The title of the page

Juliet Lover of Idiot (2017) Sinhala Subtitles | ආදරය අභිබවා ගිය මව් සෙනෙහස | සිංහල උපසිරැසි සමග |

පොඩි කාලෙ ඉදන්ම අපි අම්මට,තාත්තට ගොඩක් ආදරය කරනවා..එයාලත් අපිට එහෙමයි..අපේ අනාගතේ කොහොම වෙන්න ඕනිද කියලා එයාල කලිම්ම සැලසුම් කරනවා..නමුත් මේ සියල්ල එක ක්ෂණයකින් වෙනස් වෙන්න පුලුවන්..ඒ අපේ ජීවිතවල ඉරණම කොහොම විසදෙන්න තියනවද කියලා අපිවත් නොදන්න නිසා.

ඉතින් කාලයත් එක්කම අපි හැදී වැඩුනම අපේ ජීවිත වලට අලුත් අලුත් අය එකතු වෙනවා..ආදරයක පැටලෙන එක තමා ඉතින් ගොඩක්ම.කොහොමහරි තමන්ගේ පණට සමාන කරන් ඉන්න ආදරය ද?…නැත්නම් මව්පිය සෙනෙහසද..? මේ දෙකෙන් එකක් තෝරගන්න වුනොත් ඔබට….!

මං දන්නවා අනිවාරෙන්ම වැඩි දෙනෙක් තෝරගන්නේ තමන්ගෙ මව්පියන්ව කියල..ඒත් සමාජය කොතරම් අසාධාරණයි ද ? සල්ලි නැත්නම් මොකුත් කරන්න බෑ..තමන් බොහොම අමාරුවෙන් ලබාගත්ත ගොඩක් ආසකරන හැමදේම සල්ලි වෙනුවෙන් අතාරින්න වෙනවා..මේ සමාජ රටාව මෙහෙම විය යුතුද ?

මේ සියල්ල හරි අපූරුවට පෙලගස්වපු තෙලිඟු සිනමාවේ තවත් ලස්සන ආදර කතාවකට එහෙනම් අද උපසිරස අරගෙන ආවා..

Julait lover of idiot ලෙසින් තෙලිඟු සිනමාවට එක්වුනු මේ සලරුව Drama/Romance කාණ්ඩයෙන් පැමිණ..IMDB දර්ශකය තුල 6.5 ක අගයකුත්, 86%Google පරිශීලකයන්ගේ මනාපයටත් ලක් වුනා..2017 දෙසැම්බර් 15 දින තිරගතවීම ආරම්භ කල Ajay Vodhirala ගේ අධ්‍යක්ෂණයක්.

ඒ වගේම තෙලිඟු සිනමාවේ අපි හොඳින් දන්න දෙන්නෙක් තමයි මේ සලරුවේ ප්‍රධාන චරිතයට දායක වෙන්නේ..සාමාන්‍යයෙන් වැඩියක්ම දුෂ්ටයාගේ චරිතයට රඟපාන Devadas (2018),Aravinda Sametha Veera Ragawa (2018) ආදී චිත්‍රපටවල රංගනයෙන් එක් වුනු Naveen Chandra ප්‍රධාන නලුවා ලෙස එක් වන අතර Gentlemen (2016), Ninnu kori (2017) හි රංගනයෙන් එක් වුනු හුරුබුහුටි ,සුරූපිනිය Niveda Thomas ප්‍රධාන නිලිය ලෙසින් එක් වනවා..මීට අමතරව විකට නලු Ali ඇතුලු තවත් තෙලිඟු සිනමාවේ නිතර දකින නලු නිලියන් පිරිසක්ම මෙහෙ රංගනයෙන් එක් වනවා.

ඉතින් මං පොඩ්ඩක් කතාව ගැන මතක් කරන්නම්..”වරා” අපේ කතාවේ නායකයා..පොඩි කාලෙ අම්ම,තාත්තා එක්ක හරි ලස්සනට කාලය ගත කලත්.. දවසක් මෙයාල යන කාර් එක අනතුරට පත් වෙනවා..ඉතින් ඒ සිදුවීමෙන් අවුරුදු 15කට පස්සේ තමයි අපිව ඊගාවට චිත්‍රපටයෙන් යොමු කරන්නේ..ඉතින් එතකොට වරා ලොකු වෙලා, එයා කාර් පාකින් එකක ඩ්‍රයිවර් කෙනෙක් විදියට වැඩ කරනවා..ඉතින් මෙයා අවුරුද්දක් තිස්සේ “ජූලි” කියන ගෑනු ලමය පස්සෙන් යනවා කැමැත්ත අහගෙන..ඒත් ජූලි නෙමෙයි වචනෙ දෙන්නේ..හැබැයි අකමැත්තක් පෙන්නන්නෙත් නෑ.

ඉතින් ඔන්නඔය විදියට කතාව පටන් අරන් කතාවෙ ඉදිරිය මොන වගේ වෙයිද ?..මෙයට ජූලිව  සෙට් වෙයිද ?..එදා අනතුරින් ඇත්තටම මොකද වුනේ.? එතකොට මං මේ ලිපියෙ ආරම්භයේ සඳහන් කරපු දේවල් කොහොමද මේ කතාවට ගැලපෙන්නේ…

දහසකුත් ප්‍රශ්න ඔබට ඉතුරු කරල මං යන්නම්..ඒ මේ තෙලිඟු සලරුවත් මගනොහැර බලන්න කියන ඉල්ලීමත් එක්ක..

මේ සලරුවෙදි හම්බවුනු ලස්සන ගීත කිහිපයකටත් උපසිරැසි ගැන්වීම කලා..තව තවත් ඔයාල වෙනුවෙන් මේ වගේ උපසිරස අරන් එන්න අපිට ශක්තියක් වෙන්න ඔබගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදියට එකතු කරන්න කියලත් ආදරයෙන් ඉල්ලා සිටිනවා..

නැවත උපසිරසකින් හමුවනතුරු ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. නියමයි ඔන්න download කර 🤜🤛💪💪💪💪💪💪

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. බෝහෝම ස්තුතියි සහෝදරයා සබ් එකට
    😘😘😘

  4. Godaaak pin ,,,,oyata,,,puluwannam malayalam movies subtitles denna malli

  5. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    බොහොම ස්තුතියි හැමෝටම..මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙන්න උත්සාහ කරන්නම් අක්කේ 😍😍😍👍👍👍

  6. thnkzzzzzzzzzzzzzzzzzz mchn

  7. thnkzzzzzzzzzzzzzz mchn

  8. Thanks for sub bro…(thikka 2016) movie ekata sub dennako please…..

  9. Malith Sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  10. Review පට්ට keep it up…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login