The title of the page

Brightburn (2019) Sinhala Subtitles | සුපිරි වීරයාගේ අනිත් පැතිකඩ ! | සිංහල උපසිරැසි සමග |


කොහොමද කට්ටියට..
අද කතාකරන්න යන්නේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්න චිත්රපටයක චරිතයක් ගැන..ඒ තමයි Brightburn..මොකද මේ චිත්රපටය එනවා කියලා දැනගත්ත ගමන් ලෝකය පුරා ලොකු කතාබහක් නිර්මාණය වෙන්න ගත්තා මේ Brightburn චිත්රපටය ගැන.ට්රේලර් එක ආවම තවත් කට්ටිය මේ ගැන කතාකරන්න ගත්තා..මේ චරිතය ගැන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.එහෙනම් අපි කතාකරමු Brightburn ගැන..

================================
මොකද මේ Brightburn චිත්රපටය ගැන මෙච්චර කතාවෙන්න ගත්තේ..මොකද මේ Brightburn චිත්රපටය නිර්මාණය කරලා තියෙන්නෙ යම් චරිතයක අනිත් පැතිකඩ නිරූපණය කරන්න..ඔව් ඒ තමයි Superman ගෙ අනිත් පැතිකඩ..අනිත් පැතිකඩ කියන්නේ සුපිරි වීරයෙක් කොහොමද ලෝකය බේරගන්නවා වෙනුවට ලෝකය විනාශ කරන්න ආවොත්..😯අන්න ඒ සංකල්පය මේ චිත්රපටය තුලින් අපිට බලාගන්න පුළුවන්..Superman වගේ කෙනෙක් කොහොමද නරක පැත්තට ආවොත්.
================================
අපි මුලින් ම කතාකරමු Brightburn ගෙයි Superman ගෙයි තියන සමානකම් ගැන.

🔸මේ දෙන්නම පොඩි කාලෙ මෙයාලගෙ බලයන් හම්බුවෙන විදිහ ගොඩක් සමානයි ට්රේලර් එක බැලුවනම් දකින්න ඇති Brightburn පොඩි කාලෙ එහෙමත් නැත්තන් බ්රැන්ඩන පොඩි කාලෙ මෙයාගෙ බලය ගැන දැනගන්නෙ ගොඩක් අසාමාන්ය විදිහට..ඒ තණකොළ කපන මැශිමකට අත ගිහින් මොනවත් වුනේ නැති වෙලාවෙ ඉදන්.
ඊටපස්සෙ මෙයා ඒකෙන් කෙනෙක් ගෙ දකුණු අත කඩලා දාන තැන් එහෙම ට්රේලර් එකේ දකින්න ඇති..

🔸Man of steel එකේ දකින්න ඇති ක්ලාක් පොඩි කාලෙ X ray vision එක තමයි මුලින් ම හොයාගන්නේ.. ඊටපස්සෙ අර බස් එකේ සිද්ධිය.
(ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ..මම හිතන්නෙ නෑ Man of steel බලපු නැති අය ඉන්නවා කියලා..)

🔸Superman එක්ක ගත්තොත් Brightburn කියන්නේ තනිකර ම වෙනස් දෙන්නගෙ ක්රියාවන් වලින්..මොකද Superman හැමවෙලාවෙම බැලුවෙ කාටහරි උදව් කරලා ලෝකය බේරගන්න..ඒත් Brightburn හැමවෙලාවෙම බැලුවෙ කාගෙන් හරි පලිගන්න නැත්තන් ලෝකය විනාශ කරන්න..

🔸අනිත් දේ Superman ට වගේම Brightburn ට ත් සලකුණක් තියනවා..
සුපර්මෑන්ට S සලකුණ වගේ Brightburn ට තියනවා B අකුරට සමාන සලකුණක්..ට්රේලර් එක බැලුවනම් ඔයලා ඒක දකින්න ඇති..

