The title of the page
Kalavani 2 2019 Sinhala Sub
Kalavani 2 2019 Sinhala Sub
4
83

Kalavani 2 (2019) Sinhala Subtitles | හොර තක්කඩියා නැවතත් | සිංහල උපසිරැසි සමග

(Kalavani 2 (2019) Sinhala Sub) පරක්කුයි…පරක්කුයි හොදටම පරක්කුයි , මුලින්ම සමාවෙන්න ඒ පරක්කුවට කියන ගමන් ඔන්න ටිකක ප්‍රමාද වෙලා මං පොරොන්දු වුනා වගේම කලවානි 02 සිනමා පටයේ සිංහල උපසිරසිය අරගෙන ආවා..
විමල් (Vimal), කිව්වම එයාගෙ ඇක්ටින් ගැන දන්නවනේ ඉතින්… මේ සැරේ කලවානි 2 චිත්‍රපටය හරා විමල් තමා රංගනයෙන් දායක වෙන්නේ මැතිවරණ අපේක්ෂකයෙක් විදිහටයි. කලවානි කිව්වම නමෙන් නම් තේරුම ´හොරා’ කියන එකයි

ඔහු රඟපෑ චිත්‍රපට 25 න්, අමතක නොවන චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළේ ඒ සර්කුනම් විසිනි. එකක් කලවානි වන අතර අනෙක සාර්ගනාම්ට ජාතික සම්මානයක් හිමි වූ වාගයි සූඩා වා යි .

පළමුවන කලවානි චිත්‍රපටයේ ගම්මාන දෙකක් අතර ගැටුම් ඇති විය. අරිකිට මහේෂ්වරී මුණ ගැසෙයි , පසුව ඔවුන් ආදරයෙන් බැඳේ. ඔවුන් විවාහ වී ඔවුන් දරු මුණබූරෝ පවා ලබයි. පලවෙනි එක බැලුවේ නෑ කියලා කමක් නෑ ඒකත් එක්ක සම්බන්ධයක්නම් දෙවෙනි එකට නෑ. නමුත් කලවානි 2 හි, චිත්‍රපටය නව කථා වස්තුවක දී හමු නොවූ පුද්ගලයන් දෙදෙනෙකු ලෙස ඔවුන් නැවත වරක් විකාශනය කරයි.

අපේ රටේ ජන්දෙන් දිනන්න ගන්න කරන දේවල් දැක්කම ඉන්දියාවෙත් ජන්දෙ කියන එක අපේ රටේ වගේම කරන දේවල් ටිකක් ලගින්ම යනවා. ඉතින් ජන්ද වැඩ අස්සේ දන්නවනේ පක්ෂ වලට බෙදිලා කර කියාගන්න දේවල් කොච්චරද කියලා. එහෙනම් පළමුවෙන්ම මම මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව ලබාදුන් සිනෙරු ඇඩ්මින් බණ්ඩලයේ සියළු දෙනාටත්, මාගේ උපසිරසි සදහා වචනෙකින් හරි ස්තූති කරන සියළු දෙනාටත් ස්තූති කරනවා.

මෙහි කතාව දෙසට පොඩ්ඩක් හැරුනහොත්, අරිකි(විමල්) යනු එයාගේ යහළුවන් සමග හොර වැඩ කරන චරිතයකි.මැතිවරණයට සභාපති තනතුර සදහා ඔහුගේ මාමා තරග වැදීමට ඉදිරිපත් වේ. දිනක් අරිකි හට මහේෂ්වරි මුණ ගැහෙන්නේ එළු පැටියෙකු සොරාගෙන යන විටයි. ඉන් පසු අවස්ථා කිහිපයකදී අරිකි හට මහේෂ්වරි මුණ ගැසෙනුයේ මාරම අවස්ථාවන් කිහිපයකදීය. එක් අවස්ථාවක ඔහුට ඇය ගැන සිතා ගැනීමටත් නොහැකි වන්නේ ඇයගේ ක්‍රියා කලාපය නිසාය. කොහොමෙන් හෝ මහේෂ්වරිගේ හිත දිනා ගන්නා අරිකි ඇය සමග ආදර සම්බන්ධතාවයක් ඇති කර ගනී. අරිකි දේශපාලනයට පිවිස ජන්ද අපේක්ෂකයෙකු වීමට සැලසුම් කරයි. ඒ සැලසුම් කරන්නේ තමන්ගේ යහළුවන් සමග තම මාමාගෙන් ජන්දය ඉල්ලන මුමාවෙන් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. ඉතින් මහේෂ්වරිගේ වචනය නිසා අරිකිට මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තමා සභාපති වන බව සිතාගනි.

සභාපති වෙනවා කියලා හිතාගත්තට මොකද ගමේ අරිකිටය ජන්දයක් දෙන්න කෙනෙක් ඉදීවිද..? අරිකිට එයාගේ තාත්තගෙවත් ජන්දෙහම්බ වෙන්නනෙ නෑ. ජන්ද කීයක් හමුබ වෙයිද කියලා බලන් යනකොට අම්මගෙ ජන්දෙත් එක්ක යන්තම් ජන්ද 04 ක් අරිකිට ලැබෙවා. ඒ අරිකිගෙ එකයි, යහළුවන් දෙනොගෙයි, අම්මගෙයි ජන්ද…අරිකි කියන්නෙ ඉතින් හීන් නූලෙන් ගේම ගහන හොරෙක්නෙ. මෙයාට ඉතින් මේ මැතිවරනෙන් මෙයාගේ මාමාව පරද්දන්න තිබ්බනම් ඇති කියන තැන තමයි ඉන්නේ. හිතන් හිටයට මොකෝ බලන් යද්දී ගමේ ජන්ද ඔක්කොම තියෙන්නේ මෙයාගේ මාමාට. මෙයා මේකටනම් නියමම ගේමක් දෙන්නේ, සභාපති වෙන්න ඉල්ලන ජන්දෙට අපේක්ෂක අරිකිටනම් ගමේ හොද ප්‍රථිචාරයක් නැතිම තරම්, කොහොමින් හරි අරිිකි ජන්දෙ දවසෙ මාරම ගේමක් දෙනවා දිනන්න, ජන්ද හතරක් විතරක් වැටෙන මේ අපේක්ෂක අරිකි මේ ජන්දෙන් දිනයිද..? නැත්තම් පරදියිද කියලා බලන්නම ඔයාලටම භාර කරනවා. හිනා වෙවී බලන්න පුලුවන් එහෙනම්..

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Comedy, Drama, Romance
අධ්‍යක්ෂණය : A. Sarkunam
නිෂ්පාදනය : A. Sarkunam
රංගන ශිල්පීන් : Vimal, Oviya, RJ Vigneshkanth
ධාවන කාලය : 2h 21min
තිරගත කල දිනය : 5 July 2019 (India)
සංගීතය : V. Ronald Regan, Natarajan Sankaran
IMDB අගය : 4.3/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

5 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri film cool sub ekata thx bro

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    එලම බ්‍රෝ, ලිපිය ටිකක් වෙනස් කරා නම් මරුම

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. නියමයි අයියේ ..තෑන්ක්ස් සබට ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login