The title of the page

Chhichhore (2019) Sinhala Subtitles |මතකයන්| සිංහල උපසිරැසි සමග |

“මතක ඒ තමයි අපේ ජීවිතය ජීවත් කරවන බලවත්ම ආයුධය.
ඒ සුන්දර මතක තවත් ජීවිතයක් ජීවත් කරන්න තරම් බලවත් නම්..”

මන් මෙහෙම සීරියස් විදිහට පටන් ගත්තට මේක තනිකරම පිස්සුවක්….

අද මන් ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ  බොලිවුඩ් සිනමාවට එකතු වෙච්ච පැය 2යි මිනිත්තු 23ක් පුරා දිවෙන ලස්සනම චිත්‍රපටියක්. Susanth Singh Rajputh ,Shradda Kapoor,Varun Sharma,Naveen Polishetty,Thushar Pandey,Tahir Basin,Saharsh Kumarරංගනයෙන් දායක වන මේ  චිත්‍රපටය IMDB 8.2 ක අගයක් ලබා ගෙන තියනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Nitesh Thiwari.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්,

අන්නී, සෙක්සා , මම්මී , ඇසිඩ් ,ඩෙරෙක් , බේව්ඩා කැම්පස් එකේ ඉන්න හොදම යාළුවෝ සෙට් එකක්.ඒ අතරේ ඉන්නවා කැම්පස් එකේ හැමෝගෙම crush එක මායා.මෙයාලා අවුරුදු 25 කට විතර පස්සේ එක තැනකදි හම්බෙනවා.ඒ එයාලගේ කැම්පස් ජීවිතේ සුන්දරම මතකයන් කෙනෙක්ට කියන්න.තමන්ගේ ජීවිතේ වටිනාකමක් නැති වෙච්ච ඒ කෙනාට ආයි ජීවත් වෙන්නෙ ශක්තියක් වෙන්න…..ඒ මතකයන් නම් පට්ට,චිත්‍රපටය පටන් ගන්නේ ඩන්ක් ෆයිට් එකකින්.(ඒ කිව්වේ හොස්ටල් ඇතුලේ ‍රෑට වතුර ගහ ගන්න එක.)ඒකෙන් පටන් ගන්න ෆන් එක චිත්‍රපටයේ හැම තැනම තියනවා.කවදමහරි හොස්ටල් එකක හිටපු කෙනෙක් නම් ඒ සුන්දර කාලේ මතක් වෙයි.හොස්ටල් ජීවිතේ තියන ෆන් එක,යාළුවෝ තමන්ගේ පවුල වගේ වෙලා දුකට සැපට එකට හිටපු හැටි,ආදරේ කරපු හැටි……… මේ හැමදේම මතක් වෙයි.චරිත ගැන,කතාව ගැන මන් වැඩිය විස්තර නොකියා ඉන්නම්,මොකද ඒ රසවින්දනය ඔයාලම ලබා ගන්න ඕනේ…
බඩ පැලෙන්න හිනා වෙන ගමන් පොඩ්ඩක් විතර දුක් වෙලා ආයි හිනාවෙන්න……

“ජයග්‍රහණයම නෙමේ ජීවිතය කියන්නේ
පරාජය කියන්නේ ජීවිතය අත අරින්න තරම් දෙයකුත් නෙමේ
උත්සහාය  තමා වැදගත්ම දේ
ඒ නිසා,
ජීවිතයට, විදවන්න නෙමේ
ජීවත් වෙන්න ඉඩ දෙන්න”

ආරාධනා කරනවා හැමෝටම මේක බලන්න කියලා………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි sis සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. tnx bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login