The title of the page
7
93

Ambili (2019) Sinhala Subtitles |ගංගාවක් සේ ගලාබසිනු මැන නිරන්තරේ සිනා සිසී| සිංහල උපසිරැසි සමග

2019 අවුරුද්දෙ කලඑළි බැහැපු තවත් එක විශිෂ්ඨ මලයාලම් සිනමා නිර්මාණයක් වෙනුවෙන් තමයි මේ උපසිරැසිය නිර්මාණය වෙලා තියෙන්නෙ.

චිත්‍රපටියේ නම ‘අම්බිලි’. ගප්පි කියන අපූරු මලයාලම් සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරපු Johnpaul George අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂණයෙන් සහ සෞබින් ශාහීර් කියන කුසලතා පරිපූර්ණ රංගධරයාගේ අපූරු රංගනයෙන් අම්බිලි චිත්‍රපටිය හැඩ වෙලා තියනවා.

කතාව ඉතාම කෙටියෙන් කිව්වොත්

අම්බිලි කියන්නෙ කාටවත් කරදරයක් නැති තමන් ජීවත්වෙන ගමේ ඉන්න හැමෝගෙම ආදරය දිනාගත්ත තරුණයෙක්. ගතින් තරුණයෙක් වුනත් අම්බිලි තාමත් හිතින් පොඩි එකෙක්. කොටින්ම ඔහුට ටෙඩි බෙයාර් කෙනෙකුත් ඉන්නවා. කුඩා කොලු රංචුවක් එක්ක බොහොම කෙලිදෙලෙන් ඔහුගේ ජීවිතය ගතවෙනවා. අම්බිලිගේ මේ තියන ළමා හැසිරීම නිසා ඔහු එක්තරා දුරකට නිදහස් මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා. අම්බිලිට ඉන්නවා එයා පොඩි කාලේ මුණ ගැහුන ක්‍රෂ් එකකුත්. වැ⁣ඩේ කියන්නෙ ඒ ගෑණු ළමයත් අම්බිලිට ඇත්තටම ආදරෙයි.
මෙතනින් එහාට කියන්න බෑ. කිව්වොත් ෆිල්ම් එකේ බලන්න දෙයක් නැති වෙනවා. ආදරයත් එක්ක අම්බිලිගේ ජීවිතේ මොන මොන විදියට පෙරළෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.

මේ චිත්‍රපටිය වෙනුවෙන් IMDb දර්ශකයෙන් 7.2 අගයක් ලැබිලා තියනවා. Times of India පුවත්පත 4/5 අගයක්, සිෆී.කොම් වෙබ් අඩවිය 3/5 අගයක් සහ බිහයින්ඩ්වුඩ් වෙබ් අඩවිය මගින් විශ්මයජනක ලෙස 3.2/5 අගයක් ලබා දීලා තියනවා.ඉතාම ඉහළ විචාරක ප්‍රසාදයක් දිනා ගත්ත චිත්‍රපටියක් විදියට අම්බිලි හඳුන්වලා දෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටිය ගැන කතා කරද්දි සෞබින් ශාහීර් ගැන වචනයක් නොකිව්වොත් ඒක ලොකු අඩුවක්. ඒ්ත් ඔහු ගැන කතාව වචනෙකින් නවත්වන්න බැහැ; ඇත්තටම සෞබින් ශාහීර් කියන්නෙ වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. සරලවම කිව්වොත් ඔහු අති දක්ෂ චරිතාංග නළුවෙක්. මෑතකදි ගොඩක් අය අතර ජනප්‍රිය වුනු කුම්බලාන්ගි නයිට්ස් චිත්‍රපටියේ ශාජි ලෙස ඉදිරිපත් කල රංගනයට වඩා හාත්පසින්ම වෙනස් රංගනයක් ඔහු අම්බිලි තුල දිගහරිනවා. තරුණ ගතක් තුළ සිරවුනු ළමා මනසක් ඇති පුද්ගලයෙකුගේ මනෝභාවයත් චරිත ස්වභාවයත් සෞබින් අපූරුවට ප්‍රෙක්ෂකයා ඉදිරියේ සිතුවම් කරනවා. ඔහු අතිවිශිෂ්ඨයි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිවිශිෂ්ඨයි. නළුවෙකුට අත්‍යාවශ්‍ය වෙන්නේ හැඩි දැඩි සිරුරක්, සික්ස් පැක්, මාංශපේෂි පිම්බුන බාහු යුගලයක්, කඩවසම් පෙනුමක් හෝ මුහුණ පුරා වැවුණු රැවුලක් නොව රඟපෑමේ හැකියාවක් බවට ඔහු නැවත නැවතත් තහවුරු කර සිටිනවා. කොහොමත් මලයාලම් සිනමාව තුළ බාහිර ආටෝපයට වඩා ප්‍රමුඛත්වයක් ලැබෙන්නෙ හැකියාවට බව නම් නිසැකයි.ඒ වගේම අනිකුත් චරිත රඟපෑ නළු නිළියනුත් තමන්ගේ කොටස වෙනුවෙන් උපරිමයෙන් දායක වෙලා තියනවා.

අම්බිලි කියන්නෙ හරිම මෘදු විදියට ගලාගෙන යන සිනමා නිර්මාණයක්.

මේ සිංහල උපසිරැසියත් සමග ඔබ චිත්‍රපටිය උපරිමයෙන් රසවිඳිනු ඇතැයි ටීවී සීරිස් ඇන්ඩ් මූවි වෙබ් අඩවියේ අපි අපේක්ෂා කරනවා……ඔබේ අදහස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා කියලා සහෘද ඔබෙන් ඉල්ලා සිටිනවා.

“හසරැළි ගවසා
තුරු මුදුනේ
කල්පනා
තෝතැන්නේ
තරු අහුරක් සේ
රෑ ඇවිළෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

8 comments

  1. Patta ooi..hena kal balan hitapu filumak…aadareiii

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. ඔබට ගොඩක් ස්තූතියි. …

  4. Supirama
    Thans bokka

  5. Godaaak pin,,,thank you,,,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login