The title of the page
6.4
91

Kaappaan (2019) Sinhala Subtitles | දඩයක්කාර රැකවලා |සිංහල උපසිරැසි සමග|

Kaappaan 2019 sinhala subtitles

නොහෝත් රැකවලා සූර්යාගේ තවත් දමිළ ෆිලුමකට සිංහල උපසිරැසි අරන් ආවා. 2019 සැප්තැම්බර් 20 වන දින ලෝ පුරා තිරගත වීම ආරම්භකල ඒ ෆිලුම IMDb අගය 7.6/10 ක් ලබා ගැනීමට සමත් වී ඇත . ඒ වගේම Google users ලා 92% කැමත්ත ප්‍රකාශ කරඇත . මෙය අභිරහස් හා ත්‍රාසජනක ලෙස නම් කර ඇත .

අධ්‍යක්ෂණය K. V. Anand විසින්ද , නිෂ්පාදනය Lyca Productions විසින්ද සංගීතය Harris Jayaraj විසින් මෙහෙයවා ඇත . මෙහි රංගනයෙන් සූර්යා සමග මලයාලම් සිනමාවේ රජු මොහන්ලාල් , ආර්යා ද ප්‍රධාන නිළිය ලෙස ශයේෂා සමග සමුද්‍රකනි විල්ලන් ලෙස චිරාග් ජානි එක්වෙනවා ඇත . මේ ෆිලුම සූර්යාගේ 37 වන ෆිලුම වන අතරම , New York, Brazil, New Delhi හා Hyderabad වලදී රූගත කිරීම් කර ඇත . ඒ වගේම බූමන් ඉරානි ගේ පලවන දමිළ සිනමාවද වේ. අගමැතිගේ චරිතය සදහා පලමුව තෝරාගෙන ඇත්තේ අමිතාබ් බච්චන්වයි නමුත් පසුව මොහන්ලාල් මේ සදහා නම් කොට ඇත .

ඒ වගේම මේ සඳහා නම් වශයෙන් තෝරාගෙන තියෙන්නේ ” කාප්පාන් ” “මීට්පාන් ” හා “උයිර්කා ” කියන නම් . මේනම් පූල් එකක් මාර්ගයෙන් රසියන්ගේ කැමත්ත වීමසා සිටි අතර අවසානයේ රසිකයන් විසින් තෝරාගෙන ඇත්තේ Uyirkaa කියන නමයි . ඒ කෙසේ වෙතත් 31 දෙසැම්බර් 2018 Lyca Productions විසින් මේ ෆිලුම Kaappaan ලෙස නම් කරන ලදි . කාප්පාන් ෆිලුම දල වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 100 ක (US$14 million)ආදායමක් උපයා ඇති බව සැලයි. ඒ වගේම මෙහි වියදම ඉන්දියානු රුපියල් කෝටි 75 ලෙස ගනන් බලා ඇත .

දැන් ෆිලුම ගැන බලමු,

 

Special Protection Group (විශේෂ ආරක්ෂක කන්ඩායම)

narendra modi with his gardSpecial Protection Group Emblem.pngSpecial Protection Group Flag.jpg

මෙය ඉන්දීය පාර්ලිමේන්තුව විසින් අනුමත ඉන්දීය අගමැති ආරක්ෂක අංශයක්. දැනට Special Protection Group විසින්.  ආරක්ෂාව ලබා දෙන්නේ ඉන්දීය අමැතිට අමතරව Sonia Gandhi, Rahul Gandhi හා Priyanka Gandhi ට පමණි . ඒ Rajiv Gandhi අගමැතිව සිටියදී ත්‍රස්තවාදීන් විසින් ඝාතනයවීම නිසයි . ඒ තරමට ම බලගතු ආරක්ෂක කන්ඩායමක් තමයි SPG. ඔන්න අපේ කතානායක කදිර් නොහෝත් කදිරවේල් (සූර්යා).  එයා තමයි ඉන්දීය අගමැති චනද්‍රකාන්ත් වර්මා ගේ ( මෝහන් ලාල්) ආරක්ෂක අංශයේ වැඩ්ඩා වෙලා ඉන්නේ . ඔන්න හිතන්න එපා ඒමනම් මේක තනිකරම ඇක්සන් මූවි එකක් කියල.

