The title of the page
Kadhal Ondru Kanden (2020) Sinhala Subtitles
Kadhal Ondru Kanden (2020) Sinhala Subtitles
8.5

Kadhal Ondru Kanden (2020) Sinhala Subtitles | ” ආදරේ ” | සිංහල උපසිරැසි සමඟ

(Kadhal Ondru Kanden (2020) Sinhala Subtitles) (Kadhal Ondru Kanden (2020) Sinhala Sub )

ඉතින් කොහොමද Cineru එකේ ඉන්න හැමෝටම.. එහෙනම් මේ තමයි මම ඔයාලා වෙනුවෙන් මුලින්ම අරගෙන එන සබ් එක..

ගොඩක් අයට පැය දෙකේ තුනේ ෆිල්ම් බලලා පොඩ්ඩක් කම්මැලි වගේ ඇති නේද… අන්න ඒ නිසා තමයි මම ඔයාලට ලස්සනම ලස්සන දෙමල කෙටි චිත්‍රපටයක් අරන් ආවේ..

මේ කෙටි චිත්‍රපටයේ නළු නිලියෝ ගැන පොඩ්ඩක් විස්තර කියන්නම් මුලින්ම.. අශ්වින් කුමාර් , රියෝ රාජ් , නක්ශාත්‍රා නාගේෂ් , බාලා සරවනන් වගේ අපි දන්න කියන දැකලා තියෙන අය තමයි මේකේ ඉන්නේ..

ඒ වගේම මේ කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂකගේ නම පුනිත් ( ඔයාලා බලලා නැතුව ඇති එයාගේ කෙටි චිත්‍රපට ඇත්තටම මාර ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා.. ) ඒකමයි මම මේක ඔයාලට බලන්න අරගෙන ආවේ.. ඒ වගේම මේ කෙටි චිත්‍රපටය ආවේ 2020 ජනවාරි 5. ඕ කියන්න අමතක වෙනවා තව ටිකෙන් මේ කෙටි චිත්‍රපටය YouTube එකේ අවුරුද්දක් ඇතුලත කෝටි දෙකක් බලලා තියෙනවා.. ඒ වගේම මේකේ තියෙන ලස්සන සින්දුවක් වෙන ” Kanna Veesi” ගීතය… ඒක මේ වෙනකොට කෝටි 3.9ක් බලලා තියෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් යමු නේද ?

කතාව විස්තර නොකර මම ඔයාලට මේක මෙහෙම කියන්නම් මේ ගැන…අපි කාටහරි පණ වගේ ආදරේ කරනවා ඒත් ඒක කියාගන්න අවස්තාවක් ලැබෙන්නෙම නැහැ ලැබුනත් කියන්න වචන එන්නේ නැහැ.. ඒත් ඒ අවස්ථාවත් ලැබිලා අපි එයාට ආදරෙයි කියනකොට එයා වෙන කෙනෙකුට ආදරෙයි කිව්වොත් එහෙම ? ඔයාට මොනවා කරන්න හිතෙයිද ? මොනවගේ හැඟීමක් එයිද ? ඒ ගැන තමයි මේ කෙටි චිත්‍රපටය.. අවසානේ හරිම දුකක් දැනෙන.. ආදරණිය කතාවක් මේක.. බය නැතුව අරගෙන බලන්න ලස්සන කතාවක්.. එහෙනම් මම ගියා මේ කෙටි චිත්‍රපටය මම තමයි මුලින්ම සබ් කරේ එහෙනම් බලලා අනිවා අදහස යටින් කමෙන්ට් කරන්න….

( අදහස නම් ඕනෙමයි ඔයාලගේ )
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. sanath
    Cineru_users

    Ke Ma Timro Hoina Ra me film eka nepal film ekak youtube eke 720p wage print ekak thiyenawa ekata sinhala sub eka denta sahoo puluwaninam. oyage sub supiri pari thama

  4. 🎀පළවෙනි උපසිරැසියට සුභ පැතුම්🎀

  5. නනියමයි මචො තැන්ක්ස් සබ් එකට

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. තෑන්ක්ස් සබ් එකට 💜️

  8. Thank you very very much sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login