The title of the page
Venom 2 Sinhala Subtitle
Venom 2 Sinhala Subtitle
6.3
59
88

Venom: Let There Be Carnage (2021) Sinhala Subtitles | “සංහාරයක ඇරඹුම” | සිංහල උපසිරැසි සමඟ

(Venom: Let There Be Carnage (2021) Sinhala Subtitle) (Venom Let There Be Carnage 2021 Sinhala Sub)

Venom: Let There Be Carnage (2021) කියන්නෙ Marvel Comics චරිතයක් වෙන Venom ඇතුළත් වෙන ඇමෙරිකානු Superhero Film එකක්. මේ Film එක මාවල් සමාගමෙත් අනුග්‍රහය ඇතුව Columbia Pictures ආයතනය විසින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ. Film එක බෙදාහැරීම කරලා තියෙන්නෙ Sony Pictures Releasing හරහායි, මේක Sony ලාගේ Spider-Man විශ්වයේ දෙවෙනි Film එක වන අතර 2018 විකාශය වුණු Venom (2018) Film එකේ දෙවෙනි කොටසත් වෙනවා..

මේ Film එකේ Eddie Brock/Venom ගේ චරිතය රඟපාන Tom Hardy එක්ක Kelly Marcel එකතුවෙලා ලියපු තිර රචනයකට අනුව Andy Serkis තමයි මේ Film එක අධ්යක්ෂණය කරලා තියෙන්නෙ. Tom Hardy එක්ක Michelle Williams, Naomie Harris, Reid Scott, Stephen Graham සහ Woody Harrelson යන අයත් මේ Film එකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..

කතාව කෙටියෙන් කිව්වොත්, Venom කියන පිටසක්වලින් ආපු Symbiote ජීවියෙකුගේ ධාරකයා බවට පත් වෙලා ඉන්න බ්රොක්, තමන්ගේ ඒ අලුත් ජීවිතේට හැඩගැහෙන්න අරගල කරනවා. ඒ අතරතුරේ ක්ලීටස් කැසඩි කියන සමූල ඝාතකයා, Venom ගෙන් හැදුණු විනාශකාරී ජිවියාගේ උදව්වෙන් හිරෙන් පැනලා යනවා. දැන් Venom ට සිද්ධ වෙනවා තමන්ට අභියෝග කරන ඒ Carnage කියන අලුත් ජීවියාව පරාද කරලා දාන්න.

Film එක ආරම්භයේ ඉඳලාම අලුත් Spider-Man විශ්වයක් හඳුන්වාදීමේ අරමුණෙන් තමයි නිර්මාණය වෙන්නෙ. පළවෙනි Film එක නිෂ්පාදනය කරන කාලයේ ඉඳලාම දෙවෙනි කොටසක් කරන්නත් සැලසුම් කරගෙනයි තිබුණේ. Harrelson යොදාගෙන Venom (2018) Film එක අවසානයේ පොඩි දර්ශනයක් ඇතුල් කරලා තිබුණේ ඔහුව දෙවෙනි කොටසේ Villain නැත්නම් දුෂ්ටයා වන Carnage ගේ චරිතයට එකතු කරගැනීමේ අරමුණෙන්.මේ අනුව 2019 ජනවාරිවල නිල විදිහට දෙවෙනි කොටසේ වැඩ ආරම්භ වෙන්නෙ Marcel තිර රචනයටත්, Hardy සහ Harrelson නැවත ඔවුන්ගේ චරිතවලටත් පැමිණෙන බව අනුමත කිරීමෙන් පසුවයි. ඒ අගෝස්තු මාසයේම Serkis ව අධ්‍යක්ෂක විදිහට බඳවා ගන්නවා. ඒ වැඩිහරියක්ම ඔහුට CGI සහ Motion-capture තාක්ෂණය සමඟ වැඩ කරලා පළපුරුද්දක් තිබෙන නිසායි. මොකද Venom ව සහ CarnageFilm එකට නිරූපණය කරන්න ඒක ගොඩක් වැදගත් දෙයක් වුණා. 2019 නොවැම්බර් මාසයේ සිට 2020 පෙබරවාරි මාසය දක්වා එංගලන්තයේ Leavesden Studios හීදි රූගත කිරීම් සිද්ධ වෙනවා. අමතර රූගත කිරීම් පෙබරවාරි මාසයේම සැන් ෆ්රැන්සිස්කෝවලදි අවසන් කරනවා.

