The title of the page
Kadathal Kaaran 2020 Sinhala Sub
Kadathal Kaaran 2020 Sinhala Sub
5.5
55

Kadathal Kaaran (2020) Sinhala Subtitles | “පැහැරගැනීමේ ජාවාරම” | සිංහල උපසිරැසි සමඟ

(Kadathal Kaaran (2020) Sinhala Subtitles)

2020 දෙසැම්බර් මස 04 වන දින තිරගත වීම් ආරම්භ කරන ලද තවත් දමිල සිනමා පටයකට සිංහල උපසිරසි අරගෙනයි ඉක්මනින්ම ආයෙත් මේ ගොඩවෙන්නේ.ඇත්තටම මට මේකට උපසිරසි ගන්වන අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තූතිය පුද කරනවා.

කරුවකොට්ටේයි මේ කියන ගම කැළැවක් මැද්දෙ තියන ගම්මානයක්.මේ ගම ටිකක් විශේෂ ගම්මානයක්. ගමේම ඉන්න ඔක්කොම හොරු..ඒ කිව්වේ මේ ගමම ජීවත් වෙන්නේ හොරකන් කරලා.. හොරකම් කරන එක ඇරෙන්න මේ ගමේ අය වෙන රස්සාවක් කරන්න දන්නෙ නෑ..ඒක නිසා මේ ගමේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය තමයි හොරකන් කරන එක. හොරකන් කරල වැඩියෙන්ම දේවල් අරන් එන අයට උසස් පිළිගැනීමකුත් ලැබෙනවා..හොරකන් කරන්න යන්න කලින් විශේෂ පූජාවක් පවා පූජකයො කරනවා..ගමේම ලොක්ක කියන වචනෙකින් පිට යන්නේ නැති ගමක්..ගමේ ලොක්කා තමයි අයියා…මේ අයියා තමයි ගමේම හයිය..

ඔන්න එහෙනම් ආයෙමත් අරන් ආවේ ගෙදරට වෙලා ඉන්න වෙලාවෙ ටිකක් ආතල් එකේ හිනා වෙවි බලන්න පුළුවන්
Drams, Romance කැටගරි යටතේ වර්ගීකරණය වූ තවත් දමිළ සිනමාපටයක්..

මං කලින් කිව්ව වගේ මේ ගමම හොරකම් කරන මිනිස්සු ඉන්න ගමක්. වැඩේ කියන්නේ මේ ගමේ අයගේ ප්‍රධාන රැකියාවත් මේක තමයි. කොහොමහරි දවසක් යාළුවෝ හතර දෙනෙක් මංගල උත්සවයක් පවත්වන ගෙදරක් රෑ මංකොල්ල කන්න යනවා. එහෙ ගිහින් මිනිස්සුන්ගේ ඇගවල් වල දාලා තියෙන රත්තරන් බඩු ටික දැකලා මෙයාලට පිස්සු හැදෙනවා. කොහොමින් හරි මේ ටික හොරකන් කරගෙන එන්න කියලා හිතුවට වැඩේ ගැස්සෙනවා. මේ අතරෙ මෙයාලා පැන ගන්නේ එයාලා ආපු කාර් එකෙන්. වැඩේ කියන්නේ මගට යද්දි දකිනවා මෙයාලගේ කාර් එකේ රත්තරන් වලින් වහගෙන ඉන්න අර මගුල් ගෙදර මනමාලි. එයත් මේ කාර් එකට නැගලා.

වැඩේ වෙලා තියෙන්නේ මේ මනමාලිත් මේ කසාදෙට කැමති නැතුව හොරෙන් පැනල යන්න ගිහින් වාහාන දෙක මාරු වෙලා හදිස්සියට නැගලා තියෙන්නේ මේ හොරු ආපු වාහනෙට.. කෝමින් හරි මේ කොල්ලො හතර දෙනා කල්පනා කරනවා මොනව කරන්නද කියලා. ගගමට නිකන් ගියොත් අයියගෙන් බැනුම් අහන්න වෙනවා නිකන්ම ආපු නිසා. ඊටත් එහා කෙල්ලව අරන් ගියොත්. කෝම හරි කෙල්ලව රත්තරන් ටිකත් එක්ක අරන් යනවා. ගිහින් ගමේ ලොක්කා වුන අයියාට භාර දෙනාව.මේ ගමට එන කෙනෙක්ට ආයෙ ගමෙන් යන්නනම් ඉතින් මේ අයියා කැමති වෙන්න ඕනි. නැත්තම් යන්න බෑ.

ඔතන ඉදන් තමයි මේ කරුවකොට්ටේයි ගමේ ඉරනම වෙනස් වෙන්නේ……
කව්ද මේ ගමට ආව මේ කෙල්ල…? එයා මොනවා කරයිද..?
මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා.. හොද කථාවක් අනිවා බලන්න.එහෙනම් ආයත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙනකම් සියළු දෙනාට තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Drams, Romance
අධ්‍යක්ෂණය : S Kumar
රංගන ශිල්පීන් : Kevin salem, Rukmani babu,
ධාවන කාලය : 2h 52 min
තිරගත කල දිනය : 04 December 2020 (India)
IMDB අගය : 5.5/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

4 comments

  1. thank you sub ekata

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  4. tanks sinhala sube ekata fuluvannam me film valatath sinhala sube dannako godakkal edan download karala tiyan enne sube nathuva
    (NARAPPA (2021) Telugu)
    (Seetharama Kalyana (2019)Kannada)
    (Vittal Wadi (2021) Telugu)
    (JAI SENA (2021) Telugu)
    (Ramarjuna (2021) Kannada)
    (Assassin.33.A.D.2020)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login