The title of the page
Kalavaani 2010 Sinhala Sub
Kalavaani 2010 Sinhala Sub
7.1
85

Kalavani (2010) Sinhala Subtitles | හොර තක්කඩියා | සිංහල උපසිරසි සමග

  1. (Kalavaani (2010) Sinhala Sub) ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන පස්වැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් ආවේ ටිකක් පරන පටන් ගත්ත වෙලාවේ ඉදන් කුතුහලයෙන් හිනාවෙවි බලන්න පුළුවන් imdb අගය 7.1 ක් ලබා ගත්තු ලස්සන ෆීල්ම් එකක් තමයි. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් මගේ පෙර උපසිරසිය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් බොහොම ස්තූති වන්ත වෙනවා.

විමල් (Vimal), කිව්වම එයාගෙ ඇක්ටින් ගැන දන්නවනේ ඉතින්…මගෙත් ආසම නළුවෙක් මෙයා. මේ සැරේ කලවානි චිත්‍රපටය හහරා විමල් හා ඔවියා තමා පධාන රංගනයෙන් දායක වෙන්නේ .කලවානි කිව්වම නමෙන් නම් තේරුම හොරා කියන එක. අරිකි (විමාල්) සහ මහේෂ්වරී (ඕවියා) රංගනයෙන් දායක වන, මෙහි කතාව දසෙට පොඩ්ඩක් හැරුනහොත්, අරිකි (විමල්) කියන්නේ ගමේ අයගෙන් හොද හිත දිනාගත්ත කෙනෙක්නම් නෙමෙයි. ඒ මොකද මෙයයි මෙයාගේ යාළුවොයි සෙට් එක එකතු වෙලා කරන හොර වැඩ හින්දා. මෙයාගේ තාත්තා රට තමයි ඉන්නේ. අරිකියි ,එයාගෙ නංගියි බලාගන්නෙ අම්ම තමයි. අම්ම ඉතින් අරිකි ඉල්ලන ඕනිම දෙයක් දෙනව. අනික තාත්ත රට ඉදන් හම්බ කරන සල්ලි එවන්නේ මේදෙන්නගෙ ඉගෙනීමටයි මෙයාලගෙ ගෙදර වැඩ ඉවර කරන්නයි. අරිකි මේ සල්ලි වලින් හොදට නාස්ති කරල විනෝද වෙනවා. මෙයා පරිඝණක පාඨමාලාවක් කරනව කියලයි මෙයාගේ තාත්තා හිතන් ඉන්නේ.

මෙයා ඉතින් ගමේම ඉන්න කෙල්ලන්ගෙ පස්සෙන්ම තමයි ඒකෙනුත් එයාලගෙන් බලෙන් කසාද බදින්න කැමතිද අහල එයාලව නම්ම ගන්න එක තමයි කරන්නේ. දවසක් මෙයා ඉස්කෝලෙ යන මහේස් කෙල්ලෙක්ට මෙහෙම කසාද බදින්න කැමතිද අහලා එයා පස්සෙන්ම කැරකෙනවා. කොහොම හරි මෙයාට මේ කෙල්ලව සෙට් වෙනවා. ඔහොම ඉද්දි අරිකිගෙ තාත්ත රට ඉදන් ආයෙත් ගමට එනවා. ඒ ආවම තමයි පුතාගෙ වැඩ ටික දැන ගන්නෙ. කොහොම හරි අර කෙල්ලව පස්සෙන් ගිහින් යාළු කරගත්තට මොකද බලද්දි අල්ලපු ගමේ මෙයාලගෙ හොදම තරහා කරයන්ගෙ නංගි කෙනෙක්. දැන් ඉතින් මොකද කරන්නෙ මේක දැන ගත්තම එයාලත් මේ කෙල්ලව වෙන කෙනෙක්ට ඉක්මනට කසාද බන්දලා දෙන්න තීරණය කරනවා. අනික අරිකි වගේ කෙනෙක්ට කැමති වෙන කෙල්ලෙක් ඉන්නවද කයල හැමෝටම ප්‍රශ්ණයක්. ඇයි ඒ තරම් මෙයාගෙ චරිතෙ හොදයිනේ…හැ.

කසාදෙ අරිකිටත් හොරෙන්ම තීන්දු කරල ගන්නයි මහේස්ගෙ ගෙදර අය හිතන් ඉන්නෙ.අරිකිත් ඉතින් හොදම හොර කපටියනෙ මෙයත් අතාරින් නෑ ගේම ගහනව සුපිරි ප්ලෑන් එකක්. අරිකිගේ මේ ප්ලෑන් එක මොකක්ද..? මහේස්ව අරිකි කසාද බදියිද..? මෙයාලගෙ ගම් දෙක අතර තියෙන ප්‍රශ්නෙ මොකක්ද..? ඒක විසදෙයි..? කියල බලන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා..

ආ..තව දෙයක් මේකෙ දෙවෙනි කොටසකුත් ආවා..ඒකටත් ඉක්මනට උපසිරසි අරන් එනකන් අදට මම සමුගන්නවා.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Comedy, Romance
අධ්‍යක්ෂණය : A. Sarkunam
නිෂ්පාදනය : A. Sarkunam
රංගන ශිල්පීන් : Vimal, Oviya,
ධාවන කාලය : 2h 21min
තිරගත කල දිනය : 25 June 2010 (India)
සංගීතය : V. Ronald Regan, Natarajan Sankaran
IMDB අගය : 7.1/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

6 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👊 පුළුවන් නම් Cuckoo 2014 tamil film එකට සබ් කරනවද tv එකේ බැලුවා දවසක් සුපිරි කතාව ඇස් පේන්නෙ නැති couple එකක් ගැන කතාව යන්නෙ IMDb එකත් 8යි ගානක් මට මතක විදිහට

    • Udaya saman
      Cineru Family Member

      මචං මාත්බැලුව ඕක දැන් නෙට් එකේ..ඒක පට්ට වගේ.ඉදිරියේදි මං බලන්නම් උපසිරසි දෙන්න මේකට…

      • Hashan
        Top Fan ⭐⭐⭐

        තෑන්ක්ස් බ්‍රෝ පුළුවන් නම් සබ් කරන්න BRRip එකම release වෙලා තියනවා 😊

    • Hashan
      Top Fan ⭐⭐⭐

      film එකේ BRRip එකම තියනව සබ් කරනව නම් film එකේ BRRip එක හොයාගන්න බැරි උනොත් කියන්න මං දෙන්නම් බ්‍රෝ google drive link එකක් තියෙනවා 😊

  2. thank you bro

  3. Thanks bn sub gehuwata mekata.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login