The title of the page
6.3

Kannamoochi (2020) E05 Sinhala Subtitles |අවසන් උත්සහය| සිංහල උපසිරැසි සමග

ඔන්න පොඩි වෙනසකටත් එක්ක දමිළ වෙබ් සීරීස් එකක් සබ් කරන්න හිතුනා. දමිළ වෙබ් සීරිස් එකක්නම් කවුරුත් බලලම නැති තරම්. මම දන්න විදියටනම් මේක තමයි සිංහලෙන් සබ් කරන පලවෙනි දමිළ වෙබ් සීරිස් එක. මේ සීරිස් එක ගොඩාක් විශේෂයි . ඒකට හේතු රාශියක් තියෙනවා. ඒක කියන්නම්.

කන්නාමූච්චි ( හැංගිමුත්තන්) – 6.1 /10 IMDb අගයක් පෙන්වල තියෙනවා. හැබැයි මනාප ගාන නම් හරිම අඩුවෙන්. ඒ නිසා ඒක අමතක කරමු. නමුත් මේකට ඒ අගය දෙන්න පුලුවන් තත්වයක තියෙනවා. ඒක ඔයාල බලලම තීරණය කරන්න. ඒ වගේම මේක වර්ගීකරණය කරල තියෙන්නේ Drama, Horrer කියල. මම කැමතියි ඒකට Thriller කියන එකත් එකතු කරන්න. කතාව නම් ලියල තියෙන්නේ G R Aadithya. අධ්‍යක්ෂණය Avinaash Hariharan විසින්. නලු නිළියන් Shamna Kasim (Priya), Amzath (Santosh), Aaradhya (Aishu) හා Shwethaa (Manju) විසින් දායකත්වය සපයා ඇත. විනාඩි 30 – 35 ක කොටස් 5 කින් සමන්විතයි . ZEE5 නාලිකාව මගින් විකාශන අයිතිය ලබාගෙන ඇත.

“අවුරුද්දේ ඉඳලා අවුරුදු පහළොව වෙනකන් දරුවන් නැතිවෙනවා ඒකත් චෙන්නායි නගරයේ පමණක් දවසට දරුවන් හතර දෙනෙක් ඒ කියන්නේ වසරකට දරුවන් 1460 ක්”

කන්නාමූච්චි ( හැංගිමුත්තන්) – මේ කතාව දිගට ඇදෙන එකක් නෙවෙයි. සිනමාවක් වගේම රසවිදින්න පුලුවන් එකක්. අද ලෝකය පුරාම වසංගතයක් වෙල තියෙන්නේ මත්ද්‍රව්‍ය , ඊටත් වඩා භයානක උවදුරක් තමයි ළමා ගණිකා සේවය. ඒ වගේම භයානකමෙන්ම අපරාධයක් තමයි ළමා අපචාරය. ඊට ලමයින් බලහත්කාරයෙන් පොලබවා ගැනීම. මේ වැනි දේවල් කරනු ලබන්නේ නම් මානසික ව්‍යාධියෙන් පෙලෙන්නන්ම විය යුතුයි. මේ අපරාධවලට ලොකුම හේතුව වන්නේත් දෙමාපියන්ගේ නොසැලකිල්ල හා නෑයන් හා මිතුරන් ගැන තබා ඇති විශ්වාසයයි . මේ මම කන්නාමූච්චි ගැන කෙටියෙන්ම කිව්වේ.

ගැහැනු දරුවන් පැහැරගන්නා මානසික ව්‍යාධිකයෙක් , තමාගේ දුව නැතිවු ශොකයෙන් ජීවිතය හානිකරගන්නා පියෙක්. සමියාගේ වියොවෙන් පසු තම ගැහැනුදරුවා සමග තනිවු මවක්. නැතිවු තම දරුවා සොයන මවක්. ඇයට තම දරුවා සොයා ගැනීමට හැකි වේවිද ?

04 වන කොටස :
පසුගිය කොටසෙන් ප්‍රිති උත්සහ කරන්නේ බාලුගෙන් උදව් ගන්න නමුත් බාලුකියන්නේ මන්ද බුද්ධික තරුණයෙක් . එයාගේ උදව්වෙන් අයුසුව හොයාගන්න ප්‍රීතිට හැකිවේවිද ? ලොකුම ප්‍රශ්නය කව්ද මේ මනෝව්‍යාධිකයා? එහෙමනම් මේ අවසන් කොටසෙන් මේ හමදේටම විසදුමක් ලැබේවි.

ස්තූතියි අප සමග රදී සිටීම ගැන . මේ වගේම තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

6 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි Kannamoochi Tamil WEB Series එකට සබ් දුන්නට 😊👍..
    සබ් දෙනව නම් Karishma Kapoor ඉන්න Mentalhood Hindi WEB Series එක, තව Kallachirippu Tamil WEB Series එක එහෙමත් හොඳයි පුළුවන් නම් සබ් දෙන්න 😊😊
    ජය වේවා.!

    • Peter Barthelot
      Cineru Family Member

      අනිවාර්යයෙන් උත්සහ කරන්නම්. මේවා ඩවුන්ලෝඩ් කරන්න තැනක් නෑ නේ.

  2. TV series ekata tnx…
    She indian Web series ekatath sub denna

    • Peter Barthelot
      Cineru Family Member

      ඒක කරල තියෙන්නේ . සයිට් එකේ බලන්න

  3. Peter Barthelot
    Cineru Family Member

    Thanks link ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login