මේක තේමා වෙලා තියෙන්නේ කාබනික ගොවිතැන, ගංමෝය ප්‍රදේශවල කෙරෙන කැණීම් , ත්‍රස්තවාදය . එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති දේවල් නේද ? ඒක තමයි අධ්‍යක්ෂක K. V. Anand ගේ දක්ෂතාවය .  මේ එකිනෙකට සම්බන්ධ නැති තේමා තුනක් එකට සම්බන්ධ කිරීම .  මේ තේමා තුනම සත්‍ය වශයෙන්ම දැනට ඉන්දියාවේ බලපාන ප්‍රශ්න තුනක් වෙනවා .  ඉන්දීය පකිස්තාන ප්‍රශ්නය කාලයක් තිස්සේම ඒ රටවල් දෙකටම තියෙන ප්‍රධානතම ප්‍රශ්නවලින් එකක්.  ඇත්තටම මේකෙන් වාසි ගන්නේ කවුද ?  මේ ෆිලුම තුලින් පෙන්වන්න හදන්නේ එයයි. ඉන්දියාවේ ව්‍යාපාරික මාෆියාව,  තම ව්‍යාපාර සදහ ඉන්දීය රජය හා ඉන්දීය පකිස්තානු විරෝධය කෙසේද යොදව ගන්නේ .  එයට රටේ නායකයන් නම්මව ගන්නේ කෙසේද ? . මෙවෙනි වාතාවරනයක්තුල SPG එකේ රාජකාරිය කෙතරම් බරපතල වගකීමක් ද. යන එක සූර්යා ගේ රංගනය හා අගමැති කෙනෙකුට ඇතිවන බලපෑම් හා තර්ජනයන් වලට කෙසේද මුහූණදෙන්නේ.  කියන එක මොහන්ලාල් රංගනයෙන් විශිෂ්ට ලෙස පෙන්වා දී ඇත .

 

එහේමනම් අපි බලමු අපේ මාෂල් සහෝ ෆිලුම ගැන මොනවද කියන්නේ කියලා………..

Biggest Come Back of Suriya Kaappaan 2019

කාප්පාන්, අධ්‍යක්ෂක වරු ආනන්ද් ගේ අධ්‍යක්ෂණයෙන් සහා සූර්යා ගේ රංගනයෙන්, ටැමිල් සිනිමාව වෙනුවෙන් නිර්මාණය වුන අතිදැවැන්ත චිත්‍රපටයක්.😮

සම්පූර්ණයෙන්ම ඇක්ෂන් සහා ත්‍රාසජනක.  සෝෂියල් මෙසෙජ් එකෙන් තමයි කාප්පාන් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කැටගරි තුන.  උපරිම හොදට screenplay එකට සම්බන්ධ වෙලා තියෙනවා. 👌

Image result for making of kaappaan"

 

K. V. Anand 👇
[කනා කන්ඩේන්] Thriller/Romance කැටගරි එකට අයත් චිත්‍රපටයක්, ඔහුගේ පලවෙනි චිත්‍රපටය. රිවේන්ජ් එක වෙනම විදිහකට පෙන්නුම් කරපු කෙනෙක් තමයි අධ්‍යක්ෂක වරු ආනන්ද්. ඔහුගේ චිත්‍රපටි වලින්, ජනතාවගේ හදවතට රැදුන චිත්‍රපටි Ko 2011 දවස් 175ක් තිරගත වුන චිත්‍රපටයක්. Ayan 2009 Maattrraan 2012 Anegan 2015 මේ චිත්‍රපටි ඔක්කොම අධ්‍යක්ෂක වරු ආනන්ද් ගේ සුපිරිම නිර්මාණයක්.

කවන් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් අසමත් වූ චිත්‍රපටයක්. හැබැයි දැන් කාප්පාන් වැනි අතිදැවැන්ත චිත්‍රපටයකින් ඔහු ලොකු Come Back එකක් දීලා තියෙනවා. 💪👈

Story 👇
1st Half එකේ සම්පූර්ණයෙන්ම ඉන්දියාව සහා පාකිස්ථානය අතර තියෙන ගැටුමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ අතර ගොවිතැන් වලට සිදු වෙන හානි. අනාගතයේදී ගොවිතැන් ඉදිරියට ගෙනියන විදිහ. රියැලිටි එක්ක පෙන්නුම් කරලා තියෙනවා.