🔸බ්රැන්ඩන් කරන්නේ එයාට කෙනහිලිකම් නැත්තන් කවුරුහරි එයාට මොනාහරි කරොත් එයාගෙ පලිගන්න බ්රැන්ඩන් දෙපාරක් හිතන්නෙ නෑ..බ්රැන්ඩන් හැමවෙලාවෙම කරපු දෙයක් තමයි චිත්රයක් වගේ කුරුටු ගාන එක..ඔය කුරුටු ගාන අතරතුර මෙයාගෙ සලකුණත් මෙයා කුරුටු ගාලා තියනවා..කොහොමහරි මෙයාගෙ දෙමාපියන් ට මෙයාගෙ අසාමාන්ය හැසිරීම් ගැන තේරිලා තියනවා පස්සෙ මෙයා ගැන එයාලට ලොකු සැකයක් මතුවෙලා තියනවා..මොකද අනිත් ලමයින් ට වඩා ගොඩක් මෙයා වෙනස් ඒ නිසා..

මෙයත් එක්ක හොදටම හිටපු කෙනෙක් තමයි කේට්ලන් කියන්නේ..අර ට්රේලර් එකේ අත කඩන්නෙ බ්රැන්ඩන් මෙයාගෙ..මොකද බ්රැන්ඩන් ගෙ අසාමාන්ය හැසිරීම් නිසා මෙයත් එක්ක හොදට හිටපු කේට්ලන් මෙයාව මගහරින්න පටන් ගන්න නිසා කේන්තියට තමයි මේ අත කඩන්නේ..

අනිත් දේ Superman ගෙ බලන් ම ගොඩක් මෙයාට පිහිටලා තියනවා..
චිත්රපටයේ ට්රේලර් එකේ එහෙම ඔයාලා දකින්න ඇති..Superhuman strength , Super speed , Heat vision වගේ සුපර්මෑන්ට ට ආවේණික බලයන් එහෙම් පිටින් ම Brightburn ටත් තියනවා..

තව එක දෙයක් තියනවා Superman ට නැති Brightburn ට විතරක් ආවේණික බලයක්..ඒ තමයි මනසින් යම් යම් දේවල් කරන්න..ඒ කියන්නේ ට්රේලර් එකේ වගේ දොරක් අතින් නැතුව මනසින් අරින්න වගේ..

දුර්වලතා ගැන කතා කරද්දී සුපර්මෑන්ට ක්රිප්ටොනයිට්ස් වලින් පරාද කරන්න පුළුවන් වගේ Brightburn ට තියන දුර්වලතාවය වෙන්නෙ මෙයා පෘථිවිය ට ආපු යානයේ කොටසකින් මෙයාට හානි කරන්න පුළුවන් වීම..

Brightburn පෘථිවිය ට එන්නෙත් සුපර්මෑන් පෘථිවිය ට ආවා වගේම යානයකින්..

තව කෙන්ට් අයගෙ ගොවිපලයි නිවස වගේම Brightburn ජීවත් වුන බ්රේයර් ගොවිපල හා නිවසකුයි ත් තියනවා..
================================

#මේක_Marvel_ද_එහෙමත්_නැත්තන්_Dc_චිත්රපටයක්_ද_?

ඊලඟට ඔයගොල්ලන්ට එන ප්රශ්නය තමා ඕක..🙂ඇත්තටම මේක Marvel වත් Dc වත් චිත්රපටයක් නෙමේ..මේක Sony සමාගම කරපු චිත්රපටය ක්..
මේ Brightburn චිත්රපටය Superhero කෙනෙක් ගෙ Dark side එක පෙන්නන්න නිර්මාණය කරත් මේක Horror කාණ්ඩයේ චිත්රපටයක්..James gunn ගෙ මේ සුපිරි චිත්රපටය එහෙනම් බලන්න..

 

ලිපියේ අයිතිය Great Movies We Watched – GMWW වෙත හිමිවිය යුතුයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

9 comments

  1. thankz. aluthin aapu malayalam film walatath sub dennna

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    sub එකට ස්තුතියි සහෝ!

  4. Thanks 2019 Simba Tamil film ekata sub dennko eke copyak download site eke thibbata subne ekmanata ekata sub bennko

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    The Wolfs Call AKA Le chant du loup (2019)

  6. Thank you saho sub ekata…
    Jaya wewa.!

  7. මයිකි

    තැන්ක්ස් බං එල

  8. තැනක් .hc hdrip. Sub එැම්

  9. BR Rip එක ඇවිල්ලා බ්රෝ සබ් එක අප්ඩේට් කරනවද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login