The title of the page
Frozen
6.9
90

Frozen II (2019) Sinhala Subtitles|පස්වන ආත්මය|සිංහල උපසිරැසි සමග|

තින් 2020 අවුරුද්දත් ලැබුවා..පසුගිය දශකයේ හොදම Animated ෆිල්ම් එකක් විදිහට Frozen චිත්‍රපට අපිට හදුන්වන්න පුළුවන්..ඉතින් 2020 ලබන්න කලින් 2019 වසරේ මේකෙ දෙවනි කොටසත් තිරගත වුනා..ඒ 2019 නොවැම්බර් 7 වෙනිදා..මාත් ඇතුළුව ගොඩක් අය ලොකු Hype එකකින් හිටපු Animation ෆිල්ම් එකක් නේ ඉතිම්…විචාරකයන් චිත්‍රපට නිකුත් වෙන්න කලින් ඉදලම චිත්‍රපටය ගැන විවිධ අනාවැකි පළකරන්න ගත්තා..ඒ Frozen පළමු චිත්‍රපටය ලැබූ අතිසාර්ථකත්වය නිසාම..කොහොමහරි 2019 වසරේ බිලියනයේ ආදායම් වාර්තාව පසු කල Disney සමාගමේ 6 වෙනි චිත්‍රපටය විදිහට Frozen II චිත්‍රපටය වාර්තා අතරට එකතුවෙනවා..

1 – Avengers Endgame
2 – The Lion king
3 – Toy Story 4
4 – Captain Marvel
5 – Aladdin
6 – Frozen II

මේ Frozen II චිත්‍රපටය 2013 ආපු Frozen චිත්‍රපටයේ Sequel එකක්..චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Chris Buck සහ Jennifer Lee..නිශ්පාදනය Peter Del Vecho..චිත්‍රපටය බෙදාහරින්නෙ Walt Disney ආයතනයෙන්..

 

2019 වර්ශයේ වැඩිම ආදයම් ගත්තු Animated චිත්‍රපට අතරින් දෙවනි ස්ථානය ලබාගන්නට Frozen II චිත්‍රපටය සමත් වෙනවා ඒ ඇ.ඩො.බිලියන 1.27 ක ආදයමක් ලබාගෙන..ඒ වගේම Frozen II චිත්‍රපටය එතෙක් මෙතෙක් Animation චිත්‍රපටයක් ආරම්භක සතිඅන්තයේ ලබාගත් ඉහළම ආදයම වාර්තා කරනවා..ඒ ඇ.ඩො.මිලියන 358 ක ආදායමක් ලබාගෙන..Imdb දර්ශයකේ අගය 7.2 ටත් Rotten Tomatoes අගය 77% ටත් කරකවන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා..ගූගල් පරිශීලකයන්ගෙන් 91%ක් චිත්‍රපටය සදහා කැමැත්තත් පළකරලා තියනවා..Drama / Fantasy කැටගරි එකට තමා මේක වැටෙන්නෙ..කොහොමහරි කලින් චිත්‍රපටයේ වගේම මේකෙම් ලස්සන සිංදු වලින් නම් කිසිම අඩුවක් නෑ..මතකනේ Let it Go එක..ඒ වගේම මේ Frozen II චිත්‍රපටයෙත් ලස්සන සිංදු ගොඩක් තියනවා..ඒ අතරින් ගොඩක් ම ජනප්‍රිය වුනේ Into the Unknown සිංදුව..මේ සිංදුව සම්මාන උළෙලවල් වල සම්මාන සදහාත් නොමිනේට් වෙලා තිබ්බා..පහළ තියෙන්නෙ ඒ ජායාරූප ටිකක්..

ඉතින් Frozen II චිත්‍රපටයේ විශේෂ කරුණු ටිකක් තමා මුලින් ම ඔයාලට දැනගන්න කිව්වෙ..පදුර වටේ තැලුවා ඇති එහෙනම්..අපි බලමු මේකෙ ස්ටෝරිය ගැන පොඩ්ඩක්..මේකෙ ස්ටෝරි එක යන්නෙ අත්භූත හඬක් නිසා ඇතිවෙන සිදුවීමක් තමයි.මේ අත්භූත කටහඬ ඇහෙන්නෙ එල්සට විතරයි.කොහොම හරි එල්සටයි එයාගෙ යාළුවොයි මේ අත්භූත හඬ මොකක්ද කියලා හොයාගෙන යනවා.ඒ වගේම එල්සයි එයාගෙ නංගියි පොඩි කාලෙදි මෙයාලගෙ තාත්තා මෙයාලට මේ රාජධානිය ගැන පරණ කතාවක් කියන සිදුවීමකුත් යනවා.අන්න ඒ කතාවට සමාන දේවල් ටිකක් වර්තමාන කාලෙත් එල්සටයි එයාගෙ යාළුවොන්ටයි සිද්ද වෙනවා.අන්තිමට කොහොමෙන් කොහොම හරි මෙයාලා රාජධානිය ගැන අතීතය හොයාගන්න උත්සාහ කරනවා.ඔන්න ඔය අතරෙදි වෙන සිදුවීම් තමයි මේකෙ පාදක වෙලා තියෙන්නෙ.ගොඩක් කියන්න ගියොත් බලන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැතිවෙයි.ඒ හින්දා මෙතනින් නවත්තනවා.උපසිරසියත් අරගෙන මේ අපූරු චිත්‍රපටියත් බලලම ඉන්නකො.

ලැබුවා වූ නව වසර හැමෝටම සුබම සුබ නව වසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනව ගමන් මම නවතිනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DVDSrc
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Bluray ආවමත් ආයෙ බලන්න හිතන් ඉන්න නිසා Bluray ආවම සබ් එකට update එකක් දෙන්න 👊👊…
    ජය වේවා.!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login