The title of the page
4.9

Johny Johny Yes Appa (2018) Sinhala Subtitles|ජොනී කියන්නේ රත්තරන් පුතෙක්|සිංහල උපසිරැසි සමග|

පීටර්, ජොනී සහ පිලිප් කියන්නේ කාරියාන් මාස්ටර්ගෙත් ග්‍රේසි නෝනගෙත් පුතාලා තුන්දෙනා. පීටර් වැඩිමලා, පිලිප් බාලයා; අපේ කතා නායකයා වන ජොනී මද්දුමයා. හැමෝම මිනිහට හරිම ආදරෙයි. හැමෝම ජොනීගේ හොඳ තමයි කියන්නේ. ජොනී කියන්නේ හරියට නිකන් හුළං වැදිලා නැති විස්කෝතු පෙට්ටියක් වගේ ඉන්න මනුස්සයෙක්! තමන්ගේ අහින්සක හිනාවෙනුයි හොඳ ගතිගුණ වලිනුයි ජොනී තමන්ගේ තාත්තගේ ඉඳලා පල්ලියේ ස්වාමි වෙනකන් මුලු ගමක්ම වසඟ කරගන්න සමත් වෙනවා; හැබැයි එක්කෙකෙක් ඇර….

                            ඒ කෙනා තමයි ජොනී ආදරේ කරන ගෑණු ළමයගේ තාත්තා!!
Johny Johny Yes Appa (2018) poster

බොහොම සුමටව ගලාගෙන ගියපු ජොනීගේ ජීවිතේ එක රැයකින් උඩු යටිකුරු වෙනවා. ඒ වෙනස ඔහු කොහොම දරාගනීවිද?


2018 වසරේ තිරගත වුනු Johny Johny Yes Appa චිත්‍රපටය G. Marthandan මහත්තයගේ අධ්‍යක්ෂනයක්. පළවෙනි දින තුනේදි කෝටි තුනකට අධික ආදායමක් උපයාගැනීමට සමත්වෙලා තියනවා. ලංකාවේ වැඩිය උත්කර්ශයට නැගෙන්නේ නැති මලයාලම් නලුවෙක් වන Kunchacko Boban විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඔහු කේරළයෙත් වැඩිපුරම ප්‍රසිද්ධ පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපට වල රඟපාන නලුවෙක් විදියටයි. ඔහුට අමතරව අනූ සිතාරා, මම්තා මෝහන්දාස්, ලීනා, විජයරාඝවන් සහ විස්වාසම් චිත්‍රපටයේ අජිත්ගේ දුව විදියට රඟපාපු අනිඛා ඇතුලු දක්ශ පිරිසක් රංගනයෙන් දායක වෙලා තියනවා.

සහෝදරයෝ කියන්නේ වෙලාවකට මරාගත්තත් එක්කෙනෙකුට හරි ප්‍රශ්නයක් ආවොත් අර ඔක්කොම අමතක කරලා එකට එකතු වෙන පිරිසකට. වතුරට වඩා ලේ ගනකමයි කියන්නේ ඒකනේ. සිද්ධි ගොඩක එකතුවක් වුනාට ඒ සිද්ධි අතරේ හොඳ ගැලපීමක් තියනවා. සංගීත නිර්මානයත් හොඳටම හොඳයි. ලස්සන ගීත දෙකක් තුනක් තියනවා, ගීත වලින් කතාව ඉස්සරහට ගෙනියලා තියන නිසා සිංදු ෆෝවර්ඩ් කරලා බැලුවොත් නම් පොඩ්ඩක් පැටලිලි සහගත වෙන්න පුලුවන්. පළමු අර්ධයේ ච්ත්‍රපටයේ ගලාගෙන යෑම දෙවන අර්ධයේදී සම්පූර්ණයෙන්ම වෙනස් කරල තියන නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් සහෝදර ප්‍රේමයත් දෙමාපිය සෙනෙහසත් ගැන කියවෙන අපූරු චිත්‍රපටයක් තමයි  Johny Johny Yes Appa (2018) කියන්නේ.

♠……විශේෂ ස්තූතියක් කළ යුතු පිරිසක් ඉන්නවා……♦

ඉස්සර වෙලාම පීටර් බාත්ලට් අයියව ඉතාම ගෞරවගෙන් මතක් කරනවා; ‘ඕන තරම් කාලයක් අරගෙන හරියට වැඩේ කරන්න’ කියලා අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් ඔහුට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සචිත්, මදුශාන්, පසිඳු,  අසංක, මාෂල් ඇතුලු ටීවී සීරිස් ඇන්ඩ් මූවි කණ්ඩායමේ සියලුම සහෝදරයින්ටත් නෙත්මි නංගිටත් ස්තූතිවන්ත වෙනවා.

පොඩි පොඩි වැරදි අඩුපාඩු ඇති. වැරදීම මිනිස් ගතියක් සමාවදීම දේවගතියක් නිසා ඒ සියල්ලටම සමාව දීලා අදහස්, විවේචන, යෝජනා, චෝදනා ඔක්කොම කොමෙන්ට් එකක් විදියට සටහන් කරලා යන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.’

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉන්දීවරි හේරත් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉන්දීවරි හේරත්

October 25, 2019


9
Total Subtitles

8 comments

  1. එල එල අක්කේ ,දිග ගමනකට මගෙන් සුබ පැතුම් ,
    Subtitle creater from Tvseriesandmoviesub
    චූටි හිතුවක්කාරයා 💕❤️❤️

  2. Elama tnx digatama malayalam walata demu

  3. උපසිරැසියට ස්තූතියි..දිගටම කරගෙන යමු..

  4. කාලය මහන්සිය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා මේ කරන සේවයට හුගාක් ස්තූති!!
    දිගටම සුපිරි මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න..
    දිග ගමනකට සුබ පැතුම්!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. A.. thx ස්තූතියි ගොඩක්ම මහන්සිය කරගෙන පැතුම්

  7. Thank you nangi,,digatama apita malayalam movies denna,,,,,,

  8. Peter Barthelot
    Cineru Family Member

    ස්තූතියි මලයාලම් රැජිනට , ආඩම්බරයි නයන් සිංහල සබ් කරන එක ගැන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login