The title of the page

Joker (2019) Sinhala Subtitles| විහිළුවෙන් ඉදිරියට | සිංහල උපසිරැසි සමග |

ජෝකර්, අධ්යක්ෂක වරු Todd Phillips , Scott Silver written සහා Joaquin Phoenix රංගනයෙන් නිර්මාණය වුන අතිදැවැන්ත චිත්රපටයක් තමයි ජෝකර්. තවත් කෙටියෙන් කිව්වොත්, DC FLIMS වලින් නිර්මාණය වුන අතිදැවැන්ත චිත්රපටයක්.

කියන්න වචන නෑ ඉතින්, ඒ තරම් සුපිරිම චිත්රපටයක්. 

Todd Phillips කවුද කියලා හැමෝම දන්නවා ඇති, ඔය Hangover චිත්රපටය අධ්යක්ෂණය කරපු අධ්යක්ෂක වරු තමයි Todd Phillips. ඇත්තටම කිව්වොත් Todd Phillips ද මේ චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඔහු දැනට චිත්රපටි 10ක් විතර අධ්යක්ෂණය කරලා තියෙනවා. හැබැයි දැන් ඉතින් Todd Phillips කියන නම ආවොත්, හැමෝම කියන එකම දේ, ජෝකර් වගේ සුපිරි චිත්රපටයක් නිර්මාණය කරපු සුපිරි අධ්යක්ෂක වරයෙක්. 👏. චිත්රපටි 10කට දෙන්න ඕන ඒ උත්සාහය, කැපකිරීම, මේ එක චිත්රපටයකට Todd Phillips දීලා තියෙනවා.

මේ චිත්රපටය බලනකොට මට දැනුන දෙයක් තමයි, Heath Ledger, Bat Man Dark knight එකේ ජෝකර් චරිතයට රංගනයෙන් දායක වුන Australian නළුවෙක්. ඒ ජෝකර් ඇවිල්ලා ගොඩක් භයානකයි 🥶, ගෞතම් නගරයට ආවා වගේ, ඇත්තටම නගරයකට ඒ වගේ ජෝකර් කෙනෙක් ආවොත් මොනා වෙයිද කියලා හිතන තරමට, ඒ චරිතය Dark knight එකෙන් පෙන්නුම් කරලා තිබ්බා. ඒ ජෝකර් චරිතය බලලා ගොඩක් දෙනෙක් භය වුනා, ඒකට හේතුව Heath Ledger ගේ රංගනයේ පවර් එක. ඔහු ජෝකර් චරිතයත් එක්කම ජීවත් වුනා, එකෙන් ඔහුට මිදෙන්නත් බැරි වුනා. ඒ තරම් සැබෑ රංගනයක් ඔහුගේ. දක්ෂ නළුවෙක් හැබැයි දැන් ජීවතුන් අතර නෑ.

මට හිතුන විදිහට, Heath Ledger ගේ, ඒ රංගනයට ගෞරවයක් ලබා දෙන විදිහට තමයි, Joaquin Phoenix මේ ජෝකර් 2019 චිත්රපටයේ ප්රධාන චරිතයට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.

ජෝකර් 2019 චිත්රපටයේ story line එක පැත්තෙන් බැලුවොත්. ආර්ට් කියන්නේ මොකක්ද?, ඒ කියන්නේ මේ චිත්රපටයේ ජෝකර් ගේ සැබෑ නම ආර්තර්, මේ චිත්රපටයේ ගොඩක් තැන් වල ඒ නම කෙටි කරලා, ආර්ට් කියලා තමයි කතා කරන්නේ. ඔහු ඇවිල්ලා සමාජයෙන් කොන් වුන පුද්ගලයෙක්. සමාජයන් ගොඩක් බලපෑම් එල්ල වෙනවා ඔහුට, ඒ වගේම ඔහු මානසිකත්වයකට වැටුන පුද්ගලයෙක්. ඒ අතර ඔහුට සිස්ටම් (රජයෙන්) එකෙනුත් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ මොහොතේදී ඔහුගේ මයින්ඩ් එක අප්සට් වෙලා, ඔහු වෙනත් දිශාවකට හැරී යනවා. ඊට පස්සේ ඔහුගේ ජීවිතයට මොනාද වෙන්නේ, ඊට කලින් මොනාද වුනේ,? මේ චිත්රපටයේ story line එක මේක තමයි.

