The title of the page
6.9
92

Kaalidas (2019) Sinhala Subtitles|කාලිදාස්|සිංහල උපසිරැසි සමග|

ඔන්න අද මගේ 10 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම විදියට සිංහල උපසිරැසි අරගෙන ආවේ තවත් පට්ට දෙමළ Film එකකට..මේකෙ නම තමයි “කාලිදාස්” අලුත් අවුරුදු තෑග්ගක් විදියට ඊයේ එහෙමත් නැත්තන් ජනවාරි පලවෙනිදා තමයි මේකෙ HDRip පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ..IMDb Rank අගයත් 7.8/10 අරගන්න මේ Film එකට හැකියාව ලැබිලා තියනවා…මේකෙ ප්‍රධාන චරිතෙ විදියට රඟපාන්නෙ තරුණ නලු භරත්..භරත් මේ අවුරුද්දෙම නිකුත් වුණු පොට්ටු දමිළ චිත්‍රපටියට පස්සෙ රංඟනයෙන් දායක වුනේ මේ කාලිදාස් කියන සිනමාපටයට…ගොඩක් අයනම් භරත් ගැන දන්නවා ඇති..භරත්ගෙ Film බලලා ඇති…ඉතින් කතාව පැත්තට හැරුණොත් මේකතාව පටන් ගන්නෙ ටෙරස් එකකින් පැනල සිය දිවි නාස ගන්න විවාහක තරුණියකගෙ මරණයෙන්..ඉතින් මේ නඩුව පැවරෙන්නෙ කාලිදාස් කියන විවාහක පොලිස් නිළධාරියට..

ඔන්න ඔතනින් තමයි කතාවෙ ප්‍රධාන චරිතෙ එළියට එන්නෙ…ඉතින් මේක සාමන්‍ය සිය දිවි නාසා ගැනීමක් විදියට තමයි හැමෝම විශ්වාස කරන්නෙ..ඒත් හැමෝම පුදුම කරමින් ඊට දවසට පස්සෙ ආපහු මේ වගේම සිය දිවි නසා ගැනීමක් වාර්තා වෙනව ඉතින් මේක ගැන හොයල බලන්නත් කාලිදාස් කියන පොලිස් නිළධාරිය එතනට යනවා…ඉතින් ටිකක් හොයල බලද්දි මේ මැරුණු කාන්තවගේ දින පොතක් හම්බවෙනවා…ඒකෙ නිල් තල් මහෙක්ගෙ රූපයක් ඇඳලා තියනවා..ඒ වගේම මේ මරුණු කාන්තාවන් දෙන්නගෙම අත්වල සීරීම් තියනවා..ඉතින් ටිකක් දුර හොයල බලද්දි මේ සිද්ධි දෙකම “බ්ලු වෙල්” කියන ජංගම දුරකතන ක්‍රීඩාවට සම්බන්ධයි කියලා සැක කරනවා..ඉතින් සේරම ප්‍රශ්න වලින් කාලිදාස් මිරිකිලා ඉද්දි ඒ පිටට එයාගෙ ගෙදර ප්‍රශ්නත් පැට වෙනවා..නෝනත් එක්ක හැමදාම වලි..කිසිම සතුටක් නෑ දෙන්න ලඟම…එත් ඉතින් මේ සේරම ප්‍රශ්න එක්ක කාලිදාස් තමන්ගෙ පරීක්ෂණ සිද්ධ කරනවා…ඉතින් කොච්චර හෙව්වත් කිසිම හෝඩුවාවක්නම් ලැබෙන්නෙ නෑ..ඉතින් මීට වඩා කතාව කිව්වොත්නම් බලන්න දෙයක් ඔය ගොල්ලන්ට ඉතුරු වෙන එකක් නෑ….මොකද්ද මේ මරණ වලට හේතුව කවුද මේවා කරේ කියල දැන ගන්නම් Film එක බලන්නම වෙනවා…

ඉතින් මේක මම තනියම කරපු උපසිරැසි ගැන්වීමක් නෙවෙයි…මාත් එක්ක මේ වැඩේට සමිත රමේෂ් අයියත් සෙට් වුණා…ඒ වගේම ශෂික මදුෂාන් සහෝදරයයි අශේන් මදුරංග සහෝදරයි විශේෂයෙන් මතක් කරන්න ඕන…ඉතින් එහෙනම් අදට මම කැපෙන්නම් තවත් දවසක අලුත් උපසිරැසියකින් හම්බෙමු..හැමෝටම බුදු සරණයි…Film එක නරඹලා උපසිරැසිය ගැන අදහසක් කමෙන්ට් කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

5 comments

  1. Godak sthuthi sahooo ..

  2. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් බොක්ක…ආදරේයි

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login