The title of the page
8
95

Kaadhal Kondein (2003) Sinhala Subtitle | ” ආලයෙන් බැඳුනෙමි ” | සිංහල උපසිරැසි සමඟ

kaadhal kondein කියන්නේ 2003 වසරෙ දමිළ චිත්රපට කර්මාන්තය ඇතුලේ බිහිඋන තවත් එක් විශිෂ්ඨ චිත්රපටයක්.මෙය තිරගත කර අවුරුදු 20 කට ආසන්න කාලයක් ගත ඌනත් තවම එහි රසය එලේසමයි. Kaadhal Kondein තනිකරම පාහේ youth එක සදහා බිහි වු චිත්රපටයක්.youth එක සදහා බිහිඋනද මෙම සිතුමැවියෙ ගුණාත්මක භාවය නම් උපරිමයි. අධයක්ෂණය ,නලුවන්ගේ රංගනය,තිරපිටපත කලා අධයක්ෂණය ඒ වගෙම පසුබිම් සංගිතය සහා ගීත සියල්ලම පහේ උසස් ගුණාත්මක භාවයකින් තිබ්බා කියලා මෙය නරඹන සිනේරු උපැසිරැසි පාඨක සහොදර සහොදරියන්ට පලමුකොට කියන්න ඔන…

මෙය අප කවුරුත් දන්න ප්රියකරන දමිළ තරුණ සුපිරිතරුව ධනුෂ් ගේ 2 වන චිත්රපටය වෙනවා වගේම ඔහුගෙ කුලුදුල් සම්මානයද මෙම චිත්රපටයෙ රංගනය හෙතුවෙන් ඔහුට ගන්න පුලුවන් උනා…එ වගෙම මෙහි තිරපිටපත ලියා අධ්යක්ෂණය කලේ ධනුෂ් ගෙ වැඩිමල් සොහොයුරා වු දමිළ සම්මනණිය අධ්යක්ෂක සෙල්ලවරාගවන් විසින් තව මෙහි ප්රධාන නිලිය වශයෙන් කටයුතු කරන්නේ අධයක්ෂක සෙල්වරාගවන්ගේ ආදරණිය බිරිද සොනි අගර්වාල් විසින් මෙය නිසා Kaadhal Kondein(2003) යනු ධනුෂ්ගේ පවුලේ චිත්රපටයක් යැයි පැවසුවාට වරදක්ම නැහෑ…

අපි පොඩ්ඩක් මෙකේ කතාව ගලාගෙන යන විදිය බලමු..

“විනොද්”…. විනොද් කියන්නෙ ආනත තරුණයෙක් එයා පල්ලියෙ තමා ඉන්නේ කොහොමහරි ඒ පල්ලියෙ ජොසප් ෆාදර් විනොද්ව එවනවා වැඩිදුර අධ්යාපනයට චෙන්නායි වල කොලේජ් එකකට එහිදි විනොද්ව අඩු සැලකිල්ලක් පාසලේ ලමුන් දැක්කුවත් ඒක ගැහැණු ළමයෙක් විනොද්ව තමන්ගේ හොදම යාලුවා කරගන්නවා ඒ තමා දිව්යා.අවසානයෙ දිව්යා සමග විනොද් ආදරයෙන් බැදෙනවා… ඔබ මට අහිමි උවත් ඔබ කරෙහි ඇති සෙනෙහස නිසා…. මට අවශ්යයි ඉපදෙන්න ඔබ කුස තුල…. ඔබ මා හට දැක්වු දයාව… ඔබ මගෙ ජිවිතයට ලබා දුන් අර්ථය… මෙය ආදරයත් නෙමෙයි… මෙය රාගයත් නෙමෙයි… මෙය කිසිම නාමයක් නැති සම්භන්ධතාවයකි…

මෙම උපැසිරැසිය ඔබ හමුවට ගෙන එමට සහාය දිම සම්භන්ධයෙන් මා සමිත සොහොයුරාට ස්තුතිවන අතර…මෙම උපැසිරැසියෙ වැරැදි අඩුපාඩු ඇත්නම් දන්වන ලෙස පවසමින් තවත් මෙවැනිම උපැසිරැසියකින් ඔබ හමුවට පැමිණිමට බලාපොරොත්තුවෙන් මම ඔබලට සමුදෙනවා…

ඔබ සැමට සුභ නව වසරක් වෙවා…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Thanks Macho

  4. Secret N
    Cineru Family Member

    අම්මෝ… පරණ උනත් දනුෂ්ගේ සුපිරියක් තමයි..
    මහන්සියට තැන්කිව් බං.. ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login