ඇත්තටම කිව්වොත් ඔයාටම මේ චිත්රපටයේ story line එක ගැන දන්නවා, ජෝකර් කියන චරිතය, ඔයා Dark knight එකේ හොදට නෝට් කරලා තිබ්බ නම්. ඔහු ඒ චිත්රපටයේ ඒ ගැන සදහන් කරනවා, මම මේ සමාජය නිසා තමයි, මේ විදිහට දරුණු වුනේ, මේ සිස්ටම් එක නිසා තමයි මම දරුණු දිශාවකට හැරී ගියේ කියලා.

ඒ දේ ජෝකර් 2019 චිත්රපටයේ විශුවල් එකක් විදිහට පෙන්නුම් කරනකොට, 👌, ටික ටික screenplay එකේ ලෙවල් එක විශුවල් එකෙන් වැඩි වෙනවාට වඩා,Joaquin Phoenix ඒ රංගනයෙන් අපේ රසාස්වාදය ඉහලටම ගෙනියනවා. 😘.

අපිට කේන්ති ගියොත් ඒ මොහොතේදී ඒ කේන්තිය නිවා ගන්න, අපි මොනා වුනත් කරනවා, ගෙදර තියෙන බඩුවක් අරගෙන පොලොවේ ගහානවා, නැත්නම් වෙන කෙනෙක් ට කෑ ගහනවා. ඒ වගේ මොනවහරි දෙයක් කරලා අපේ කේන්තිය නිවා ගන්නවා. ආර්ට් ට වෙනවා වගේ, ඇත්තටම සමාජයේ ඉන්න කෙනෙක් ට, ඒ වගේ දෙයක් වුනොත්, ඔහු ඒ මොහොතේදී ම මොනා කරයිද කියලා, ඔහුටම දන්නෙ නෑ. ඇයි කිව්වොත් ආර්ට් ඒ තරම් අපහාස වලට මූණ දෙනවා, ලැජ්ජාවට පත් වෙනවා. හැබැයි ඒ වගේ අපහාස වලට මූණ දුන්නත්, ඔහු එක සැරේ දුෂ්ට චරිතයකට මාරු වෙන්නේ නෑ, ටික ටික ටික ඔහු Negative role එක පැත්තට හැරි යනවා,

අන්න එතන තමයි Joaquin Phoenix ගේ රංගන හැකියාව පෙන්නුම් වෙන්නේ. ඔහුගේ රංගන හැකියාව පුදුමාකාරයි , ඔහු ගේ Negative role එක පෙන්නුම් කරන්න ,ඔහු පෙන්නුම් කරපු face reaction, body language , ඒ transformation එක, ඇත්තටම හිතා ගන්න බැරි රංගනයක්, ඒ රංගනය බලනකොටම පොඩි භයක් දැනෙනවා. ඒ තරම් අංගසම්පූර්ණ රංගනයක්.👌.

ඔහුගේ ඒ රංගනය බලනකොට මට පොඩි බයකුත් දැනුනා, Heath Ledger වගේ, ඔහුත් මේ ජෝකර් චරිතයට ඇබ්බැහි වෙලා ඔහුගේ ජීවිතය නැති කරගයි ද කියලා. ඇයි කිව්වොත් ඒ තරම් ඩීප් රංගනයක් ඔහුගේ. ඔහුගේ ඒ රංගනය කොයි තරම් දුරකට ගිල්ලා තියෙනවා ද කියලා කිව්වොත්. 👇

මේ චිත්රපටය ලංකා තරුණයන් ගේ හදවත කොයි විදිහට ටච් කරයිද කියලා කියන්න බෑ. හැබැයි US රජයෙන් පොඩි දැනුම් දීමක් කරලා තියෙනවා. එයාලගේ රටේ තරුණයන්ට අනිවාර්යෙන් ම Joaquin Phoenix ගේ ඒ රංගනයෙන් ලොකු බලපෑමක් එල්ල වෙයි කියලා. ඒ කියන්නේ, ඒ මානසිකත්වය කිසිම අඩුවක් නැතුව එයාලගේ රටේ ඉන්න තරුණයන්ගේ හදවතට transfer වෙයි, ඒ බලපෑම කොච්චරද කියලා කිව්වොත්, හැම තරුණයෙක්ම මම තමයි ජෝකර්, මම තමයි ජෝකර් කියලා පිස්සෙක් බවට පත් වෙයි කියලා තමයි US එකෙන් කියලා තියෙන්නේ,. ඒ නිසා ම IT chapter 2 චිත්රපටය වඩා ලොකු security එකක් ජෝකර් 2019 චිත්රපටය දීලා තියෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත්.