ඒ දේම තමයි 2nd Half එකේ ගොඩක් ඉහලින් පෙන්නුම් කරලා තියෙන්නේ. ඉන්දියාවේ දැන් ගොඩක් තැන් වල ලොකු ලොකු රසායනික කම්පැනිස් විවෘත කරලා තියෙනවා. ඒ නිසා ගොවිතැන් වලට ලොකු හානියක් සිදු වෙනවා. ඒ හානිය නිසා ගොවියන්ගේ ජිවිත අපතේ යනවා. මේ දේවල් ඔක්කෝම මම විතරයි දන්නේ කියලා, ලොකු ෂෝ එකක් පෙන්නුම් කරන්නේ නැතුව😎, රියැලිටි එක මොකක්ද කියලා හොදට පෙන්නුම් කරලා තියෙනවා. 👌 ඒ අතින් බලනකොට මේ චිත්‍රපටයේ Screenplay එක උපරිම හොදයි. ඇක්ෂන් ඕන කරන විදිහට තමයි දීලා තියෙන්නේ. රොමෑන්ස් ගොඩක් ඩීප් එකට පෙන්නුම් කරලා නෑ. හැබැයි සමබරතාවය තියෙනවා. ඒ අතර පොඩි පොඩි කොමඩි ටිකක් තියෙනවා. ගොඩක් නිර්මාණාත්මක screenplay එකක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ❤

The Complete Actor Mohanlal 👇
ඔහුට Complete Actor සම්මාන පහකටත් වැඩිය ලැබුනා, ඒකට හේතුව ඔහු සම්පූර්ණයෙන්ම හොද නළුවෙක් නිසා 👌. කාප්පාන් චිත්‍රපටයේ ඔහුට කෙටිකාලීන රෝල් එකක් ලැබුනත්, ඒ චරිතය උපරිම හොදට ඔහුගේ රංගනයෙන් පෙන්නුම් කරලා තියෙනවා 💪. Prime minister චරිතයකට තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ඔහු, සැබෑ Prime minister කෙනෙක් ගේ හැසිරීම් රටාව ඔහුගේ ඒ රංගනයෙන් බලා ගන්න පුළුවන්. ඒ තරම් හොඳ රංගනයක් පෙන්නුම් කරලා තියෙනවා. ❤

Arya 👇
ඔහු මේ චිත්‍රපටයේ, Mohanlal ගේ පුතාගේ චරිතයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. 1st Half එකේ ඔහුගේ චරිතය ගොඩක් දුරට screenplay එකට ඇතුල් වෙලා නෑ. හැබැයි 2nd Half එකේ ඔහුගේ චරිතයට ලොකු බලයක් දීලා තියෙනවා. ඔහුගේ චරිතය ලොකු බලවත් චරිතයක්. ඒ චරිතය ගොඩක් විනෝදාත්මක විදිහට ඔහු පෙන්නුම් කරලා තියෙනවා. ඒ රංගනය ඒ චරිතයට හොදට ගැලපෙනවා, ඔහුගේ වයස් සීමාව අනුව, ඔහුට ලැබුන චරිතයට, ඔහු පෙන්නුම් කරපු රංගනය ඇත්තටම ගොඩක් හොදයි 

Sayyeshaa 👇
එච්චර ලොකු ප්‍රධාන චරිතයක් නෙමෙයි කරලා තියෙන්නේ. හැබැයි 2nd Half එකේදී ඇයගේ චරිතය ත්‍රාසජනක පැත්තට හැරිලා තියෙනවා. ඇයත් උපරිම උත්සාහයක් දක්වලා, ඇයගේ චරිතය උපරිම හොදට කරලා තියෙනවා. 

Boman Irani 👇
බොලිවුඩ් සිනමාවේ දක්ෂ නළුවෙක්. 💪, කාප්පාන් චිත්‍රපටය අනුව ඔහු ප්‍රධාන චරිතයක්. 1st Half එකේ සාමාන්‍ය හොද චරිතයක් විදිහට තමයි පෙන්නුම් වෙන්නේ.  2nd Half එකේදී ඔහුගේ චරිතය සම්පූර්ණයෙන්ම Negative පැත්තට හැරෙනවා. අන්න ඒ transform එක ඔහු හොදට කරලා තියෙනවා. සයිලන්ට් රංගනයක් Negative, positive මේ දෙකෙන් ම පෙන්නුම් කරලා තියෙනවා. 

