The title of the page
android kunjappan
8.2
97

Android Kunjappan Ver 5.25 (2019) Sinhala Subtitles|කුඥ්ඥප්පන්|සිංහල උපසිරැසි සමග|

දෙමව්පියන්, ළමයින් අතරෙ තියෙන බැඳීම හරිම පුදුමාකාරයි. තමන්ගෙ ළමයි තමන්ව තනි කරලා වෙන කොහේහරි ජීවත් වෙන වෙන එකට මොන අම්මා තාත්තද කැමති වෙන්නෙ.. සමහර දරුවෝ තමන්ගෙ දෙමව්පියන්ව රැක බලාගෙන එයාල ලඟින් ඉන්න කැමති වුනත්, තමන්ගෙ අනාගතය හදාගන්න, රස්සාවක් කරලා මුදල් උපයන්න ඕන නිසා දෙමවුපියන්ගෙන් දුරස් වෙනවා.. ඒක කොයි තරම් නම් දුරට මේ දෙපාර්ශවයටම බලපානවද…?

පැය 2 යි විනාඩි 20 ක ධාවන කාලයකින් යුක්ත Drama/Sci-fi ගණයට අයත් වන මේ අපූරු මලයාලම් සලරුව IMDb අගය 8.5 ලෙස සටහන් කරන්නත් 97% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Ratheesh Balakrishnan Poduval විසින්. නිෂ්පාදනය කරන්නෙ Santhosh T. Kuruvilla විසින්. Suraj Venjaramoodu, Soubin Shahir වගේ මලයාලම් සිනමාවෙ වැඩ්ඩො ටිකක් රංගනයෙන් දායක වෙනවා.. මේ චිත්‍රපටය Sci-fi ශානරයට අයත් වෙන්නෙ මේකෙ ඉන්න අපූරු රොබෝවක් නිසා. මේ රොබෝව ඇතුලෙ ඉඳන් රඟපාන්නෙ Sooraj Thalekkad. ඇත්තම රොබෝවක් වගේ බොහොම තාත්වික විදියට වැඩේ දෙනවා. මේකට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි කියලා තමයි ආරංචි.

 

කතාව බොහොම කෙටියෙන් කියන්නම්…

චිත්‍රපටයෙ පුරාවටම නිරූපණය වෙන්නෙ පියෙක්, සහ පුතෙක් අතර තියෙන බැඳීම මොනවගේද කියන එක. චිත්‍රපටයෙ ප්‍රධානම චරිත දෙකක් තමයි භාස්කරන් සහ සුභ්‍රමනියම් නොහොත් චුප්පන් කියන්නෙ. භාස්කරන් කියන්නෙ චුප්පන්ගෙ තාත්තා. චුප්පන් කාර්මික අධ්‍යාපනය ලබපු හොඳ උගත් කෙනෙක්. ඒත් මෙයාගෙ දැනුමට හරියන විදියෙ රස්සාවකට යන්න විදියක් නෑ.. මොකද මෙයාගෙ තාත්තා මෙයා ගෙදරින් ඈතකට ගිහිල්ලා රස්සාවක් කරන එකට කැමති නැහැ. ඒත් කොහොම හරි මෙයා තාත්තත් එක්ක වාද කරලා රුසියාවෙ පර්යේෂණ කටයුතු කරන සමාගමක රස්සාවකට යනවා. ඒ යන්නෙ තාත්තව බලා ගන්න හෝම් නර්ස් කෙනෙකුත් ගෙදර තියලා. ඒත් ඒ කිසි කෙනෙක්ව මෙයාගෙ තාත්තට නම් හරියන්නෙ නෑ.. කොහොමින් කොහොම හරි ඊට පස්සෙ තාත්තව බලාගන්න මෙයා රස්සාව කරන සමාගමින් අත්හදාබැලීමක් විදියට නිකුත් කරපු රොබෝවක් ගේනවා. මුලදි මේ රොබෝවට චුප්පන්ගෙ තාත්තා ඒ තරම් කැමති නැති වුණත්, පස්සෙ මේ රොබෝව තමන්ගෙ පුතෙක් කියලා හිතාගෙන සලකනවා. ඊට පස්සෙ මේ රොබෝව තාත්තගෙන් වෙන් කරන්න බැරි තරමටම එයාගෙ ජීවිතයට ලං වෙනවා. අත්හදාබැලීම් විදියට නිකුත් කරපු මේ රොබෝවරුන්ගේ දෝෂයක් තියෙනවා කියලත් ඒවා ඉක්මනටම මිනිස්සුන්ගෙන් ඈත් කරන්න කියලත් චුප්පන්ගෙ සමාගමෙන් කියනවා.. ඊට පස්සෙ තමයි චුප්පන්ට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙන්නෙ.. මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ..

කිසිම දවසක තාක්ශණයට ඒ තරම් ලං නොවුන ජීවිතයෙ සැඳෑ සමය ගත කරන කෙනෙකුට තාක්ෂණය ලං කරොත් මෙන්න මේ වගේ ඉරණමකුත් අත් වෙන්න පුලුවන් කියන පණිවිඩය චිත්‍රපටය තුලින් බොහොම අපූරුවට ඉදිරිපත් කරලා තියෙන බවත් මතක් කරමින් සමුගන්නම්…

උපසිරැසිය ලබාදෙන්න නම් ගොඩක් පරක්කු වුණා කාර්‍යබහුලත්වය නිසා.. Esub එකේ ලොකු ලොකු අවුල් තිබීමත් හේතුවක් උනා..

තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login