Bhajarangi 2 Sinhala Sub
Bhajarangi 2 Sinhala Sub
7.8
94

Bhajarangi 2 (2021) Sinhala Subtitles | “යළි උපන් බජරංගි” | සිංහල උපසිරැසි සමඟ

(Bhajarangi 2 (2021) Sinhala Subtitles) (Bhajarangi 2 2021 Sinhala Sub)

හැමෝටම සුබ දවසක්! කාලෙකින් සබ් එකක් ගහන්න අත ගැහුවා..මේ පාරත් මම කන්නඩ ෆිල්ම් එක්කටම තමයි සබ් එකක් ගැහුවේ Bhajarangi 2 (2021) ඔය ෆිල්ම් එකට තමයි අද සබ් එක අරගෙන ආවේ..මේකේ පලවෙනි කොටස නිකුත් වෙන්නේ 2013 අවුරුද්දේ..ඉතින් අවුරුදු 8කට පස්සේ තමයි 2021 අවුරුද්දෙදි දෙවනි කොටස නිතුත් වෙන්නේ..කොහොම වුණත් පලවෙනි කොටස නොබලපුුු කෙනෙක්ට වුණත් ලොකු ගැටලුවක් නැතුව මේ කොටස විතරක් වුණත් නරඹන්න හැකි වෙයි කියලා හිතනවා…පලවෙනි කොටසේ වගේම මේ කොටසෙත් Main Character එක කරන්නේ කන්නඩ සිනමාවම හඬවමින් පහුගිය දවසක අප අතරින් වෙන් වුණුුු පුනීත් රාජ්කුමාර්ගෙ එක සහෝදරයෙක් වෙන ශිව රාජ්කුමාර්..

වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු….

ඉතින් ෆිල්ම් එක පැත්තට ගියොත් මේකේ ඉන්නවා අන්ජි කියලා කෙනෙක් මෙයාගේ අක්කා ගෙදරින් පැනලා ගිහිල්ලා.ඊට පස්සේ අම්මා මෙයාට කියනවා කසාදයක් කරගන්න..අක්කව හම්බෙලා එයත් එක්ක කෙල්ලෙක් හොයන්න කියලා.ඉතින් මෙයාගේ අක්කා පොලියට සල්ලි ණයට දෙන කෙනෙක්.මෙයා අක්කව හම්බෙලා විස්තරේ කියනවා කෙල්ලෙක් හොයාගන්න ඕනේ කසාදයක් කරගන්න කියලා.ඊට පස්සේ අක්කා සල්ලි තියෙන කෙල්ලෙක්ව හොයලා දෙනවා ඒත් මෙයා එයාට කැමති වෙන්නෙ නෑ.මෙයා මෙයාගේ සඟයත් එක්ක පොලි සල්ලි එකතු කරන්න යද්දි දකිනවා කෙල්ලෙක්ව (චින්මිනිකි) එයත් මෙයාව දැක්කගමන් මෙයාට කැමතිවෙනවා.. මෙයත් කැමති වෙනවා.මෙයාගේ කලින් ආත්මේ මෙයා බජරංගි කියලා කෙනෙක්…..

මෙයාලගේ ගම්මානෙට ලගින් තියෙන කැලේක අරකා කියලා ගල් ගුහාවක ඉන්න කෙනෙක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් කරගෙන යනවා.මෙයාගේ මත්ද්‍රව්‍ය වලට මිනිස්සු ඇබ්බැහි වෙනවා පස්සේ ඒවා බෙදාහරින කෙනා මෙයාට පොඩ්ඩක් නෙවේ ගොඩක් වැඩියෙන් ඕනේ කියලා කියනවා..අරකාට සල්ලි වැඩියෙන් ඕන වෙනවා…..ඔන්න ඔහොම ගලාගෙන යන කතාවේ අවසානෙට මොකක් සිද්ධ වෙයිද කියලා ඔයාලටම තමයි බලන්න වෙන්නේ..අරකාට එරෙහිව නැගී සිටින්නේ කවුද කියලත් දැනගන්න ඔයාලට භාරයි.. 

මේ ෆිල්ම් එකේ ආයුර්වේද බෙහෙත් වල වටිනාකම ගැන ගොඩක් පෙන්නලා තියෙනවා ඒ වගේම අනාගතේදි ඒව නැතිවෙයි කියලා කියවෙනවා…

එහෙනන් ෆිල්ම් එකේ අනික් ටික බලලාම කොහොමද කියලා තීරණය කරන්න…..

හැමෝටම සුබ දවසක්!!!

2022 අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!

(Bhajarangi 2 Sinhala Sub) (Bhajarangi Sinhala Subtitle) (Bhajarangi Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2242|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිදු දුල්ශාන් ( L U Z I ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිදු දුල්ශාන් ( L U Z I )

October 12, 2021


6
Total Subtitles

14 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Bachelor (2021)

  3. Arawinda Sunimal

    thanks sub ekata enakam balan hitiye

  4. බොහොම ස්තුතියි නියම වැඩක් .

  5. 2022 suba aluth auruddak wewa කවිදු දුල්ශාන් thank bro parakku vela hari me film ekata sube karata kauruvath sube kare na supiri film ekak tavath supiri kannada film valata sube karanna jayawewa.

  6. Thanks brother

  7. Supiri niyamai

  8. Thnx for the sub…. Stay close mini series ekatath sub ek one

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. Thanks for your

  11. බොහෝම ස්තූතියි උපසිරැසියට
    777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ…

  12. Bhajarangi 1 sub nadda?link eka dennako..

  13. Secret N
    Cineru Family Member

    පුනීත්…… 💔

  14. Anjula Umesh
    Cineru Family Member

    සබට තෑන්ක්ස් මචං..🧡

Leave a Reply

Your email address will not be published.