• චිත්රපටය බලන්න ඇවිත්, ජෝකර් වගේ අනිත් අයට කරදර කරන අයව පාලනය කරන්න, පොලිස් ටීම් එකක්.

• ජෝකර් වගේ costume ඇදගෙන එන අයව Band කරන්න, වෙනම පොලිස් ටීම් එකක්.

• තියටර් එක ඇතුලේ ජෝකර් ගේ සීන් යනකොට, ඒ සීන්ස් බලන තරුණයන්ට මොනවහරි බලපෑමක් සිදු වෙනවා ද කියලා බලන්න, තියටර් එක ඇතුලේ පොලිස් ටීම් එකක් දාලා තියෙනවා.

අවුරුදු 18 පහළ අයට මේ චිත්රපටය නැරඹීමට තහනම් කරලා තියෙනවා. ඒ වගේම තියටර් එක ඇතුලට යන්න කලින්, තමන්ගේ ID එක පොලිස් නිලධාරියෙක් ට පෙන්නුම් කරන්න ඕනේ.

මේ විදිහට full security එකක් දාලා තමයි, US එකේ මේ චිත්රපටය තිරගත කරන්නේ.

රසාස්වාදය පැත්තෙන් මේ චිත්රපටය බැලුවොත්, උඩ හරියේ කිව්වා වගේ, අපේ රසාස්වාදය ඉහලටම ගෙනියන්න පුළුවන් චිත්රපටයක් තමයි ජෝකර්. BGM , cinematography, performance මේ හැම දෙයක්ම උපරිම ඉහලින් තියෙනවා. ඊටත් වඩා ජෝකර් ගේ transforme එක , ජෝකර් ගේ නම කියවෙන තැන ලං වෙනකොට. ඒ මොහොතේදී අපිට දැනෙන ඒ හැගීම 👌👌. කියන්න වචන නෑ 😐.

ඒ වගේම තමයි ජෝකර් කියන ඒ Dialogues. ඒ හැම වචනයක්ම හානකොට අපේ හදවතට අමුතු හැගීමක් දැනෙනවා. පොඩි සීන් එකක දී ජෝකර් පොඩි Dialogue එකක් කියනවා, 👇

[සල්ලි කාරයෙක් ගේ පුතෙක් මැරුනොත් දුක් වෙනවා, ඒකම මම මැරිලා පාර අයිනේ වැටිලා හිටියොත්, බලලත් බැලුවේ නෑ වගේ යයි නේද]

ඇත්තටම කිව්වොත් මේක බොරුවක් කියලා කියන්න බෑ. ඒ දේ තමයි ඇත්ත, අද කාලේ දුප්පත් පොහොසත් අතර තියෙන ඒ භේදය , Dialogue, face reaction, body language මේ තුනම එකතු කරලා එක සීන් එකකින් පෙන්නුම් කරලා තියෙනවා. ඒ දේ තමයි මේ චිත්රපටයේ Negative and positive.මේ චිත්රපටයෙන් කියවෙන Dialogues පුද්ගලයෙකුගේ මනසට ඇතුල් වෙලා, මේ දේ ඇත්ත තමයි, මේ දේට මම මොනාද කරන්න ඕනේ, අන්න ඒ වගේ හිතන මට්ටමකට ගෙන යනවා. පොහොසත් තරුණයකු ගේ හදවතට මේ බලපෑම නොවුනත්.,සාමාන්ය පවුලක උපන් තරුණයෙක්ට මේ චිත්රපටයෙන් කියවෙන Dialogues ලොකු බලපෑමක් එල්ල කරනවා.

ඒ දේ විතරයි මේ චිත්රපටයේ තියෙන Negative පැත්ත, හැබැයි ඒ දේම මේ චිත්රපටයට positive වෙනවා, ඒ කියන්නේ චිත්රපටය කෙරෙහි තියෙන ආදරය වැඩි වෙනවා, සිනමා රසිකයෙක් විදිහට කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැති චිත්රපටයක් බවට ජෝකර් චිත්රපටය පත් වෙනවා. .

