The title of the page
3
90

Kasi (2001) Sinhala Subtitles | කාසිනම් අන්ධ ගායකයා | සිංහල උපසිරැසි සමග |

Drama/Music ‧ 2h 18m
7.1/10 · IMDb

දමිළ සිනමාවේ අග්‍රගනයේ නලුවෙක් කියල කිව්වම අපට හිතට එන නලුවා තමයි වික්‍රම් , ආයේ ඒකේ කතා දෙකක් නෑ . දමිළ සිනමාවට කැමති අකමැති සෑම කෙනෙක්ම මේ නලුවටනම් කැමතියි. ඉතින් මෙයාගෙ හැම ෆිලුමක් ම වාගේ සුපිරිම තමයි ඒවායෙනුත් පෙරල ගත්තු සුපිරිම එකක් තමයි කාසි ෆිලුම. මේ ෆිලුම IMDb මීටරය 7.1 කටම කරකවන්න සමත් වෙච්ච 2001 වික්‍රම් හොදම නලුවා ලෙස Filmfare Award South හා Cinema Express Award මගින් සම්මාණයන්ට භාජනය වුවක්. ඔන්න මම විශේෂ ඉල්ලීම් නිසා මේ ෆිලුමට සිංහල සබ් එක ගෙනාවා.

1999 මලයාලම් ෆිලුමක වන Vasanthiyum Lakshmiyum Pinne Njaanum නැවත නිෂ්පාදනයෙන් වික්‍රම් ගේ සුපිරිම රංගනයෙන් බිහිවු මේ ෆිලුම නැවත තෙලුගු (Seenu Vasanthi Lakshmi) කන්නඩ (Namma Preethiya Ramu) හා සිංහල (සූරියා) භාෂාවන්ගෙන් නිෂ්පාදනය කරන ලදි. දෙමල ෆිලුමම නැවතත් තෙලුගු භාෂාවෙන් හඩ කවා කාසිනාත් යන නමින් තිරගත කරන ලදි.

ඉතින් මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ නම් මලයාලම් සිනමාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂක විනායන් විසින්. කැමරාකරණය සුකුමාරන් ද සංගීතය මෙස්ට්‍රෝ ඉලයරාජා විසින්ද මෙහෙයවා ඇත.  සංගීතය ගැනනම් විශේෂයෙන් සදහන් කලයුතුම වෙනවා. ඉලයරාජා ගේ විශිෂ්ටතම සංගීතයෙන් නැලවෙන ගීත හයක් එකිනෙකට පරයා කනට සිතට දැනෙන සුවය කියා නිමකල නොහැක. එමෙන්ම ගායක හරිහරන්ගේ ලයාන්විත හඩ එය තවත් උග්‍රකර ඇත.

වික්‍රම් සමග රංගනයෙන් මලයාලම් නිලිය වන කාවේරි (මෙහි මුල් ෆිලිම වු මලයාලම් Vasanthiyum Lakshmiyum Pinne Njaanum හි චරිතයට පන පොවන ලද්දේද මැයමයි) වික්‍රම් හේ පෙම්වතිය (කාවේරි) ලෙසද , කාව්‍යා මාධවන් වික්‍රම් හේ නංගි (ලක්ෂ්මි ) ලෙසද දායකත්වය සපයා ඇත .
මෙහි විශේෂත්වය වෙන්නේ ලක්ෂ්මිගේ චරිතයට ඇරයුම් ලබල තියෙන්නේ සිම්රන්ටයි. එයා සහය නිලියක් ලෙස පෙනී සිටින්න අකමැති වූ නිසා ඒ අවස්ථාව මලයාලම් නිළිය කාව්‍යා මාධවන්ගෙන් අසා ඇති අතර . එහි මලයාලම් ෆිලුමේ චරිතයට සිත යෑම නිසා දමිළ එකේ එම චරිතය ඇය විසින් භාරගෙන ඇත.

ගොඩාක් දුප්පත් ගමක ජීවත් වන අන්ධ කාසි (වික්‍රම් ) තමන්ගේ සොයුරිය වෙනුවෙන් ඇගේ මංගල්‍යය වෙනුවෙන් හා ඔවුන් ජීවත් කරවීමට විදින මහන්සිය හා දුක් කරදර කොතෙක්ද ඒවා ඔහුට ඉෂ්ට කිරීමට හැකිවේවිද ?

👍Cinema Express Award – Tamil Film Industry [Winner] Best Actor Vikram
👍Filmfare Awards South (2002)
Filmfare Award – Tamil Film Industry[Winner] Best Actor Vikram

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

3 comments

  1. thankz. aluthin aapu malayalam film walatath sub dennna

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thank you ,,,God bless you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login