The title of the page
Jurassic World Dominion (2022) Sinhala Subtitles
Jurassic World Dominion (2022) Sinhala Subtitles
5.9
30
82

Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ

(Jurassic World Dominion (2022) Sinhala Subtitles) (Jurassic World Dominion (2022) Sinhala Sub)

හැමෝ⁣ටම කොහොමද..?

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන එන්නේ Jurassic World Dominion (2022) චිත්‍රපටයට..ඉතින් මේ චිත්‍රපටයට Chris Pratt, Bryce Dallas Howard, Laura Dern, Jeff Goldblum, Sam Neill, DeWanda Wise, Mamoudou Athie, BD Wong, සහ Omar Sy ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙලා තියනවා..Laura Dern, Jeff Goldblum සහ Sam Neill ජුරාසික් පාර්ක් ත්‍රිත්වයෙන් පස්සේ මේ චිත්‍රපටියේදී ඔවුන්ගේ භූමිකාවන් නැවත නිරූපණය කරනවා..මේකෙදි තමයි එයාලා 1993 චිත්‍රපටයෙන් පස්සේ පළවෙනි වතාවට එකට ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයක පෙනී සිටින්නේ..

ඉතින් මේකේ රූගත කිරීම් 2020 පෙබරවාරි මාසයේ ආරම්භ වූ නමුත් COVID-19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේදී අත්හිටුවනවා..ඊට පස්සේ ආපහු ජූලි මාසයේදී නැවත රූගත කිරීම් ආරම්භ වූ අතර මාස හතරකට පස්සේ සියලුම රූගත කිරීම් අවසන් වුණා.. රූගත කිරීම් ස්ථාන විදියට කැනඩාව, එංගලන්තයේ පයින්වුඩ් චිත්‍රාගාරය සහ මෝල්ටා රට ඇතුළත් වෙලා තියනවා..

ඉතින් මේක සුපුරුදු විදියටම Universal Picture  විසින් තමයි බෙදා හරිනු ලබන්නේ.. ඒ වගේම මෙක්සිකෝ සිටි වලදී 2022 මැයි 23 දින ප්‍රදර්ශනය කිරීම් ආරම්භ වුණා.. කොහොම හරි මේ චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙලා ඩොලර් මිලියන 839 කට අධික ආදායමක් උපයලා තියනවා වගේම, 2022 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ තුන්වන චිත්‍රපටය බවටත් පත් වුණා.

හරි ඉතින් කතාව ගැන් බැලුවොත්…..

ලොක්වුඩ් වතුයායේ සිදුවීමෙන් සහ Isla Nublar හි මහා විනාශකාරී ගිනිකඳු පිපිරීමෙන් වසර හතරකට පස්සේ වඳවෙලා ගියපු ඩයිනෝසරයන් නිදහසේ පෘථිවියේ සැරිසරනවා..ඒ වගේම මේ අතරෙදි ආක්‍රමණශීලී විශේෂ පාලනය කිරීමේ ගෝලීය ප්‍රයත්න මධ්‍යයේ, Biosyn Genetics ඉතාලියේ ඩොලමයිට් කඳුකරයේ ඩයිනොසෝර සංරක්ෂණ ආයතනයක් ස්ථාපිත කරනවා. එහිදී ඔවුන් ප්‍රවේණි විද්‍යා පර්යේෂණ සිදු කරන්නේ පේන විදිහට පෙරළිකාර ඖෂධ යෙදුම්  සොයමින්..

Claire Dearing, Zia Rodriguez, සහ Franklin Webb  තවමත් Dinosaur Protection Group සමඟ සිටින අතර නීතිවිරෝධී ඩයිනොසෝර අභිජනන ස්ථාන විමර්ශනය කරන අතර Claire ගේ සහකරු වන Owen Grady, අයාලේ යන ඩයිනෝසෝරයන් නැවත ස්ථානගත කිරීමට උදව් කරමින් wrangler ලෙස කටයුතු කරනවා..ක්ලෙයාර් සහ ඕවන්, බෙන්ජමින් ලොක්වුඩ්ගේ ජෛව ජානමය මිනිබිරිය වන 14 හැවිරිදි මෙයිසි ලොක්වුඩ් රහසිගතව ඇති දැඩි කරනවා..ඒත් එක දවසක මේ රහස තවදුරටත් රහසක් විදිහට තියාගන්න මෙයාලට බැරි වෙනවා….එහි ප්‍රතිඵලයක් විදිහට මෙයිසිව පැහැරගැනීමකට ලක්වෙනවා…ඒ කවුද කියලා නම් මං කියන්නෙ නෑ….එතැන ඉදන් තියෙන්නේ ක්ලෙයා යි ඔවනුයි මෙයිසිව හොයාගෙන යන ගමන….

මේ අතරේ තවත් එක් ප්‍රදේශයක විකෘති හා මේ වන විට වඳවී ගිය DNA සහිත පළගැටි උවදුරක් පැතිර යනවා..මේ ගැන හොයන්නෙ සත්ත්ව විද්‍යාඥයකු වන එලී සැට්ලර්….එයාට මතුවෙන පොඩු සැකයක් දිගේ මෙයා මේ ගැන හොයාගෙන යනවා…ඒකට එයාගෙ පරණ යාළුවෙකුත් හවුල් කරගන්නවා….

තැන් දෙකකින් පටන් ගන්න මේ කතාන්දර කොහෙන් කෙළවර වේවිද…මේ දෙකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවාද…ඒ වගේ දේවලට උත්තර දැනගන්න වෙන්නෙ ඉතින් චිත්‍රපටය බැළුවොත් තමයි ඉතින්…😇

[උපසිරැසිය නවතම WEB , .EXTENDED BR පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත..]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /WEB-DL /WEBRip /BRRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

28 comments

  1. නවීන් ජයසිංහ

    ස්තූති සහොදරී!!

  2. Sub ekata thanks imob 4.9 nemei 5.9 i

  3. Thank you so much

  4. thanks sahodhari

  5. thank you sis

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Thank you sub ekata. the sea beast 2022 ekai the last warrior root of evil 2022 . puluwannam me sub dekath ikmanata denna.

  8. Sub ekata thnkz nangi

  9. Thank you sis sub ekt ❤️

  10. ai video eke vena language ekaka subs thiyenne

    • samitha
      Cineru Family Member

      එහෙම තමයි වීඩියෝ කොපි එක ආවේ , HC සබ එක්ක , හරිම එක එන දවසක් නැහැ

  11. Viduranga nikagolla

    Thanks manika

  12. Anushka Udayanga

    Oraginal copyda me ewith thiyenne

  13. Thank you Sis

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update sister….

    Request :

    The Black Phone (2021)

  15. thx sub ekata 🔥🔥🔥🔥🔥

  16. Thank u bro💚

  17. ada balanawa. thx

  18. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  19. Sandamin Harshana
    Cineru Family Member

    Thank you sis Sub ekata 😍😍❤️

  20. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..fcg

  21. Thanks for the sub!!!!!!!!!!

  22. Thanks Extended ekata Sub eka Dunnata.

  23. Thanks 👍👍👍

  24. අපේ රස වින්දනයට ඔබ කළ කැපවීම මහත් ලෙස අගයමි – ස්තුතියි

  25. thnkz brooo sub ekt digatama sub denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login