Joaquin Phoenix

මොහු ඇත්තටම Phoenix කෙනෙක් තමයි, මම දන්න තරමට මොහු දැන් ඉතින් කවුරුත් අල්ලන්න බැරි තැනකට ඉගිලිලා යයි වගේ 😂. හැමෝටම දන්න දෙයක් තමයි Bat Man New Version Trilogy එකක් DC Flims නිර්මාණය කරන ගමන් ඉන්නේ. දැන් මේ ජෝකර් චිත්රපටයට ජනතාවගෙන් approve එකක් ලැබුනේ නැත්තම්, අනාගතයේදී එන Bat Man චිත්රපටයට කිසිම තේරුමක් නැති වෙලා යනවා. ඒ වගේම ජෝකර් චිත්රපටයට ජනතාවගෙන් හොද approve එකක් ලැබිලා ත් ඉවරයි. Heath Ledger ට ලැබුන publish එකට වඩා තුන් ගුණයක් ඉහලින් Joaquin Phoenix ට හොද publish එකක් ලැබිලා තියෙන්නේ. ඒ දේ තමයි මේ චිත්රපටයට ලැබුණු පලවෙනි ජයග්රහණය💪.

Writers:

Todd Phillips සහා Scott Silver ගැන කියන්නම ඕනේ. පොඩි සීන් එකක් බලනකොට අපිට දැනෙනවා මේ විදිහට තමයි මේ සීන් එක ඉවර වෙන්නේ කියලා.
ඕනෑම සීන් එකක් කෙනෙක් ට පටලැවිල්ලක් නැති විදිහට පටන් අරන්, ඒ සීන් එක ඉවර කරනකොට, [මොන මගුලක් ද බන ඕක,තාමත් මේ වගේ writers මේ ලෝකෙ ඉන්නවා ද] කියලා හිතන තරමට අපිව confuse කරනවා 🤯. ඒ අතර Bruce Wayne කවුද ? එයාගේ දෙමව්පියන් කොයි ඉදන්ද ආවේ? එයාගේ දෙමව්පියන්ටයි ජෝකර් ටයි මොනවහරි සම්බන්ධයක් තියෙනවාද?

ඇත්තටම කිව්වොත් Todd Phillips සහා Scott Silver
එක සීන් එකක් නිර්මාණය කරන්න කෝමත් පැය දෙකක් විතර මහන්සි වෙන්න ඇති😂. ඕන කරන කෑම බීම හැම දෙයක්ම ලග තියාගෙන, කාත් කවුරුවත් නැති නිදාහාස් තැනකට ගිහින්, මේ දේ මේ විදිහට තමයි පටන් ගන්න ඕනේ, මේ විදිහට තමයි ඉවර වෙන්න ඕනේ කියලා, තමනගේ මවා ගැනීමේ හැකියාව 100%ක් සම්පූර්ණයෙන්ම ප්රයෝජනයට අරගෙන කැටයම් කපනවා වගේ සීන්ස් නිර්මාණය කරලා තියෙනවා. 👌.

තාමත් මේ ලෝකෙ හොද writers ඉන්නවා, එක writer කෙනෙක් හිතුවොත්, එක චිත්රපටයකට ලොකු ජයග්රහණයක් ලබා දෙන්න පුළුවන් කියන දේට ලොකුම උදාහරණයක් තමයි ජෝකර් චිත්රපටය.

සුපිරිම චිත්රපටයක් අනිවාර්යෙන් ම තියටර් ගිල්ලා බලන්න. ඒ වගේම තමයි මේක චිත්රපටයක් විතරයි, writers ලා දෙන්නෙක් ගේ පොඩි මවා ගැනීමක් විතරයි. ඒ විදිහට හිතාගෙන මේ චිත්රපටය නරඹන්න. ඒම නැතුව වැරදි විදිහට තේරුම් අරන්, වැරදි දේ විතරක් ඔලුවට දා ගන්න උත්සාහ කරන්න එපා. 18 පහළ ළමයින් මේ චිත්රපටය බලන්න යන්නත් එපා

ලිපියේ අයිතිය Mʌʀsʜʌɭ Jʌŋsz සහෝදරයා සතුය

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

18 comments

  1. බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. BROTHERS DAY MALAYALAM movie 1 ta sub dynko bn..

  4. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  5. Link 1ka ona jokar 1ke

  6. සුපිරි

  7. ෆට්ට සබට ගොඩක් ස්තූතියි සහෝ..😍😘

  8. Ammo bn lipiyama patta. Sub eka gana katha karanna deyak ne pattama thamai thanks saho

  9. Tharindu chathuranga

    Thankzzz aiye sub walata…

  10. බොහොම ස්තුතියි WEB copyයට සබ් එක update කරාට 😊👍.. Bluray ආවමත් සබ් එකට update එකක් දෙන්න..
    ජය වේවා.! 👊

  11. Hasitha Madhushanka

    ගොඩක්ම ස්තූතියි. …

  12. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බොහොමත් ම ස්තූතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login