Suriya 👇
මේ චිත්‍රපටයේ ලොකුම අයියක් තමයි ඔහු.💪.
ටැමිල් සිනමාවේ ස්ටන්ට් වලින් අජිත් ට පස්සේ මම බලපු හොදම නළුවෙක් නම් ඒ Suriya තමයි. ලොකු කැපකිරීමක් කරලා තියෙනවා ඔහු මේ චිත්‍රපටය වෙනුවෙන්. කෝමත් චරිත පහක් විතර පෙන්නුම් කරලා තියෙනවා මේ චිත්‍රපටයෙන්. ඒ චරිත වලින් ප්‍රධාන චරිතයක් තමයි. PM ගේ Personal Protector 🕴, ඒ චරිතයට ගැලපෙන විදිහට ඔහුගේ ස්වරූපය ඔහු ගොඩක් වෙනස් කරගෙන තියෙනවා, ඒ වගේම තමයි හැම චරිතයකට ම ගැලපෙන විදිහට ඔහුගේ ස්වරූපය ඔහු ගොඩක් නිර්මාණාශිලිව වෙනස් කරගෙන තියෙනවා. TSK , NGK වැනි FLOP චිත්‍රපටි දුන්නට, මමත් ඉන්දියන් සිනමාවේ KING කෙනෙක් තමයි කියලා කාප්පාන් චිත්‍රපටයෙන් පෙන්නුම් කරලා තියෙනවා ඔහු. 💪❤👌

Harris Jayaraj 👇
පලවෙනි සිංදුව හැර, අනිත් සිංදු ලිස්ට් එක වැඩිය රසවත් නෑ 😥, හැබැයි BGM එක උපරිම හොදට නිර්මාණය කරලා තියෙනවා ❤.

Harris Jayaraj

Harris Jayaraj

VFX නම් ටිකක් විතර පේනවා. හැබැයි ඒක අවුලක් නෑ කියලා තමයි මම හිතන්නේ.  ඒකට හේතුව.  කෝට් 300ක් විතර වියදම් කරපු සාහෝ චිත්‍රපටයේ VFX පෙන්නුම් වෙනකොට.  ඊට වඩා අඩු budget එකක් මේක. ඉතින් VFX පෙන්නුම් වෙන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි VFX පෙන්නුම් වෙන තරමටම.  විශුවල් වල රියැලිටි එකත් හොදට පෙන්නුම් කරලා තියෙනවා. චිත්‍රපටයෙන් මම බලපු Negative පැත්තක් නම්.  screenplay එකේ වේගය ඉටපු ගමන් අඩු වෙනවා. වැඩි වෙනවා. ඒ වගේම climax එක ටිකක් ලොකුවට බලාපොරොත්තු වුනා. හැබැයි ඒ තරම් ලොකු climax එකක් තිබුනේ නෑ. මේ දෙක විතරයි. 

අධ්‍යක්ෂක වරු ආනන්ද් කියන්නේ,. කෙනෙක් ගේ රසාස්වාදයට ගෞරව කරන පුද්ගලයෙක්. ඒ අනුව තමයි ඔහු කතා නිර්මාණය කරන්නේ. කාප්පාන් චිත්‍රපටයත් ඒ වගේ නිර්මාණයක්.

KV Anand .jpg

K. V. Anand

සම්පූර්ණයෙන්ම ෆ්රේම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඇක්ෂන්, සෝෂියල් මෙසෙජ් සහා ත්‍රාසජනක ව. ෆ්රේම් එක උපරිම ඇක්ෂන් වලින් හොලිවුඩ් රේන්ජ් එකකට ගෙනියලා තියෙනවා. චිත්‍රපටයකට screenplay එකක් නිර්මාණය කරන්න.  කෝමත් පිටු 130ක් ඕන වෙනවා. කාප්පාන් චිත්‍රපටයට duration එක අනුව කෝමත් පිටු 190ක් විතර යන්න ඇති. ඒ 190 වෙන් ගොවිතැන් සහා ගොවියන් ගැන උපරිම හැගීම් බරව පෙන්නුම් කරලා තියෙනවා.

ලිපි සැකසුම සහය මාෂල් ජෑන්ස්
අපි බැලු චිත්‍රපටියෙන්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

9 comments

  1. Anjula Umesh
    Cineru Family Member

    ❤️පීටර් අයියා…තෑන්ක්ස්…❤️

  2. Pattaaaaaaaaaaaaaa

  3. තෑන්ක්ස් අයියෙ සබ් එකට 😍
    දිගටම කරමු 👏

  4. thanxx aiye film eka enakota sub ekath kohomada eka

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. තෑන්ක්ස් පීටර් අයියා…👌

  7. Thank you Peter aiye,,,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login