Film එකේ Title එක 2020 අප්රේල්වලදි ප්රචාරය වුණා. මේ Film එකේ කතාවට මූලිකවම සම්බන්ධ කරගෙන තියෙන්නෙ “Maximum Carnage” (1993) Comic පොත් සහ 1994 යේ විකාශය වුණු Spider-Man animated series එකට භාවිත කරපු The Venom Saga (1996) යන Comic පොත්වල ඇතුළත් කතා වෘතාන්තයි. Venom: Let There Be Carnage, 2021 සැප්තැම්බර් 14 වෙනිදා ලන්ඩනයේදි පළමුව විකාශයට පත් වුණා. ඒ වගේම 2021 ඔක්තෝම්බර් 1 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේදි තිරගත වීම ආරම්භ කරා. COVID-19 වසංගතය නිසා කළින් යොදාගත් 2020 ඔක්තෝම්බර් වල දිනය කල්දැමීමට සිදුවීමෙන් අනතුරුවයි එලෙස විකාශයට පත් වුණේ. මේ Film එක දැනට ලෝකය පුරා ඩොලර් මිලියන 424 ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව මෙය 2021 අවුරුද්දේදි වැඩිම ආදායමක් ඉපැයු අටවන චිත්රපටිය හැටියටත් වාර්තා අතරට එක් වෙනවා. Film එකට විචාරකයින්ගෙන් නම් ලැබී තිබෙන්නෙ මිශ්ර ප්රතිචාර. ඒ වුණත් මේක කළින් කොටසට වඩා ගොඩක් හොඳයි කියන එක නම් හැම කෙනෙක්ම පිළිගන්නවා. 2018 අගෝස්තුවල Hardy කියලා තියෙනවා, ඔහු තුන්වෙනි Venom Film එහෙකටත් රඟපාන්න දායක වෙනවා කියලා. 2021 සැප්තැම්බර්වලදි ඔහු තවදුරටත් කියා තිබෙනවා, Venom Film වලට ඔහු ගැඹුරින්ම සම්බන්ධ වෙලා ඉන්නෙ කියලත්, ඉදිරියට එන Film වල Marvel Cinematic Universe වල තියෙන Multiverse කියන සිද්ධාන්තය ඇතුල් වෙනවා කියලත්.. අධ්‍යක්ෂක Serkis නුත් සඳහන් කරලා තියෙනවා, ඉදිරියේදි Venom Film සමඟ Spider-Man Films, Cross Over වෙනවා කියලා..

ඒ වුණත් ඔහු විශ්වාස කරන විදිහට ඊට කළින් Venom වල තවත් Films කිහිපයක් නිෂ්පාදනය කරන්න වෙනවා කියනවා. ඒ Film වල අධ්යක්ෂණය කිරීමට තමා කැමැත්තෙන් ඉන්න බවත්, ඒ Film වලට Ravencroft වල හිටපු ඉතුරු Supervillains ලා හඳුන්වලා දෙන්නත් කැමත්තෙන් ඉන්නවා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව, Hardy සහ Serkis කැමැත්ත දක්වලා තියෙනවා තුන්වෙනියට නිෂ්පාදනය කරන Venom Film එකට Grendel කියන මකරා ඇතුලත් කරගන්න..

එහෙනම් අදට ගිහින් එන්නම්…එහෙනම් හැමෝම පරිස්සමට කාලය ගත කරන්න..බුදු සරණයි..!!

(Venom 2 Sinhala Sub) (Venom 2 Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

24 comments

  1. සබට තෑන්ක්ස් මචං…

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් මචන් ❤💯

  5. WEB eka awama balannam

  6. විඩියො එකේ sound වැඩ නැ ඇඩ්මින්. ෆිල්ම් එකේ ඇඩ් වගයක් යනවා. එවගේ sound වැඩ. ෆිල්ම් එක ඉවර වෙලා නම් දාද්දි ආයි sound වැඩ. විඩියො එක අයින් කරන්න. නැත්තම් අනිත් අය අරගනි දන්නැතුව. අලුත් කොපියක් ආවම දාන්න. සබ් එකට තැන්ක්ස්. අලුත් කොප්යටම අප්ඩෙට් එක දෙන්න පස්සේ

    • samitha
      Cineru Family Member

      මේ කොපිය නිකුත්වුනේ ඉන්දියාවේ එයාගේ ඇඩ්ස් එහෙම තියෙනවා තාම හරි HD රිප් ඇවිල්ලා නැහැ

  7. 720 kopiya wadak.na..
    🤔😥

    • එක කොපියක්වත් හරියට වැඩක් නෑ මචං..ආවේ ඔරිජිනල් HDRip නෙවෙයි..ඇඩ් එහෙම තියන ලීක් වුණ කොපියක් ආවේ..23 තමයි ඔරිජිනල් WEB DL එන්නේ..

  8. please 480p ekenuth dennako 😪

  9. apex 2021 ekatath sub denno

  10. කිශාන්

    කොපි එපා අඩේ.. ඔරිජිනල් ආවාම දාන්න.

  11. අඩේ ඔර්ජිනල් එක දාලා. මේක දානකන් තමයි හිටියේ. ස්තූතියි බන්. 💕👍💕

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  13. Don Dilanka Maduwantha Dasanayaka

    Thanks Bro

  14. Sub එකට thnx සහෝ

  15. Thanks brother

  16. Hasitha Madhushanka

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  17. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    A Boy Called Christmas (2021)
    8-Bit Christmas (2021)

  18. subtitles laba dunnata thanks.

  19. Thank you so much bro

  20. දිනිත් ධනංජය

    movies download karanna pattama site eka bn ads එහෙම හම්බෙන්නෙත් නැ පට්ට ලේසි ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login