The title of the page
7.4
94

June (2019) Sinhala Subtitles | පාසල් ප්‍රේමය හිමිවේවිද? | සිංහල උපසිරැසි සමග |

“ජීවිතේ වැඩියෙන්ම සුන්දර කාලේ මොකක්ද කියලා ඇහුවොත්, බොහෝ දෙනෙක් උත්තර දේවි මගේ පාසල් කාලය නැත්තම් තරුණ කාලය කියලා. ඉතින් මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ  කතාවක්….”

“ජූන්” සුන්දර කේරලයේ තවත් එක් අපූරු මලයාලම් සලරුවක් කියලා කියන්න පුලුවන්. ගූගල් පරිශීලක මනාප 94%ක් වගේම IMDb අගය 7.5/10 ක් සටහන් කරන්න සමත් වෙච්ච මේ සලරුව තිරගත වෙන්නේ 2019 පෙබරවාරි 15 වෙනිදා…චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ  Ahammed Khabeer විසින්. ආරංචි විදියට මෙයාගේ පළවෙනි චිත්‍රපටයලු… චිත්‍රපටය බැලුවම නම් මෙයා හොඳ ගමනක් යන අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්න පුලුවන්..මොකද චිත්‍රපටයේ දෙබස්,සංගීතය,සින්දු ටික මෙකී නොකී හැම දෙයක්ම නියමෙටම තියෙනවා….

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඒ කියන්නේ “ජූන්” කියන කියන චරිතය නිරූපණය කරන්නේ Rajisha Vijayan විසින් ඒවගේම කලින් නොදැකපු අලුත් වගේම දක්ෂ නලු නිලියන් රැසක්ම මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්…ඒ වගේම පාසල් කාලය කෙළිලොල්ව ගතකරන  ළමුන් පිරිසක්, ඔවුන්ගේ ජීවිත කොයිවගේද? ඔවුන්ගේ සිතුවිලි මොනවගේද කියලා බොහොම ලස්සනට චිත්‍රපටය තුලින් නිරූපණය කරලා තියෙනවා….

කතාව ගැන කිව්වොත්,

මේ ජූන් කියන හිරිමල් වියේ ඉන්න පුංචි කෙල්ල 11 වසරෙදි අලුත් පාසලකට ඇතුල්වෙනවා…පළවෙනි දවසෙම ජූන් එයාට ගැළපෙන කෙනාව හොයාගන්නවා….කොහොම වුණත් කාලයක් යනකොට මේ සම්බන්දේ ජූන්ගේ ගෙදරින් දැනගන්නවා..ඒවගේම මෙයාලට දැඩි ලෙස විරුද්ධ වෙනවා…හැබැයි ජූන්ගේ හිතේ කොනක ඒ ආදරය යටපත් වෙලා තියෙනවා…කොහොමින් කොහොමහරි ජූන් තමන්ගේ ඉගෙනීම අවසන් කරලා රස්සාවක් කරන්න බොම්බේ යනවා…හැබැයි එයා ඇත්තටම බොම්බේ යන්නේ නොයෙල්ව හොයාගෙන…ඊට පස්සේ ජූන්ට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා…කොහොම වුණත් නොයෙල් එක්ක ඇතිවෙන ප්‍රශ්නයක් නිසා, ජූන් ආයෙ ගමට යනවා…ඊට පස්සේ ජූන්ගෙ අම්මයි තාත්තයි ජූන්ට වෙන විවාහ යෝජනාවක් ගේනවා..ඉතින් මේ විවාහ යෝජනාව ජූන් පිළිගනීවිද? නැත්තම් ජූන්ට එයාගේ “පාසල් ප්‍රේමය හිමිවේවිද?” කියලා ඔයාලම බලන්නකෝ…ඉතින් මෙතනින් එහාට නම් මුකුත් කියන්න යන්නෙ නෑ… ඉතිරි ටික ඔයාලට බාරයි…

ඉතින් යාලුවනේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම. වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න පුළුවන්… චිත්‍රපටය රසවිඳින ගමන් වැරැද්දක්, අඩුපාඩුවක් දැක්කොත් පෙන්නලා දෙන්නත් අමතක
කරන්න එපා…

තවත් උපසිරැසියකින් හමුවෙමු!….

උපසිරැසිකරණය කියාදුන් සහ සහය දුන් සැමට ස්තූතියි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

8 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Pasindu Jayashan
    Cineru Family Member

    💖💖💕

  3. Peter Barthelot
    Cineru Family Member

    Pasindu කියන්න වචන නෑ. සුපිරියටම සබ් එක කරල තියෙනවා. හිතට ගොඩාක් දැනුනා. ජිවිතේ බලපු තවත් හොදම ෆිලුමකට දැනෙන සබක් දුන්නට ස්තූතියි ❤ ❤ ❤ ❤ 😁

  4. Pasindu Jayashan
    Cineru Family Member

    Ela 💖

  5. Sub eka supiri machan.. තව දෙයක් කියන්නම්… ෆිල්ම් එක ගන්න දෙන සයිට් එකෙ ලින්ක් එකත් එක්ක ඇඩ් කරපන් මචන්… 🖤

    • Peter Barthelot
      Cineru Family Member

      ලින්ක් සයිට් මේකට ඇඩ් කලාම මේ සයිට් එකට නීතිමය ප්‍රශ්න ආවොත් සයිට් එක වහනවා. ඒකයි වෙනම සයියට් එකක් ලින්ක් එකට තියෙන්නේ.

  6. Stand Up movie ekath danna

  7. hi. mata meke film eke link ek ganne kohenda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login