The title of the page

Asuran (2019) Sinhala Subtitles| මෘගයා | සිංහල උපසිරැසි සමග |

මනුස්සයෙක්ගේ ජීවිතේ අවධි හතරක් තියනවා. ළමා වයස, තරුණ වයස, මැදි වයස, මහළු වයස….
සිවසාමිගේ ජීවිතේටත් ඒක පොදුයි….

ලේ රත්වෙන තරුණ වයසේ දඩබ්බරයෙක්..
ලස්සන බිරිඳක් එක්ක ජීවිතේ පටන් ගන්නවා….

පළවෙනියා කොල්ලෙක්….
දෙවනියත් කොල්ලෙක්…..

ලස්සන පවුලක් කියලා හිතුවත් වැරදි නෑ. ඒත් එක දවසකදි සිවසාමිට හැම දෙයක්ම අහිමි වෙන්න පටන් ගන්නවා…

ඔහු සටන් කරනවා තමන්ගේ අයිතිය වෙනුවෙන්….
වැඩිමහල් පුතාගේ අහිමිවීමත් එක්ක සිවසාමිගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකකට එනවා……

දැන් ඔහු පැසුණු,පරිණත මිනිහෙක්……
ජීවිතෙන් පාඩම් ඉගනගත්ත මිනිහෙක්…..

සිවසාමිගේ ජීවිතේ කතාව තමයි අසුරන් කියලා දිගහැරෙන්නේ…

Asuran (2019)

පූමනී කියන ලේඛකයගේ වේක්කයි නම් නවකතාවෙන් වෙට්‍රිමාරන් හදපු ෆිල්ම් එක අසුරන්.. ධනුෂ් රංගන ශිල්පියෙක්ගේ තැන ඉඳලා රංගධරයෙක්ගේ තැනට ආපු ෆිල්ම් එක අසුරන්.. හැමෝම නොඉවසිල්ලෙන් එනකන් බලාගෙන ඉඳපු ෆිල්ම් එක අසුරන්… එහෙනම් මෙන්න තියනවා, බලන්න අසුරන්….

වඩාත් ග්‍රාමීය දමිළ භාෂාවක් යොදාගෙන තියන නිසා උපසිරැසි නිර්මාණය පරක්කු වුනා…
සමාවෙන්න ඒකට🙏🙏🙏

හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් නිසාත්, හොඳ ආදර්ශයක් තියන ෆිල්ම් එකක් නිසාත් කොහෙන්හරි කොපි කරනවට වඩා ඇත්තටම කියන්නේ මොකද්ද කියලා අහලා සබ් එක කරන්නයි ඕන වුනේ… ඒ නිසා හිතුවට වඩා පරක්කු වුනා..
ඒ වෙනුවෙන් නැවතත් වතාවක් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා🙏🙏🙏

සිවසාමි තමන්ගේ බාල පුතාට අවසානෙට කියන කතාවකින් මගේ කතාව ඉවර කරන්නම්…..

“අපේ කුඹුරු උන්ට බලාත්කාරෙන් අයිති කරගනියි.
අපිට සල්ලි තිබුනොත් උන් ඒවා හොරකම් කර ගනියි
ඒත් අපි ඉගන ගත්ත දෙයක් කවදාවත් අපෙන් උදුරගන්න උන්ට බෑ.
උඹට උන්ව පරද්දන්න ඕන නම්, ඉගනගනිං.
මහන්සි වෙලා ඉගනගෙන බලවත් මිනිහෙක් වෙයන්”

BuGGy ගේ ස්තුති කතාව…

“Team Work Make A Dream Work”

ඇත්තටම මේක හිනයක් වෙලා තිබ්බේ අපේ අශේන් සහෝදරයට… නොවැලැක්විය හේතුවක් හින්දා කොල්ලට කරගන්න බැරි උනා… ඊට පස්සෙ මම භාර ගත්තා කරන්න ගත්තාම තමා රගේ තෙරුනේ… සංස්කෘත දෙමලද මන්දා මෙලෝ හරුපයක් තේරෙන් නෑ… සැහෙන්න මානසිකව වැටිලා හිටියේ… කොම හරි අන්තිමේට අශෙන් සහොයි, මමයි බෙදාගෙන උපසිරැසිය ගහනකොට ආපු ප්‍රශ්න වලට මුලු සබ් ටීම් එකම Support එක දුන්නා… ඇත්තටම වචනෙකින් හරි උදව් කරපු හැමොටම හර්දයාංගම ස්තුතිය… ඒ අතරේ සමිත් සහොදරයයි, ඉන්දීවරි අක්කයිත් මාරම Help එකක් දුන්නා ඒ දෙන්නවත් අනිවාරෙන් මතක් කරන්න ඕනේ…

සබ් එක දිපල්ලා කියලා Comment එකකින් හරි කෑගහපු ඔයාලටත්, මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක සබ් එක කරන්න හරි මාව ගාව ගත්තු අශේන් සහෝදරයටත් ස්තුතියි…

ඇත්තටම මතක හිටින දෙබස් ටිකක් සහ ගුණාත්මක උපසිරැසියක් දෙන්න ඕනේ හින්දා තමා වැඩෙ පරක්කු උනේ…

තවත් සබ් එකකින් මුනගැහෙනකල් හැමෝටම,
තෙරුවන් සරණයි !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

21 comments

  1. Aadareii oooi…pattaj

  2. superb work guys…..keep it up..:)

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thank you,,,,God bless you

  5. එරංග සඳරුවන්
    Cineru_users

    උප සිරැසියට බෝම ස්තූතියි..ජය වේවා

  6. සබ් එක දාපු සහෝ කවුරු උනත් .. උදව් කරපු අය කවුරු උන්ත් කියන්න තියෙන්නේ .. කියන්න වචන නැ එ තරම් හිතට දැනුන ෆිල්ම් එක. සබ් එක ගැන කියනව නම්, මෙක තාමත් බලන්න ඉන්න අයටත් කියන්නෙ ෆිල්ම් එක වගේම උපසිරසියත් නියෙමටම තියෙනවා .. පට්ටම ෆිල්ම් එක අවුරුද්දේ හොදම එක වෙයි ගොඩක් අයගෙ හිත් වලට නම් එක අනිවාර්යයි!
    මෙ වෙබ් අඩවියටත් සුභ පතනව

  7. මෙකෙ සබ් එක තාම කිසිම තැනක වැටිල නැ සුපිරි එකට මෙයාල දල තියෙනවා ෆිල්ම් එක කොච්චර දැනුනද කියනව නම් විෂිශ්ට ලෙස උපසිරසිය තියෙනවා

  8. Thnaks bro…

  9. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් බන් ආදරේයි….උබල තමා ඉතිං ටැමිල් ෆිල්ම් නම් එකටම සබ් දෙන්නේ……

  10. Thanks

  11. Tvseriesandmovieslk website eka wada nane

  12. Woooow thanks bro..it’s a pleasure

  13. බොහෝම ස්තුතියි සබ් එකට…
    ඒ වගේම වැඩි වැඩියෙන් සබ් කරන්න ශක්තිය ලැබේවා..

  14. උපසිරැසියට ස්තුතියි

  15. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  16. බොහොම ස්තුතියි සබ් එකට

  17. Janani Uthpala
    Cineru_users

    බොහොම ස්තුතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login