අම්මා එයාවයි තාත්තවයි අතැරලා ගිහිල්ලා ටිකක් බර අත්තකට සෙට් වෙනවා.ඒකෙන් එයාගේ අම්මට ලොකු දේපළකුත් අයිති වෙනවා. ඊට පස්සේ මේ දේව්ගේ අම්මා ගෑණු ළමයෙක්ව හදාගන්නවා..ඒත් එයාගේ කන් ඇහෙන්නේ නෑ… හැබැයි දේපලක් අයිතියි. මේ නිසා දේව්ගේ තාත්තා මෙයාලගෙන් පලිගන්න හිතාගෙන දේව්ව එවනවා මේ දෙන්නව මරන්න එතනින් එහාට මොනවා වෙයිද?… ඔයාලම බලන්නකෝ…

ඉතින් යාළුවනේ tvseriesandmovie එක්ක එකතුවෙලා කරපු පළවෙනි උපසිරැසිය…අඩුපාඩු නම් ගොඩක් තියෙන්න පුළුවන්. තාම වැඩ පටන් ගත්තා විතරයිනේ. උපසිරැසියේ අඩුපාඩුවක් තිබුනොත් පල්ලේහායින් කමෙන්ට් කරලා යන්න… තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු!….

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

One comment

  1. Why cant I DOWNLOAD this movie ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login