The title of the page
4.3
73

Kasaba (2016) Sinhala Subtitles |”ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ…”| සිංහල උපසිරැසි සමග

වැඩි විස්තරයක් කියන්නෑ……….

Kasba කියන්නේ රෙකොඩ් ක්‍රියේට් කරපු ෆිල්ම් එකක්. මෙගා ස්ටාර් මම්මුටි එයාගේ රංගන ජීවිතේ විසිහත් වන වතාවටත් පොලිස් චරිතයක් කරනවා මේ චිත්‍රපටයේ. ඒ චරිත 27 , විසිහත් විදියක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නේ….. ඒ වගේම මම්මුටි වෙනුවෙන් ඕපනින් දෙකක් දීලා තියනවා මේ ෆිල්ම් එකේ.
මම්මුටි සමග වරලක්ෂ්මී සරත්කුමාර් සහ සම්පත් රාජ් ප්‍රධාන චරිත වලට දායක වෙලා තියනවා. සාමාන්‍යයෙන් චිත්‍රපට වල දකින්න ටිකක් අපහසු වීරයා සහ දුෂ්ඨයා අතරේ සිද්ද වෙන හුදකලා සටනක් මේකේ තියනවා. උඩින් විසි වෙලා වැටෙන්න ගහන්නේ නැති, පාවෙලා ගිහිල්ලා එළවලු කරත්ත උඩට වැටෙන්නේ නැති නමුත් සාමාන්‍යයෙන් වෙන්න පුලුවන් කියලා සිතිය හැකි විදියේ සටනක්……..

චිත්‍රපටයේ පසුබිම් සංගීතය ගැන විශේෂයෙන්ම කියන්න ඕන. BGM එකකින් වෙන්න ඕන මොකද්ද, ඒ දේ හරියටම වෙලා තියනවා. විශේෂයෙන්ම චිත්‍රපටය අවසානයේ නාමාවලියත් එක්ක යන සංගීත ඛණ්ඩය හරිම ලස්සනයි.

සිනහව-කඳුල, දුක-සතුට, බලාපොරොත්තු-අපේක්ෂා භංගත්වය, හාස්‍යය-වේදනාව, අවංකත්වය-රැවටීම, ආදරය-කරුණාව……
මේ වගේ හැඟීම් ගොඩක් එකපාර පැය දෙකකින් විඳින්න කැමති නම් බලන්න…..

මතක ඇතිව සදාචාරය, සංස්කෘතික වටිනාකම්, කාන්තාවන් කළ යුතු නොකලයුතු දේවල් පිළිබඳව ඔබ දාගෙන ඉන්න කණ්නාඩිය ගලවලා දාලා බලන්න…..,
මතුපිටින් පේන්න තියන කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් දෙවෙනි ස්ථරයේ තියනවා පෙනෙයි…..
කොන් කල යුතුයි කියලා සමාජ සම්මතයක් තියන එක්තරා කාන්තා කොට්ඨාසයක ජීවිතේ කතාවේ අඳුරු පැතිකඩක් ශීලාචාරත්වය කියන බිත්තර කටුවෙන් වැහීගෙන ඉන්න සමාජයට විවර කරවනවා.
ඒ වගේම මිනිහෙක්ගේ බාහිර ක්‍රියා කලාපයට වඩා හදවතේ සිතුවිලි වල ක්‍රියා කලාපයයි වැදගත් වෙන්නේ….
පිටින් සුදු පිරුවට පොරෝගෙන,හතර පෝයට පන්සල් වල ලැගගෙන, රටේම තියන භාවනා මධ්‍යස්ථාන, අසපු වල පදිංචි වෙලා, කොයිවෙලාවෙත් බණ අහගෙන හිටියට වැඩක් නෑ හිත ඇතුලේ පණුවෝ ගහල නම්….
කවදහරි අවසාන විනිශ්චයට යද්දි අරගෙන යන්නේ හිත විතරයි…

අමරසිරි පීරිස් මහත්තයගේ සිංදුවකින් ඉවර කරන්නම්.
‘ළඳුනේ… ළඳුනේ…
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ළඳුනේ… ළඳුනේ

දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන,
වීදි සරණ ළඳුනේ… ළඳුනේ….

පිරිමින්ගේ පාප කඳට දෝෂ විදින ළඳුනේ
අදුරේ පව් කරන දනා…
එලියේ රවන ළඳුනේ….
ළැම පමණක් ලොවට පෙනෙන,
ලය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ළදුනේ…’

බාගෙට කරලා ඉතිරි ටික ⁣නොකර ඉන්නත් හදලා අායේමත් ඉවර කරපු උපසිරැසියක්..

ස්තූතිය….

පීටර් අයියා ප්‍රධාන අපේ සචිත් මලයා ඇතුලු ටීවී සීරිස් ඇන්ඩ් මූවි කණ්ඩායමේ අනිකුත් සියලුම සහෝදර සහෝදරියන්ට !!
ඒවගේම චිත්‍රපටි බලන ඔබ සැමට…!!!

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම
මනුසත් සුවඳ පවතී ලොව හැමදාම

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉන්දීවරි හේරත් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉන්දීවරි හේරත්

October 25, 2019


9
Total Subtitles

14 comments

  1. Thanks උපසිරැසිය වෙනුවෙන් ඉන්දීවරී හේරත් thx 😘

  2. Asuran , Aruvam Movie walata sub denna

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. ඉන්දීවරී ගොඩක්ම ස්තූතියි!
    සුපිරි මලයාලම් ෆිල්ම් වලටම සබ් දෙන්න
    බුදු සරණයි….

  5. බොහොම ස්තුතියි සිංහල උපසිරසියට 😊👍..
    ජය වේවා.! 👊

  6. සුපර් අසුරන් එකත් දෙමු ඔය ගැම්මටම 😍😍😍

  7. Thanks for sub sis………(Chandrettan Evideya 2015) malayam movie ekata sub denna sis please……..

    Dileep 2016 kalin tikka parana movie wala sub denna sis….godaak pin………

  8. Thanks for sub sis………(Chandrettan Evideya 2015) malayam movie ekata sub denna sis please……..

    Dileepge 2016ta kalin tikak parana movie walata sub denna sis….godaak pin………

  9. Thanks for sub sis………(Chandrettan Evideya 2015 movie ekata sub denna sis………DILEEPge 2016ta kalin tikak Parana film walata sub denna sis please……..

  10. Thank you nangi,,,,,

  11. පරන උනත් කොල්ලට කැමති . තැන්ක්ස්

  12. Sub ekata thanx bro.. dulquerge oru yamandan premakadha film ekath dennako. Youtube eke tiyenawa film eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login