The title of the page
K.G.F
8.2
95

KGF chapter 1 (2018) Sinhala Subtitles|කෝලර් හි රත්‍රං පතල|සිංහල උපසිරැසි සමග|

KGF chapter 1 ගැන කිව්වාම ගොඩක් අය දන්නවා.. 2018 දෙසැම්බර් වල මෙය ලොව පුරා තිරගත වුනා.. කන්නඩ ෆිල්ම් එකක් මේ විදිහට ලොව පුරා ව්‍යාප්ත වූ පලමු අවස්තාවයි. කෝටි 50-60 ක් පමණ වියදමක් දරමින් නිශ්පාදන වූ KGF 1 මේ වන විට කෝටි 250 ට වැඩි ආදායමක් උපයමින් එදා මෙදා තුර කන්නඩ සිනමාපටයක් ඉපයූ ඉහලම ආදායම වාර්තා කරනවා. ප්‍රධාන බස කන්නඩ ලෙසින් තිරගත වූ අතර තෙලුගු, දමිල, හින්දි හා මලයාලම බසින්ද හඩ කවා ලොව පුරා ව්‍යාප්ත වුනා… මේ නිසා යශ්ටද සම්මාන රැසක් ලැබුනා. ෆිල්ම් ෆෙයාර් හි හොදම කන්නඩ නලුවා ලෙසට යශ්ටත්, හොදම කන්නඩ චිත්‍රපටය ලෙස KGF සම්මාන ලැබුනා.. මෙහි ප්‍රධාන රංගනය යාශ් විසින් රංගනයේ යෙදෙන අතර, සහය නිලිය වන්නේ ශ්‍රිනිදි යි.

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු………….

රත්‍රං ආකරයක හිර කරගෙන අහිංසක මිනිස්සු තලා පෙලා දමමින් කුරිරු වද හිංසා කරමින් වහල්ලු වගේ වැඩ ගන්න ගරුඩා නම් වූ දුෂ්ට මිනිහෙක්.. ඒ මිනිහාගේ මේ ඒකාධිපති පාලනය හමුවේ අසරණ වී දුක් විදින මේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න අහම්බෙන් පැමිණෙන රොකී මේ රන් පතල උඩු යටිකුරු කරනවා. අම්මට පණ මෙන් ආදරය කරන රොකීගේ ජීවිතය අගාදයට හැලෙන්නේ අම්මගේ වියෝවෙන් පසුවයි.. කාටවත් බය නොවී යටත් නොවී සිටීමට නම් ඕන වෙන එකම දේ තමා “බලය” එය උපරිමය ලබා ගන්නා රොකීගේ ජීවිතය කෙසේ වෙයිද?

සුන්දර ආදර කතාවක්ද ලෙසත් විටෙක මෙය ගලා යනවා.. මේක වීරයෙක්ගේ කතාවක්ද?? නෑ මේක දුෂ්ටයෙක්ගෙ කතාවක්..!! රොකීගේ බලය, ඒ මහා පෞරුෂය මේ රන් පතල පුරා රැව් දෙනවා.. ඇක්ශන් එකක් තමා. බලන් ඉන්න ප්‍රේක්ශක හිතටත් ඒ ගැම්ම එන විදිහට සටන් විලාසයක් තියෙනවා. බලසම්පන්න මිනිස්සු හැම විටම එන්නේ බලවත් ස්ථාන වලින් තමා.. තව දුරටත් නොබැලූ අය සිටී නම් මෙන්න සිංහල අදහස සමගින් බලන්න… රොකීගේ පෙරලිකාර පෞරුෂය.. මෙහි දෙවන දිග හැරුම සමග නැවත හමුවෙමු..

මෙය මගේ පලමු උපසිරැසි ගැන්වීම යි. සිනෙරූ පිරිවරට බොහොම ස්තූතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.. විශේෂයෙන් අශේන් මල්ලිට.. තවත් උපසිරැසියකින් හමුවෙමු

Cineru.lk වෙනුවෙන් මම නිත්‍යා රූපසිංහ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks for sub sis…..(Devudu Chesina Manushulu 2012) / (khatarnak 2006 ) movie wala sub damu sis…..please……….

  3. මාලින්ද සදරුවන්

    නියමයි සිස්, දිගටම ඔහොම යමු.

  4. Tnx sinhala sub ekata..obata jaya…bs

  5. me film eka download karanne kohomada

    • Aruna Darshana (MR_X)
      Cineru Family Member

      වීඩියො පිටපත් කියන තැන ක්ලික් කරන්න.

  6. Chandana Weerasinghe

    How to Download Subtitles of KGF 1 please

    • සිංහල උපසිරැසිය කියලා සිංහලෙන් ගහලා තියෙන්නෙ බට්න් එක..🤦

  7. KGF 2 Eke Sub Nadda Oyalage ? , Oyalage Sinhala Sub Thamai Godak Accurate

    • ඒක කොපි රයිට් ප්‍රශ්නයක් ඇවිත් දැනට සයිට් එකෙන් අයින් කරලා තියෙන්නේ..පුලුවන් වුණ ගමන් අප්ඩේට් කරන්නම්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login